Wednesday, August 16, 2017

ඇල්ලුවත් පිච්චෙන්නැති Induction cooker වල රහස

ගෙදර ඉහුම් පිහුම් වෙලට අලුතෙන් එකතුවුන භාණ්ඩයක් ලෙස  induction cooker / ප්‍රේරිත උඳුන හැදින්විය හැකියි. අඩු වියදමකින් ආහාර පිසගන්න ප්‍රේරිත උදුන උපකාරි වෙනවා.  දැල්ලක් නොමැති විම හා ස්පර්ශ වුවත් නොපිලිස්සෙන නිසා ආරක්ෂාවටත් හොදයි.
බොහෝ දෙනෙක් නොදන්න මෙහි ක්‍රියාකාරිත්වය ගැන සරලව කතා කරන්න හිතුනා.





 induction cooker/ ප්‍රේරිත ලිප, පෙනුමෙන් සුහුරු උපකරණයක්. විවෘත දැල්ලක් පේන්නත් නැ. සෙරමික්/වීදුරු මතුපිට මත බදුන් තබා පහසුවෙන් ආහාර පිසගන්නත් පුලුවන්. ශක්ති පරිභෝජනයද සාපෙක්ෂව අඩුයි. ආරක්ෂිතයි.



සාමාන්‍ය ගෑස් ලිපක උදුන විසින් නිපදවන තාපය මගින් තමයි භාජනය රත්වෙන්නේ. හොට් ප්ලේට් එකකදිත් දඟරයක් රත්වීම මගින් තාපය නිපදවනවා.  induction cooker එකකදි තාපය නිපදවන්නේ, ලිප මගින් නෙවෙයි, එය මත තබන භාජනය මගින්.  එයයි විශේෂත්වය. ලිප මගින් තාපය නිපදවන්න අවශ්‍ය සහය නැතිනම් විදයුත් චුම්බක ක්ෂේත්‍රය සකසා දීමයි කරන්නේ. 

අපි එදිනෙදා වැඩකටයුතු බොහෝමයක් සදහා විද්‍යුත් චුම්බක ශක්තිය බාවිතා කරනවා. අතේ තියන ජංගම දුරකතනය හා එය සම්බන්දිත ගෙදර පුරා විහිදෙන වයිෆයි ජාලය  , කෑම රත්කරගන්න  මයික්‍රෝවේව් උදුන දක්වාම පුළුල් පරාසයක භාවිතා කරනවා. මයික්‍රෝවේව් උදුනේ ක්‍රියාකාරිත්වය හා සබැදි කාරණා ගැන පෙර ලිපි කිහිපයක්ම තියෙනවා. ලිපිය අවසන සබැදියාවන් දක්වා ඇති.

ලිපේ ක්‍රියාකාරිත්වය සරලව කතා කරමු දැන්.
ලිපේ වැදගත් කොටස් දෙකක් තියනවා. 
  1. ලිප තුල ඇති දඟරය
  2. ලිප මත තබන භාජනය

ලිපේ ඇති ලෝහ දඟරය.
 Induction cooker තුල එහි සෙරමික් හෝ වීදුරු මතුපිටට යටින් ලෝහ දඟරයක් තියෙනවා. මේ දඟරය තුලින්  විදුලි ධාරාවක් ගමන්කරද්දි එයින් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. ක්ෂේත්‍රයේ ප්‍රභලතාව හා අනෙකුත් සාධක පරිපථයක් මගින් පාලිතයි. 

ඉතින් ලිපේ මතුපිට රත්වෙන්නේ නැ. කිසිදු දෘෂ්‍යමාන වෙනසක් පෙන්නෙත් නැ. ඇල්ලුවාට තේරෙන්නෙත් නැ.



ලිප මත ලෝහ භාජනයක් තැබුවිට, එය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමට හසුවෙනවා. බදුනේ අඩංගු ලෝහ අයන කම්පනය වී තාපයක් නිපදවනු ලබනවා. එම තාපය ඒකාකාරව බදුන තුල විහිදෙනවා. මෙයින් ආහාරය පිසිමට අවශ්‍ය තාපය ලබාදෙනවා.



රත්වෙන්නේ ලිප මත තැබූ බාජනය පමණක් වන්නේ මේ නිසායි. ලිප මතුපිට උනත් රත්වෙන්නේ නැ. නමුත් සංවහනය හා විකිරණය යන කරුණු හේතුවෙන් තාපය හානිවන නිසා, ලිප වටපිටාවේ උෂ්නත්වය ඉහලයෑම සිදුවිය හැකියි. මෙය සාමාන්‍ය උදුනකදිත් දකින්න පුලුවන් නේ.




ඕනැම භාජනයක් භාවිතයෙන් ආහාර පිසිය හැකිද?
බැ!
ඒ සදහා සුදුසු භාජන තියෙනවා. තනිකරම ඇලුමිනියම් හෝ තඹ වලින් හදපු භාජන යොදගෙන ආහාර පිසින්න බෑ. වීදුරු හෝ මැටි භාජන භාවිතා කරන්නත් බැ. තනි යකඩ (හෝ යකඩ යොදාගෙන සැකසූ) භාජනයි භාවිතා කරන්න පුලුවන්. මොකද යකඩ යොදාගෙන තමයි මේ ආකාරයට තාපය නිපදවාගන්න පුලුවන්. මෙවැනි භාජන වෙළදපොලේ බහුලව හොයාගන්න පුලුවන්. 

ගෙදර තියන භාජනය Induction cooker එකට ගැලපෙනවාද කියලා සරලව හොයාගන්න පුලුවන් සරල ක්‍රමයක් තියනවා.
කාන්දමක් අරගෙන භාජනයේ අඩියට තියලා බලන්න අැලෙනවාද කියලා?
ඇලෙනවානම්  Induction cooker වලට ගැලපෙනවා.

ප්‍රේරිත ලිපක් භාවිතයේ වාසි කවරේද?

  • ශක්තිය ඉතිරි කරනවා. පොකට් එකට වාසියි.
  • ආරක්ෂාව ඉහලය.
  • විවෘත දැල්ලක් නැ.
  • ස්වයංක්‍රිය පාලනයන් සහිතයි.
  • තාපය පහසුවෙන් පාලනය කරන්න පුලුවන්.
  • ඉක්මනින් ආහාර පිසගන්නත් පුලුවන්.
  • සුමට මතුපිටක් තිබිම නිසා පහසුවෙන් පිරිසිදු කරගන්න පුලුවන්.
  • පිරිසුදු කරන්න ලිපේ රස්නේ යනකං ඉන්න ඕනා නැ.

අවාසි කවරේද?
  • ලොකුම අවාසිය ලිපේ මිල වැඩියි. ගිනි ගනන් නොවැ.
  • හැම භාජනයක්ම භාවිතා කරන්න බැ.
  • කන්තුක ගතීකරයන් (pacemakers ) භාවිතා කරන අයට සුලු අවධානමක් තියෙනවා.

ලෝකේ වෙනස් වෙනවා!
අලුත් තාක්ෂණයන් එනවා!
ගෙදර දොරේ වැඩ පහසු කරනවා!

- රොෂීන් ප්‍රනාන්දු
සබැදි ලිපි

තවත් සබැදි ලිපි කියවන්න 
භෞතික විද්‍යාව, කොන්ටම්  භෞතික විද්‍යාව හා නවනිපැයුම් ලේබල වෙත පිවිසෙන්න






4 comments:

  1. නියමයි ස්තූතියි

    ReplyDelete
  2. Interesting...
    ඔක්කොමත් හරි.. ගින්දර අඩු වැඩි කරලා, හැඳිගගා හදන අපේ කෑම උයන්න ගියාම වැඩේ කේස් නේද?

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/Eddy_current

    ReplyDelete
  4. ගිනි ගනන් කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක තනි ලිපක් උනත් රුපියල් 10,000 විතර වෙනවා මම හිතන්නේ. හොඳ ලිපියක්!

    ReplyDelete