ගිය අවුරුදේ, හරියටම කිව්වොත් 2016 ජූනි වල පැවැත්වූ ජනමත විචාරණයකින් පසුව බ්‍රිතාන්‍ය යුරෝපානු සංගමයෙන් ඉවත්වෙන්නට තිරණය කලා. Brexit ලෙස ප්‍රසිද්ධව දැඩි ආන්දෝලනයක් ඇතිකල මෙම සිදුවිම, පිලිබදව සොයාබලන්නට සිතුනා. යුරෝපා සංගමයේ ඉතිහාසයට යමු මුලින්ම.
ක්‍රි.ව 1957 වසරේදි ප්‍රංශය,බටහිර ජර්මනිය, බෙල්ජියම,ඉතාලිය, ලක්සම්බර්ග් හා නෙදර්ලන්තය යන රාජ්‍යයන් එක්ව අත්සන් තබන ‘‘රෝම ගිවිසුම‘‘ මගින් European Economic Community (EEC) සංවිධානය බිහිවෙනවා. මෙම සංවිධානය තමයි, යුරෝපා සංගමයේ ( European Union) පුරෝගාමි සංවිධානය වෙන්නේ.
EEC බිහිවෙන්නට මුලික වූ රටවල් දෙවැනි ලෝක යුද්ධයෙන් පීඩනයට ලක්වෙලා,ආර්ථිකයට දැඩි බලපැමක් වෙලා තිබුනේ. නැවත නැගි සිටින්නට ඔවුන්ට මෙය අත්වැලක් වුනා. එමෙන්ම නැවත යුද්ධයක් ඇති නොවි සමකාමිව කටයුතු කරන්නටත් මෙම එකගතාව පිටුවහලක් වුනා.
1963 වසරේදි එක්සත් රාජධානිය EEC එකට සම්බන්ද වෙන්න තම යෝජනාව ඉදිරිපත් කරනවා. නමුත් මුල් අවස්ථාවලදි එක්සත් රාජධානියේ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙනවා. විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපති චාල්ස් දෙගුල් විසින් එක්සත් රාජධානිය එක්කරගැනිමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ, ඉංග්‍රිසි භාෂා ආධිපත්‍යයක් EEC තුල ඇතිවේයැයි සැක හිතලා. එහෙම උනොත් ප්‍රංශ භාෂාවටනේ පහර වදින්නේ.
කොහොමින් හරි 1973 අවුරුද්දේ එක්සත් රාජධානිය EEC එකට ඇතුලත්වුනා. නමුත් වැඩිකල් හොදින් ඉන්න උනේ නැ. අවුරුදු දෙකක් ගිය තැන, ‘‘EEC එක තුල ඉන්නවාද? නැද්ද? ‘‘ කියන ජනමත විචාරණයට යන්නට එක්සත් රාජධානියට සිද්ද වුනා.
1975 ජනමත විචාරණයට අනුව 67%ක්ම කිව්වේ EEC තුල එක්සත් රාජධානිය සිටිය යුතුයි යන්නයි.
එක්සත් රාජධානිය හා EEC දීගය පටන්ගත්ත කාලේ ඉදන්ම එච්චර හොදින් පත්වගෙන ගියේ නැ කිව්වොත් හරි. මේ දීගය තවත් අවුල් වෙන්න ගත්තේ 80 දශකයේදි යකඩ ගැහැනිය නොහොත් මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය අගමැතිකම බාරගැනිමත් සමගයි.
තැචර් ගේ අයවැය මගින් EEC එකට දෙන ප්‍රතිපාදන අඩු කලා.ඒ වනවිට EEC එක තුල හිටපු තුන්වන දුප්පත්ම රට එක්සත් රාජධානිය තමයි.
1992 වසරේදි නෙදර්ලන්තයේදි අත්සන් තැබූ Maastricht Treaty මගින් EEC එක EU(European Union) බවට පත්වෙනවා.
EU බිහිවිමත් සමග යුරෝපා කලාපයේ ආර්ථිකය වෙනසකට ලක්වුනාකිව්වොත් හරි. යුරෝපා සංගමයේ රටවල් තුල පොදු මුදල් ඒකකය ලෙස යුරෝ(Euro) මුදල් ඒකකය හදුන්වා දෙනවා. විසා රහිත කලාපයක් හදුන්වා දෙනවා.මෙම කලාපය තමයි ‘‘ෂෙනගන් කලාපය‘‘ ලෙස කා අතරත් ප්‍රසිද්ධව තියෙන්නේ.
නමුත් නව යුරෝ මුදල් එ්කකය භාවිතා කරන්නට එක්සත් රාජධානිය සුදානම් නැ.ඔවුන් විසින් භාවිතා කරන පෙර භාවිතා කරනලද ස්ටලින් පවුම අඛණ්ඩව භාවිතයේ යොදවනවා.
යුරෝපා සංගමය තුල එක්සත් රාජධානියේ නිෂ්පාදන වලට යම් යම් ගැටලුකාරි තත්ත්වයන් ඇතිවුනා. උමතු ගව රෝගය පැතිරිම නිසා බ්‍රිතාන්‍ය හරක්මස් යුරෝපා රටවල් තුල තහනමකට ලක්වුනා. හරක් මස් වලට පමණක් නෙවෙයි, බ්‍රිතාන්‍ය චොකලට් වත් යුරෝපා වෙලදපොලට දාගන්න බැරි තත්ත්වයක් ආවා.
යුරෝපා සංවිධානයේ සමහර තීරණාත්මක සාකච්ඡා වලට එක්සත් රාජධානිය සම්බන්ද වුනේනැ. මේ නිසා එක්සත් රාජධානියට යම් පාඩුවක් වුනා කියලා කියවෙනවා. 2007 වසරේදි එංගලන්ත අගමැති ගෝඩන් බ්‍රවුන් විසින් යුරෝපා සංගමයේ තීරණාත්මක සාකච්ඡාවක් හා ගිවිසුමක් මගහැරියා.පසුව ඔහු විසින් ගිවිසුම අත්සන් කලාත්, තිරණාත්මක දිනය මගහැරිම හා එමගින් සිදුවු පාඩුව ගැන බ්‍රවුන්ට විවේචන ආවා. ටික කාලකෙට පස්සේ අගමැති බ්‍රවුන්ට ගෙදර යන්නත් වුනා.
2010 හා එලැබුන කාලය එක්සත් රාජධානියට වගේම යුරෝපා කලාපයටත් ආර්ථිකමය වශයෙන් සුබදායක වුනේ නැ. සංක්‍රමණිකයන් අර්බුධය උග්‍රවීම, UK Independence Party විසින් රට තුල ගෙනයන යුරෝපා සංගම් විරෝධි රැල්ල හා ආර්ථික පසුබැම හේතුකොට ගෙන ජේම්ස් කැමරන් අගමැතිවරයාට, යුරෝපා සංගමය තුල තවදුරටත් රැදෙනවාද යන්න ගැන සලකා බලන්නට සිදුවුනා.
ඒ අනුව යුරෝපා සංගමය සමග සාකච්ඡා වට ගනනාවක් පැවැත්විමෙන් අනතුරුව ජනමත විචාරණයක් පැවැත්විමට තීරණය කලා.
2016 ජනමත විචාරණය අනුව, 51.9%ක් කියාසිටියේ එක්සත් රජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුයි යන්නයි. ජනමත විචාරණයේ ප්‍රතිපලයෙන් පසුව කැමරන් අගමැති ධුරයද අත්හැරි අතර,නව අගමැති ලෙස තෙරේසා පත්වුනා.
ජනමත විචාරණයෙන් පසුවද, යුරෝපා සංගමය හා එක්සත් රජධානිය අතර වෙන්විම පිලිබදව සාකච්ඡා වට රාශියක් පැවැත්වෙනවා. යුරෝපා සංගමය වැනි දැවැන්න දේශපාලනය, ආර්ථිකමය හා සාමාජිය බැදිම් වලින් බැදුනු සංවිධානයකින් එක්වරම වෙන්විම පහසු නැ.
පූර්ණ ලෙස යුරෝපා සංවිධානයෙන් වෙන්විමට වසර දෙකක් ලබාදෙනවා. ඒ අනුව 2019 මාර්තු 30 වැනිදින පමණ වනවිට බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමයෙන් නික්ම ගොස් තිබේවි.
යුරෝපා සංගමයෙන් වෙන්වූ බ්‍රිතාන්‍යය කෙසේවේවිද?
No comments:
Post a Comment