රටවල් දෙකක් අතර ක්රියාත්මක වන ලොව කෙටිම අන්තර්ජාතික ගුවන්ගමන ගැනයි මේ කතා කරන්න යන්නේ.
රටයනවා කියලා කිව්වාම ඔයාලාට හැගෙන්නේ, විශාල එයාර්බස් එකක නැගලා යන පැය 8-10 වගේ ගුවන් ගමන් නොවැ.නමුත් දන්නවාද ලොව කෙටිම අන්තර්ජාතික ගුවන්ගමනට යන කාලය කොපමනද කියලා?
හරියටම මිනිත්තු 8යි.
ස්විට්සර්ලන්තයේ සාන්ත ගැලින් ගුවන්තොටේ සිට ජර්මනියේ ෆෙඩ්රික්ෂෙෆන් අතර සිදුකෙරෙන මෙම ගුවන් ගමනේදි යානාව ගමන් කරන්නේ සැතපුම් 13ක් පමනයි.
සැතපුම් 13ක් යන්නට ගුවන් යානාවක් ඕනාද කියලා ඔයාලාට හිතෙන්න පුලුවන්.
ඇත්තටම කිව්වොත් ස්විට්සර්ලන්තය හා ජර්මනිය අතර පිහිටා තිබෙන කොන්ස්ටන්ස් විල හේතුකොට ගෙන, මෙම නගර දෙක අතර භුමියෙන් ගමනාගමනය කරන්නට ලොකු රවුමක් ගහන්න වෙනවා. ගොඩබිමෙන් යනවානම් යාබද රටක් වන ඔස්ට්රියාව හරහා යන්නටත් වෙනවා. නැතිනම් විල හරහා බොට්ටුවෙන් යන්න වෙනවා.
එක් ගුවන්ගමනක් සදහා වැයවන මුදල යුරෝ 34ක්.
නවතම තොරතුරු අනුව නම් මේ ගුවන් ගමනේ අනාගතය නම් එච්චර සුබදායක නැ. හිතපු තරම් මගින්ගේ ආකර්ෂණයක් ලැබිලා නැ වගේම පාරිසරික ගැටලු පැණනැගිලා තියනවා. සමහර විට ඉදිරියේදි මිනිත්තු 8 ගුවන් ගමන නවත්තන්නත් පුලුවන්.
- රොෂින් ප්රනාන්දු
ලංකාවෙන් එපිට තොරතුරුවලට අපි කැමතියි
ReplyDeleteසොබාවරුණ සාදරයෙන් පිලිගන්නවා.
Deleteසැගවුණු ඉතිහාස කතා වැනි ලේබල වලට පිවිසිමෙන් ඔබ කැමැති තොරතුරු බොහෝමයක් දැනගන්න හැකිවේවි!!