Thursday, April 6, 2017

සත්‍ය පුද්ගලයන් ඇසුරින් ඩොයිල් බිහිකල ‘‘ශර්ලොක් හෝම්ස්‘‘

සර් ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැනේ. ඔයාලා දන්නවාද, කොනන් ඩොයිල් ෂර්ලොක්ව බිහිකලේ ඇත්තම මිනිස් චරිත බලාගෙන කියලා. 





ක්‍රි.ව 1887 දී ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet කෘතිය හරහා ෂර්ලොක් හෝම්ස් හා ජෝන් වොට්සන් හට උපත ලබාදුනි. A Study in Scarlet කෘතිය සිංහලට පරිවර්තනය වන්නේ ලෝහිත පරික්ෂණය ලෙසයි. අද වන විට ජනප්‍රිය කෘතියක් වුවද, A Study in Scarlet එවකට පුලුල් පාඨක අවධානය දිනාගැනිමට සමත්වූය් නැ. A Study in Scarlet කෘතියට පසුව එලිදුටු, The Sign of Four (සිවු රහස් සලකුණ) කෘතියද එතරම් පාඨක අවධානයක් දිනාගත්තේ නැ.

කොනන් ඩොයිල්


ශර්ලොක් පුළුල් පාඨක අවධානයකට නතු වන්නේ, 1891  වසරේදි  The Strand Magazine සගරාවට  කොනන් ඩොයිල් විසින් ලියු ෂර්ලොක් හෝම්ස් පරික්ෂණයක් රැගත් කෙටි කතා මාලාව මගිනි. 

ශර්ලොක් ගේ පරික්ෂණ තතු කියවන ඕනැම පාඨකයකුට නැගෙන කුකුසක් ඇත.

ශර්ලොක් ඇත්ත පුද්ගලයෙකුද? කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් ලිව්වේ ඇත්තටම හිටපු පුද්ගලයකු ඇසුරින්ද?

ශර්ලොක් හෝම්ස් නමින් ඇත්තටම පුද්ගලයකු ඉදලා නැතත්, හෝම්ස්ව නිර්මාණය කරද්දි කොනන් ඩොයිල් විසින් පුද්ගලයින් දෙදෙනකුවම ඇසුරු කරගෙන තියනවා.

කොනන් ඩොයිල්, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ශිල්ප හදාරණ සමයේදි. විශ්වවිද්‍යාලයේ කා අතරත් ජනප්‍රිය ආචාර්යවරයකු සිට තිබෙනවා. 
ඔහු නමින්,
ජෝසප් බෙල්


ජෝසප් බෙල්, අහංකාර නමුත් ආකර්ෂණිය චරිතයක්. සිරා දක්ෂයෙක්. ජෝසප් හමුවිමට පැමිණෙන රෝගින්ගෙන් තොරතුරු විමසිමකින් තොරව, බාහිර ලක්ෂණ නිරික්ෂනයෙන් විවිධ පුරෝකතන සිදුකර තිබෙනවා. මෙය නිරන්තරයෙන්ම ශර්ලොක් හෝම්ස් කතා කියවන ඔබට හමුවි ඇති. 

ශර්ලොක් පවා ඔහු හමුවට පැමිණෙන පුද්ගලයින් නිරික්ෂණය කර  ඔවුන් පිලිබද විවිධ නිගමන වලට එලැබෙනවානේ. මේ ලක්ෂණ කොනන්ඩොයිල් අරන් තියෙන්නේ ජෝසප් බෙල් ගේ චරිතය ඇසුරින්.

ඔබ  දන්නවාද, ජෝසප් ගේ ‘‘වොට්සන්‘‘ වෙලා තියෙන්නෙත් කොනන් ඩොයිල් තමයි. ජෝසප් ගේ සහයකයා  ඩොයිල් කටයුතු කරලා තියෙනවා. ජෝසප් හා ඩොයිල් සුසංයෝගයෙන් ඩොයිල් ලබපු ඇත්දැකිම්, ජෝන් වොට්සන් චරිතය බිහිවෙන්නත්  හේතු වෙලා තියෙනවා.    

ශර්ලොක් චරිතයට පාදක වෙච්ච ප්‍රධානතම චරිතය, වෛද්‍ය ජෝසප් බෙල් වුනාට, තවත් වැදගත් චරිතයක් සිහිපත් කලයුතුමයි.
ඔහු නමින්,
හෙන්රි ලිට්ල්ජෝන්



ලිට්ල්ජෝන් යනු, එඩින්බරෝ හී සිටි දක්ෂ වෝහාරික වෛද්‍යවරයෙක්, කාය විඡ්ඡේදකයෙක් මෙන්ම සෞඛ්‍ය පරික්ෂකවරයෙක්. ශර්ලොක් හෝම්ස් ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන් ට පාදක වි ඇත්තේ ලිට්ල්ජෝන් ගේ හැකියාවන්ය.

එඩින්බරෝ හී සිදුවන හදිසි මරණ,ඝාතන අවස්ථා වලදි ලිට්ල්ජෝන්ගේ හැකියාවන් කැපි පෙනුනා.  ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සෙවිමට යොදාගත් පරපුරේ පුරෝගාමියෙක්.

කොනන් ඩොයිල් The Final Problem(අවසන් ගැටලුව) ලියනසමයේදි ලිට්ල්ජෝන්, රටම කැලබූ  ආඩ්ලමන්ට් නඩුවට සම්බන්දව සිටියා. යම් පුද්ගලයකු විසින් දඩයම් සවාරියක් අතරතුර තරුණයකුට වෙඩිතබා තිබෙනවා. විත්තිකරු නඩුවේදි කියාසිටියේ තමා අතින් අත්වැරදිමකින් තරුණයාට වෙඩි වැදුනු බවයි.  නමුත් ලිට්ල්ජෝන් විසින් අපරාධ ස්ථානය ගොස්  උණ්ඩය වැදුනු දිශාව, වෙඩි වැදුනු දුර, තුවාලයේ ගැබුර හා ස්වභාවය නිරික්ෂණය කර මෙය අත්වැරදිමකින් වූ වෙඩි තැබිමක් නොව ඝාතනයක් ලෙස ඔප්පු කලා. මෙයට සමාන අපරාධ පරික්ෂණ බොහොමයක් ඔබට ශර්ලොක් කතා මලාවෙන් සොයාගත හැකියිනේ.

ශර්ලොක් චරිතය නිර්මාණට දායක වූ පුද්ගලයින් ගැන දැන් දන්නවානේ. ඔයාලා දන්නවාද ශර්ලොක් හොම්ස් නම හැදුන හැටි?

Sherlock Holmes නාමයේ ‘‘Holmes‘‘ යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිත්‍ර වෛද්‍යවරයකු වන ඔලිවර් වෙන්ඩල් හෝම්ස් ගේනම ඇසුරින්. ඩොයිල් ගේ ප්‍රියතම සංගීතඥ  ඇල්ෆ්‍රඩ් ශර්ලොක් ගේ නම ඇසුරින් ‘‘Sherlock‘‘ යන නම ලබාගත්තා. ඔන්න ඔහොමයි ශර්ලොක් හොම්ස් නම හැදුනේ.




ශර්ලොක් හෝම්ස් ගැන කතාකරද්දි ලංකාවේ කොනන් ඩොයිල් නැතිනම් චන්දන මෙන්ඩිස් මහතා ගැන කතා නොකරම බැ.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
   
    

No comments:

Post a Comment