Tuesday, March 7, 2017

අනවසර ඩ්‍රෝන මඩින්න රාජාලියන්

ඩ්‍රෝන් භාවිතයෙන් විඩියෝ හා ඡායාරුප ගැනිම අදවන විට බහුලවම සිදුවෙනවා. නමුත් අනවසර ඩ්‍රෝන මගින් ජනතාවගේ ආරක්ෂාවට  බලපෑමක් කල අවස්ථා තියෙනවා.එවැනි ඩ්‍රෝන මඩින්න, ජීව ආයුධයක් යොදාගන්න නෙදර්ලන්ත පොලිසිය සුදානම්.





පසුගිය සමග පුරාවට ඩ්‍රෝන බාවිතය සැලකිය යුතු ලෙස ඉහල ගියා. මිනිස්සු ඉතින් දෙයක් ලැබුනාම එහි හොද පැත්ත වගේම නරක පැත්තත් දියුණු කරනවානේ. 

මත්ද්‍රව්‍ය ප්‍රවාහණය, ඔත්තු බැලිම, සොරකම් සිදුකිරිම, මිනිසුන් ලුහුබැදිමට වැනි නිතිවිරෝධි කාරණා ඩ්‍රෝන යානා භාවිතා කරලා සිදුකරන්නට අපරාධකරුවන් පෙලබිලා. නිති හදුන්වාදීමට අමතරව අනවසර ඩ්‍රෝන් යානා ඉවත්කිරිමට පුහුණු කල රාජාලියන්(EAGLES) භාවිතා කරන්නට නෙදර්ලන්ත පොලිසිය කටයුතු කරලා තියෙනවා.

මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක සැරිසරන අනවසර ඩ්‍රෝනයක් බිම හෙලිම සදහා පොලවේ සිට වෙඩි තැබිම, දුරස්ථ පාලකය අක්‍රිය කිරිම හෝ සිග්නල් ජැම් කිරිම වැනි ක්‍රියාමාර්ග ගතහැකි වුවත්, එකවරම ඩ්‍රෝනයේ ස්වභාවය නොදැන බිමහෙලිම යම් අනතුරට අතවැනිමක් සිදුවිය හැකියි. මේ නිසා ඩ්‍රෝනය හැකිතරම් ජනයාගෙන් ඈතට ගෙනයාම කල යුතුයි. පොලවේ ගමන්කරනවා වගේ නෙවෙයි අහසේ සැරිසරණ යානා සමග කටයුතු කරන්න ලේසි නැ.

ඉතින් පුහුණු කරන ලද රාජාලියන් ආධාරයෙන් අහසේ සැරිසරණ යානා අල්ලාගෙන ජනයාගෙන් ඈතට ගෙනයාම සිදුකරනවා.



ඩ්‍රෝන ඉවත්කිරිම සදහා යාන්ත්‍රිකමය මෙවලම් තැනිය හැකි වුවත්, ඒසදහා වන වියදම අධිකයි. 



රාජාලියන් යනු දක්ෂ විලෝපිකයින් පිරිසක්. දැනට කර ඇති පුහුණුව අතරතුර රාජාලියන් දක්ෂ ලෙස ඩ්‍රෝන ඉවත්කිරිම සිදුකර තියෙනවා. 

ඉදිරියේදි මීට වඩා දරුණු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන්නට හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවලට මුහුණ දිය හැකි දක්ෂ රාජාලියන් කණ්ඩායමක් බිහිකිරිමට නෙදර්ලන්ත පොලිසිය කටයුතු කරමින් තිබෙනවා.

- රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. මමඔයාගේ බ්ලොග් එකේ තිබ්බ ලිපි ඔක්කොම මුල ඉඳලා එකක් නෑර කියෙව්වා. හරිම වැදගත් තොරතුරු රාශියක් දැනගත්තා. මේ වගේ ලිපි දිගටම ලියන්න. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හරී.
      දිගටම අප සමග රැදෙන්න

      Delete