Wednesday, August 23, 2017

විශාල දේවල් වලට, ජම්බෝ (jumbo) කියන්නේ ඇයි?

විශාලත්වයෙන් වැඩි යම් දෙයකට, ජම්බෝ යැයි ඇමතිම සාමාන්‍ය ව්‍යවහාරයේදි හදුන්වනවා
ජම්බෝ පීනම්, ජම්බෝ ජෙට්.. වගේ වදන් මිතුරන්ට හුරු ඇති.
නමුත් යාලුවෝ දන්නවාද මේ ‘‘ජම්බෝ‘‘ වදන, ජනවහරට එකතු වුනේ කොහොමද කියලා.






‘‘ජම්බෝ‘‘ (jumbo) නම් වදන අතිතයේ සිටම ජනසමාජය තුල භාවිතා වෙලා තියන සරල නමක්. නමුත් විශාල දේවල් වලට ‘‘ජම්බෝ‘‘ කියලා අමතන්න මිනිස්සු පුරුදු උනේ ඇතෙක් නිසා කියලා ඔයාලා දන්නවාද? 
සමහර වචන පිටිපස්සේ ලොකු කතා තියනවා. මේත් ඒවාගේ කතාවක්. 

ජම්බෝ / jumbo


19 වැනි සියවසේ අගභාගය තුල ලොව සිටි ප්‍රසිද්ධම සතුන් අතරින් එක් සත්ත්වයෙකු බවට අප්‍රිකානු අලියේ වූ ‘‘ජම්බෝ‘‘ පත්ව තිබිනි.  ජම්බෝ උපත ලබුවේ කොහේදැයි කිසිවෙක් නිෂ්චිතව නොදත් නමුත්, 1860 සුඩානයේදි මව් ඇතින්න මරා අල්වාගත් අලිපැටියෙක් බව දනිති. දඩයක්කරුවන් විසින් අලෙවිකරණ ලදුව, පයින් හා යාත්‍රා මගින්  සැතපුම් ගනනක් දුරගෙවා ජම්බෝ ප්‍රංශයේ ප්‍රකට උද්භිත උද්‍යානයක් වන  Jardin des Plantes (garden of plants) වෙත පැමිණේ. 

ප්‍රංශ පැල වත්තේ ගෙවූ දිවිය ජම්බෝට මිහිරි අත්දැකිම් ඉතිරි කලේ නැත. ලන්ඩන් සත්වෝද්‍යානයේ භාරකරුවන් ජම්බෝ වෙත ඇල්මක් පෙන්වූ අතර සත්ව හුවමාරු ක්‍රමයක් යටතේ ලන්ඩනය වෙත ජම්බෝ ගෙන්වාගැනිමට සමත් විය.

ලන්ඩන් සත්වෝද්‍යානයට භාර වූ අලිපැටියා, එහි භාරකරුවන්ගේ නොමද සත්කාරයෙන් පෝෂිතව දැවැන්ත හස්තියකු බවට පත්විය. අඩි දහයකට වඩා උසින් හා බර ටොන් 6 ක්මවූ ජම්බෝ, එවකට සිටි විශාලතම හස්තීන් අතර සිටි බව විවාදයක් නොවේ. ලන්ඩන් සත්වෝද්‍යානයේ ජනප්‍රිය චරිතයක් බවට පත්විය.



ජම්බෝ ගේ ප්‍රමාණය හා  මෘදු හැසිරිම දුටු ඇමරිකාවේ ධනපතියකු වූ පි.ටි.බානුම් හට තමන්ගේ සර්කස් කණ්ඩායමට ජම්බෝ එක්කරගැනිමට අවශ්‍ය විය. මේ සදහා වන මූලික සාකච්ඡා ලන්ඩන් සත්වෝද්‍යානය සමග ආරම්භ කලේය. කරුණු ගණනාවක් සලකා බැලිමෙන් අනතුරුව ලන්ඩන් සත්වෝද්‍යානය විසින් බානුම් හට පවුම් 2000 කට පමණ මුදලකට ජම්බෝ අලෙවි කලේය.


මේ අතරතුර ජම්බෝ විකිණිම පිලිබදව  දැඩි ජනතා විරෝධයක් මතුවිය. ජම්බෝ විකිණිමට එදිරිව එවකට කිරිටය හෙබවූ වික්ටොරියා රැජින වෙත පෙත්සම් යැවිමක්ද සිදුවිය. ලන්ඩන් වැසියන් ජම්බෝ හට කොතරම් ප්‍රිය කලාදැයි මෙයින් පෙනියයි. නිතිය හමුවේද විකිණිම අභියෝගයට ලක්වූවත් නැවත ජම්බෝ බාරදිමට බානුම් කැමැත්ත පලකලේ නැත.

බානුම්

අප්‍රිකාවෙන් යුරෝපයට පැමිණි ජම්බෝ ගේ අලුත්ම නවාතැන වන්නේ ඇමරිකාවයි. නිව්යෝර් නුවර ප්‍රථම සංදර්ශණ වටයේදිම අතිමහත් ජනතාආකර්ෂණයක් දිනාගත් ජම්බෝ, යහමින් බානුම් ගේ මඩිය තරකලේය. බානුම් යටතේ රට වටා සංදර්ශණ තුල රගදක්වා මිලියන ගණන් උපයා දීමට ජම්බෝ සමත් විය.

බානුම් යටතේ ජම්බෝ ගේ දිවිය ගෙවෙන්නේ වසර 3ක් වැනි කෙටි කාලයක් පමණි.  වසර 25ක් අප්‍රිකාවෙන් පිට සිටි ජම්බෝ 1885 දී අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්විය.




ජම්බෝගේ මරණය විවාදාත්මකය. ජම්බෝ මියයන්නේ රේල් පාර මතදි දුම්රියක ගැටිමෙනි.
ඇතැමෙකු පවසන ආකාරයට මෙය දුම්රියේ ගැටිමෙන් සිදුවු මරණයකි. 
ඇතැමෙකු පවසන ආකාරයට ජම්බෝ විසින් දුම්රිය මගේ ඇදවැටිමෙන් පසු ඇතිවූ සංකූලතාව නිසා සිදුවූ මරණයකි.

බානුම් පවසන්නේ අමුතුම කතාවකි,
එනම් සර්කස් අලිපන්තියේ සිටින ටොම් නැමැති කුඩා අලියකු දුම්රිය මගේ ගමන්කරමින් සිට ඇත. මේ අවස්තාවේ අනපේක්ෂිත ලෙස දුම්රියක් ධාවනය විය. ටොම් බේරාගැනිමට ජම්බෝ පැමිණ ඇත. දුම්රියේ ගැටිමෙන් ටොම් හා ජම්බෝ යන දෙදෙනාම ජිවිතක්ෂයට පත්විය. නමුදු ඇසින්දුටුවන් පවසන කරුණු හා සලකා බැලිමෙදි බානුම් ගේ කතාව සත්‍යයෙන් ඔබ්බට යයි.

බානුම් විසින් ජම්බෝ ගේ සිරුරේ කොටස් විවිධ විශ්ව විද්‍යාල හා කෞතුකාගාර වෙත ලබාදෙන ලදි. මින් සමහර ශරිරාංග අදටද ප්‍රදර්ශණයේ පවති.

සිරුරේ කොටස් ඇසුරින් සාදා තිබූ ප්‍රදර්ශණ භාණ්ඩය
පසුව ඇතිවූ ගින්නකින් මෙය විනාශ විය.

පෙර සදහන් කල පරිදි ජම්බෝ යන ඉතිහාසයේ සිටම ජනවහරේ භාවිතා ව ඇතත්, විශාල සතුන් හෝ ද්‍රව්‍ය සදහා ජම්බෝ යන නාමය භාවිතා කිරිමට ජනයාට පුරුදු කරන ලද්දේ ජම්බෝ හස්තියා විසිනි.

ඉතිහාසයේ මෙසේ කොතරම් නම් නාමයන් තුල කතාන්දර, පුරාවෘත්ත සැගවී ඇත්ද?
ඒවා සොයා යමු...


4 comments:

  1. අදම ගන්නව ජම්බෝ පීනට් එකක්

    ReplyDelete
  2. ස්තුතියි , නිධාන කතාව අද තමයි දන ගත්තේ

    ReplyDelete