Tuesday, April 4, 2017

ලෝක යුද්ධයෙන් පසුත් වසර 29 ක් සටන්කල ජපන් සොල්දාදුවා

ලොවට බිහිසුනු සිහිවටන ඉතිරිකරමින් 1945 සැප්තැම්බර් 02 වැනිදින දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වුනා. නමුත් එක් ජපන් සොල්දාදුවෙක් යුද්ධය අවසන් විමෙන් පසුවත් වසර 29ක් යනතුරු සටන අඛණ්ඩවම ගෙනගියා. මේ දිගහැරෙන්නේ එම  සෙබලාගේ කතාවයි.






ජපන් ජාතික හිරු ඔනාඩා (Hiroo Onoda) හට 20 වැනි වියේදිම ජපාන රාජකීය යුධ හමුදාවට බැදීමට සිදුවන්නේ ලෝක යුද්ධයේ උණුසුම නියාවෙනි. ඒ වනවිට වෙලද සමාගමක සේවයේ නියුතුව සිටි ඔනාඩා, යුධ හමුදාවේ බුද්ධි නිලධාරියකු  ලෙස සේවයට එක්වනවා.



බුද්ධි නිලධාරියකු ලෙස, ඉදිරි යුධ පෙරමුණට ගොස් සතුරන්ගේ ඔත්තු බැලිමට සිදුවනවා. ඒ අනුව 1944 දී ඔනාඩා, පිලිපිනයේ ලුබන්ග් දූපත වෙත පිටත්කර හරිනවා.

මෙහෙයුමට පිටත්වන  ඔනාඩාට ඉහල නිලධාරියා වූ මේජර් ටනිගුෂි ලැබුණු නියෝගය මෙසේය. 
ඔබට සියදිවි නසාගැනිම තහනම්ය. අවුරුදු කීයක් ගියත් අප විසින් ඔබව සොයාගෙන එනවා. එතෙක් සටන් කරන්න. සටන කුමන අවස්ථාවකදීමත් අත්හරින්නට එපා. එය නියෝගයකි.

නියෝග ප්‍රකාරව ඔනාඩා ඇතුලු කන්ඩායම දුපතේදි සටන්වැදි නමුත්, මිත්‍ර පාර්ශවයේ ආක්‍රමණශීලි ප්‍රහාර හමුවේ ජපාන සොල්දාදුවන්ට පසුබසින්නට සිදුවෙනවා. දිවිගලවාගත් සෙබලුන් වන වදිනවා. ඔවුන් සමග ඔනාඩාද වන වදිනවා.

කැලැ වැදුනද, මිත්‍ර පාර්ශව ප්‍රහරයන්ගෙන් බේරිමට හැකියාව ලැබෙන්නේ  ජපන් සෙබලුන් සුලු පිරිසකට පමණයි. නිසි ආහාර, අවි ආයුධ හෝ උණ්ඩ සැපයුමකින් තොරව ජපන් සෙබලුන් අඛන්ඩව ගරිල්ලා සටන් මෙහෙයවනවා. ආහාර සොයාගනු වස් දූපත්වාසින්ගේ ගෙවිබිම් කොල්ලකැම සිදුකර තිබෙනවා.

මේ අතරතුරදී ජපානයේ හිරෝශිමා හා නාගසාකි වලට එල්ලවන පරමාණු බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු ජපානය තම යටත්වීම ප්‍රකාශ කරනු ලබනවා. නමුත් ඔනාඩා මේ බවක් දන්නේ නැ. ඔවුන්ට මෙය දැනගන්නට ආරංචි මාර්ගයකුත් නැ. 

ජපානය යටත්විමෙන් පසුවද අඛණ්ඩව ඔනාඩා ඇතුලු පිරිස කැලයේ සැගවී සටන්කිරිම හේතුවෙන්,  මිත්‍ර පාර්ශව හමුදාව  ජපානයේ යටත්වීම සදහන් පත්‍රිකා ගුවණින් හෙලනු ලබනවා. එහෙන්ම ජපානයේ ප්‍රවෘත්තිපත්‍ර පවා ගුවනින් හෙලනු ලබන්නේ සොල්දාදුවන්ට යටත්වෙන ලෙස පවසමින්.

ඔනාඩා ඇතුලු පිරිස සිතන්නේ මේවා සියල්ලම මිත්‍ර පාර්ශවය විසින් තමාන් රැවටීමට කරන උපායන් ලෙසයි. 

මේ කිසිම උපායක් සාර්ථක නොවූ කල මිත්‍ර පාර්ශවය විසින්, සැගවී සිටින සෙබලුන්ගේ පවුලේ අයගේ ඡායාරුප පවා ගුවනින් හෙලනු ලැබුවා. ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් යටත්වන ලෙස ප්‍රචාරය කෙරුවා. නියෝජිතයන් යවනු ලැබුවා. නමුත් ඔනාඩා ඇතුලු පිරිස යටත් වූයේම නැ. ඔවුන් මෙය මිත්‍ර පාර්ශවය විසින් කරන රැවැටීමක් යන මතයේම පසුවුනා.

කැලැ වැදුනු ඔනාඩා අැතුලු සෙබලුන්  4 දෙනකු, තමාට ලැබුනු නියෝග ප්‍රකාරව දිගින් දිගටම කටයුතු කරමින් සිටියා.

වසර 5 කට පමණ පසුව, අකට්සු නම් සෙබලා යටත්විමට තීරණය කලා. අන් අයට නොදන්වා රහසින්ම මිත්‍ර පාර්ශවය වෙත ඔහු යටත් වුනා. ඉන් වසර 5 කට පමණ පසුව, ශාමාඩා නැමැති සෙබලාව ඝාතනය කරනු ලැබුවා. 

දැන් ගරිල්ලා කන්ඩායමේ ඉතිරි ඔනාඩා හා කොසුකා පමණයි. ඔවුන් දෙදෙනාද වසර 17ක් පමණ දූපතේ මෙහෙයුමේ නිරතව සිටියා. කැලැ වැද, වසර 27 කට පසුව එනම් 1972 වසරේ පිලිපින හමුදා සමග ඇතිකරගත්  ගැටුමකදි කොසුකා ද මරණයට පත්වෙනවා.

ජපානය මේ කිසිවක් දන්නැ. ඔවුන් සිතා සිටියේ ලූබන්ග් දූපතේසිටි ජපාන සෙබලුන් මියගොස් කියලා. නමුත් කොසුකාගේ මරණයත් සමග, ජපානය ඉතිරි සෙබලුන් සොයා ගවේෂණයක් කලා. 

නමුත් ජපානය පිටත් කල කණ්ඩායමට වත් ඔනාඩා සොයාගන්න පුලුවන් වෙන්නේ නැ.වසර ගනනාවක පලපුරුද්දෙන් ඔනාඩා කැලයේ සැගවෙනවා.

සුසුකී හා ඔනාඩා
සුසුකී හා ඔනාඩා

  1974 වසරේදි නරියෝ සුසුකි නම් තරුණයා විසින් ඔනාඩා සොයා දූපතට පැමිණිනෙනවා. ඔහු සාර්තකයි. ඔනාඩා  සොයාගැනිමට සුසුකි සමත්වෙනවා.  නැවත ජපානයට යාමට ආරාධනා කලත්,ඔනාඩා එය ප්‍රතික්ෂේප කරනවා. කවදා හෝ තමා සොයා එනබව මේජර් ටනිගුෂි විසින් ඔනාඩා හට ප්‍රකාශ කරතිබුනා.  ඒනිසා නැවත යාම ඔහු ප්‍රතික්ෂේප කලා.

නැවත ජපානයට ගිය සුසුකි මේජර් ටනිගුෂි හමුවුවා. මේජර් ටනිගුෂි ඒ වනවිට විශ්‍රාමිකයෙක්. ඔනාඩා පිලිබද පුවත සැලවිමෙන් පසු  මේජර් ටනිගුෂි  දූපත වෙත ගොස්, ජපානය යුද්ධය පරාජය වූ පුවත ඔනාඩා වෙත සැලකල සිටියා. ආයුධ අත්හරින ලෙසද ඉල්ලිම් කලා.

අවුරුදු 29ක් තිස්සේ ගෙනගිය සටන, ඔනාඩා විසින් එසේ අවසන් කලා.

ඔනාඩා මෝඩයකු යැයි ඔබට සිතෙනවා වෙන්නට පුලුවන්.  නමුත් ඔහු කැලයේ ගතකල වසර 29 පුරාවටම තමට ලැබුනු නියෝග නිසි ආකාරවම පිලිපැද්දා. පිලිපිනය තුල සිදුකරන ලද අපරාධවලට ඔනාඩා හට සමාව හිමිවුවා.

2014 වසරේදි ඔනාඩා දිවියෙන් සමුගත්තා.

- රොෂින් ප්‍රනාන්දු

සබැදි ලිපි

- ලෝක යුද්ධයේ උමං තුල සටන්
- ෆූජිකන්ද පාට කිරිමේ ඇමරිකානු මෙහෙයුම
- ජර්මනියට ඇන්ත්‍රැක්ස් කවන්න හදපු හැටි
- තවත් ඔස්කාර් ශින්ඩ්ලර් කෙනෙක්
- විලක ජලය පුපුරා යෑම 



    

          

No comments:

Post a Comment