Saturday, December 24, 2016

කටහඩ වෙනුවෙන් පිරිමි ඇග බිලිගැනිම

කැස්ට්‍රාටෝ (Castrato) කියන්නේ සම්භාව්‍ය පිරිමි ගායන ශෛලයක්. මෙහිදි මතුවන හඩ කාන්තා ගායන ශෛලීන් වන සොප්‍රානෝ හඩට සමාන වනවා. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා පැතිරය ගිය කැස්ට්‍රාටෝ, පසුපස ඇත්තේ බිහිසුනු කදුලු කතාවක්.






කැස්ට්‍රාටෝ සදහා අවැසි වන පිරිමි හඩ ගොරෝසු වෙන්න බෑ.පිරිමි ලමයකුගේ ලමා කලායේ තියන හඩ, වැඩිවියට පත්වීඹත් සමග ගොරෝසු,රළු හඩක් බවට පත්වෙනවා. මෙයට හේතුව නම් ද්විතික ලිංගික ලක්ෂණ මතුවිමත් සමග ස්වාරාලය ආශ්‍රිතව වන වෙනස්කම්. 

මේ නිසා කැස්ට්‍රාටෝව සදහා සුදුසු වන  හඩ පවත්වා ගැනිමට පිරිමි දරුවන් වැඩි වියට පත්විමට පෙර වෘෂණ කෝෂය ඉවත්කර දමනවා. වෘෂණ ඉවත් කර දැමිමත් සමග පිරිමි ද්විතික ලිංගික ලක්ෂණ පහල කිරිමට දායක වන ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය හිග විම නිසා, මෙම දරුවන් ලිංගික පරිණතියට පත්වෙන්නේ නැ. 

මේ හේතුවෙන් ස්වසරාලයේ සිදුවන වෙනස්කසම් නතර වෙනවා. එමෙන්ම අස්ථි අසාමාන්‍ය ලෙස දිගු වෙනවා. පර්ශු දිගු වෙනවා. මේ හේතුවෙන් උරස් කුහරය තුල පරිමාව අසාමාන්‍ය ලෙස ඉහල යනවා. වැඩි වේලාවක් හුස්ම රදවාගැනිමේ හැකියාව වැඩි වෙනවා. 

වෘෂණ කෝෂය ඉවත් කිරිමට භාවිතා කරන උපකරණයක්


නමුත් වෘෂණ ඉවත් කිරිමත් සමග මෙම පිරිමි දරුවන්ගේ කායික ගැටලු විශෘල ප්‍රමාණයක් මතුවෙනවා. විශේෂයෙන්ම ඔස්ටියෝපොරොස්සි තත්ත්ව බහුලයි.

ඇත්තටම වෘෂණ කෝෂ ඉවත්කිරිම කියන්නේ පුරණ ලෝකය තුල පැවැති දඩුවම් ක්‍රමයක්. කැස්ට්‍රාටෝ  වල ආරම්භය කොන්ස්තන්තිනෝපලයෙන් ඇරඹූ බවට සාධක පවතිනවා. පසුකාලින ආක්‍රමණ නිසා හඩ ශෛලිය යටපත් වුවත්, නැවත 16 වැනි සියවසේ මැද භාගයේදි කැස්ට්‍රාටෝ, කතෝලික පල්ලියේ අනුග්‍රහයද ඇතිව ඉතාලියේදි නැවත මතුවෙනවා. පල්ලියේ ගිතිකා ගායනයට කැස්ට්‍රටෝ යොදාගැනිම එකල බහුල වුනා.

ප්‍රකට ගායකයකු වූ ‘‘කාලෝ ස්කාර්සි‘‘

ආසන්න ලෙස පිරිමි ලමුන් 10000 ක ගේ පමණ වෘෂණ ඉවත් කොට කැස්ට්‍රාටෝ ගායකයින් බවට පත්කර තිබෙනවා. 

යුරෝපයේ පුනරුදයත් සමග කැස්ට්‍රාටෝ විරෝධි වටපිටාවක් ගොඩනැගෙන්නට වූවා.  ගැරි බොල්ඩි ගේ ( ඉතාලි බසින් ශබ්ද වන්නේ ‘‘ගැරි බාල්දි‘‘ ලෙසිනුයි) නායකත්වයෙන් ඉතාලිය එක්සත් වීමත් සමග ඉතාලිය තුල අණ්ඩහරණය තහනම් වුවා. 13 වැනි ලියෝ පාප්තුමා කැස්ට්‍රාටෝ ගායකයින් පල්ලිය තුල සේවයේ යෙදවීම තහනම් කලා. 

‘‘මොරෙස්ච්‘‘


අණ්ඩහරණය මගින් කැස්ට්‍රාටෝ ගායකයෙකු බවට පත්කල අවසන් පුද්ගලයා වන්නේ ‘‘ඇලෙස්සැන්ඩ්‍රෝ මොරෙස්චි‘‘ නම් ගායකයා වේ. තනි පුද්ගල පටිගත කිරිමක් සිදුකල එකම කැස්ට්‍රාටෝ ගායකයා වන්නේ ද ඔහුයි.



- රොෂීන් ප්‍රනාන්දු


 

1 comment:

  1. අරූට කියන්න ඕනේ මචෝ කැරි බාල්දි කියලා.

    ReplyDelete