Monday, April 24, 2017

ඩොලර් 10ක් ඉල්ලා කස්ත්‍රෝ ඇමරිකාවට ලියුම් ලියයි

ඇමරිකාවේ  මුවදොර අසල සිට ඇමරිකාව සමග හරි හරියට ඔට්ටු ඇල්ලූ කියුබා නායක ‘‘ෆිදෙල් කස්ත්‍රෝ‘‘,  ඩොලර් 10ක් ඉල්ලා ඇමරිකානු ජනාධිපතිට ලිපියක් ලියු බව ඔබ දන්නවාද?







1940  නොවැම්බර් 06 දින, ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වේල්ට් වෙත එවකට 14 හැවිරිදි (ලිපියේ සදහන් වන්නේ 12 හැවිරිදි ලෙසයි) ෆිදෙල් කස්ත්‍රෝ විසින් ලිපියක් මෙන්න මෙහෙම ලිපියක් යවනවා.

[පරිවර්තනය]  


සැන්තියාගෝ, කියුබාව
නොවැම්බර් 6, 1940

ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති.

මාගේ හොද මිත්‍ර රුස්වෙල්ට්, මා හොදින් ඉංග්‍රිසි නොදන්නා නමුත් ඔබ වෙත ලියන්න තරමින් දැනුමක් තියෙනවා. මම රේඩියෝ අසන්නට ප්‍රිය කරනවා. ඔබ නැවත වරක් ඇමරිකානු ජනාධිපති විම සම්බන්දව අසන්නට ලැබීම ගැන මා වඩාත් සතුටු වෙනවා.  මම දොලොස්වැනි වියේ පසුවෙනවා. මම පිරිමි ලමයෙක්, මම ගොඩක් හිතන කෙනෙක්.  ඔබ කැමැති නම්, මට ඇමරිකානු ඩොලර් 10 නෝට්ටුවක් දෙන්න. මොකද මම කවදාවත් ඩොලර් 10 නෝට්ටුවක් දැකලා නැ. මම සතුටු වෙනවා මගේ ලග එවැන්නක් තිබුනානම්.

මගේ ලිපිනය -

ෆිදෙල් කස්ත්‍රෝ
Colegio de Dolores
Santiago de Cuba
Oriente Cuba


මම හොදින් ඉංග්‍රිසි නොදන්නා නමුත් ස්පාඤ්ඤ බස හොදින් දන්නවා. නමුත් මා හිතනා ආකාරයට ඔබ ස්පාඤ්ඤ බස නොදන්නා නමුත්  ඉංග්‍රිසි බස හොදින් දන්නවා. මොකද ඔබ ඇමරිකානුවෙක්. නමුත් මා ඇමරිකානුවෙක් නෙවෙයි.

බොහොම ස්තුතියි

මගේ මිත්‍රයා

[අත්සන]

ෆිදෙල් කස්ත්‍රෝ

ඔබට ඔබේ නැව් සැදිම සදහා යකඩ අවශ්‍ය නම්, මට හැකියි හොද යකඩ පතල් පෙන්වන්නට. ඒවා කියුබාවේ මයාරි හි තියෙනවා.

මුල් ලිපිය.






ඔන්න ඔහොම ලිපියක් ෆිදෙල් විසින් ලියනවා. මේ ලිපියේ ඇමරිකානු ජනාධිපතිවරයා ‘‘My good friend Roosvelt‘‘ ලෙස අමතා තිබිම විශේෂයි. මේ සදහා පිලිතුරු ලිපියක් ධවල මන්දිරයෙන් ලැබි තිබෙනවා. නමුත් ඩොලර් 10 නෝට්ටුවක් නම් ෆිදෙල්ට ලැබිලා නැ.

මේ ලිපිය ලියලා  අවුරුදු 30 පමණ පස්සේ තමයි ෆිදෙල් කියුබානු අරගලයට නායකත්වය දිලා ජයගන්නේ. ඇමරිකාවේ ජනාධිපතිට  යකඩ පතල් පවා පෙන්වනම් කියු ෆිදෙල්,  ඇමරිකාවේ මුල් පෙලේ සතුරෙක් වුනා. CIA විසින් ෆිදෙල්ව ඝාතනය කරන්නට උත්සහ කල වාර අපමණයි.

කාලය මැව් වෙනසක අරුමේ....


- රොෂීන් ප්‍රනාන්දු


No comments:

Post a Comment