Saturday, December 31, 2016

කෘත්‍රීම අග්න්‍යාශයට අනුමැතිය

ඔන්න ලෝ පුරා ඉන්න Type 1 දියවැඩියා රෝගින්ට සුබ ආරංචියක් අරගෙනයි මේ සැරේ ආවේ. ඔයාලාගේ වේදනාකාරි ප්‍රතිකාර වලට තිත තියන ‘‘කෘත්‍රිම  1 අග්න්‍යාශය  ‘‘ FDA අනුමැතිය ලැබිලා තියනවා.





මේ උපකරණය හදුන්වන්නේ Minimed 670G නමිනුයි. මෙය නිපදවලා තියෙන්නේ Medtronic සමාගම විසිනුයි. 



මෙම උපකරණය ප්‍රමාණයෙන් කුඩා ජංගම දුරකතනයක් පමණවනවා. මෙමගින් සැම මිනිත්තු 5 කට වරක්ම ස්වයංක්‍රියව සිරුරට ග්ලුකෝස් මට්ටම පරික්ෂා කෙරෙන අතර, සිරුරට අවශ්‍ය ඉන්සියුලින් හොමෝන ප්‍රමාණය  නිසි මාත්‍රාවකින් යුතුයව ලබාදිම ස්වයංක්‍රියවම සිදුකරනවා. 



මෙම උපකරණයේ අාගමණයත් සමග එතෙක් දියවැඩියා රෝගින් විසින් නිතිපතා සිදුකල වේදනාකාරි රුධිරයේ සිනි පරික්ෂාව සිදුකල යුතු වන්නේ නැ. එමෙන්ම ඉන්සියුලින් එන්නත් කරගැනිම සිදුකල යුතු වන්නේත් නැ.



වයස අවුරුදු 14 වැඩි Type 1 දියවැඩියා රෝගින්ට මෙම උපකරණය භාවිතා කිරිමට අවැසි අනුමැතිය FDA ආයතනය විසින් ලබා දි තිබෙනවා. 2017 වසරේ මුල් කාර්තුවේදි කෘත්‍රිම අග්න්‍යාශය වෙලදපොලට පැමිනෙනු ඇත.

Type 1 දියවැඩියාව රෝගයේදි, අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය කරන බීටා සෛල විනාශ කර දමනු ලබනවා. ඒ හේතුවෙන්, සිරුර තුල ඉන්සියුලින් ශ්‍රාවය අඩපණව, ගැටලුකාරි තත්ත්වයක් ඇතිවෙනවා.

- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

No comments:

Post a Comment