Friday, March 31, 2017

අධිකව තැම්බූ බිත්තර මදය කොලපාට වන්නේ ඇයි?

බිත්තර කියන්නේ ජනප්‍රිය ආහාරයක් නොවැ. තම්බන ලද බිත්තර වල කහ මදය වටා කොල අළු පාටට හුරු කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා ඔයාලා දැකලා ඇති. 
ඇයි මෙහෙම වෙන්නේ? මෙවැනි බිත්තර ආහාරයට ගන්න සුදුසුද?






කහ මදය වටා අදුරු පැහැ වලය ඇතිවීමට බිත්තර පිසින ආකාරය මෙන්ම පිසිමට භාවිතා කල ජලයේ ගුණයද බලපානවා.

වැඩි වෙලාවක්  තැම්බූ බිත්තර වල මෙය හොදින් දැකිය හැකියි. බිත්තර වල කහ මදයේ වැඩි වශයෙන් යකඩ අඩංගු වෙනවා. වැඩි වේලාවක් තැම්බෙන විට, කහ මදයේ ඇති යකඩ, සුදු මදයේ අඩංගු වන සල්ෆර් සමග ප්‍රතික්‍රියා කර අයන් සල්ෆයිඩ් සංයෝගය සාදනවා. මේ හේතුවෙන් මෙම අදුරු පැහැය ලැබෙනවා.



මීට අමතරව පිසිමට භාවිතා කල ජලයේ අධික ලෙස යකඩ අයණ අඩංගු ව ඇතිනම් ද එවිටද මෙය සිදුවෙනවා. 

මෙම අදුරු කොල පැහැය සහිත වලය ඇතිවුවද, එම බිත්තර ආහාරයට ගැනිමට කිසිදු ගැටලුවක් නැ. 

නමුත් අධික වේලාවක් ඉහල උෂ්නත්වයන්ට නිරාවරණය වීම නිසා පෝෂක සංඝටක වල ව්‍යූහයන් වෙනස් වෙනවා. මේ නිසා  අධික වේලාවක් තැම්බු බිත්තර වල පෝෂණ ගුණහානියක් සිදුව තිබිය හැකියි. බිත්තර විතරක් නෙවෙයි ඕනැම කැමක් අධික උෂ්නත්වයකට වැඩි වේලාවක් නිරාවරණය කලාම එහි පෝෂණ ගුණ හානියක් සිදුවෙනවා. ඒ නිසා උයන පිහින කොට උෂ්නත්වය හා කාලය ගැනත් සැලකිලිමත් වීම සුදුසුයි.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය  


සබැදි ලිපි

 





No comments:

Post a Comment