Wednesday, March 15, 2017

ඇග හැඩකිරිමට ආ දඩුවම් උපකරණය - Treadmill

යාලුවෝ Treadmill දැකලා ඇතිනේ. Treadmill  වල දුවලත් ඇති. අද වන විට ඇග හැඩ කරගන්නට, ව්‍යායාම කරන්නට Treadmill භාවිතා කලත්, Treadmill  වටා ගෙතුනු ඉතිහාස කතාව නම් වෙනස් එකක්.





  20 වන සියවසේ මුල් භාගයේ සිට ‘‘Treadmill‘‘  ව්‍යායාම උපකරණයක් ලෙස ජනප්‍රිය වෙන්නට ගත්තා. අද වන විට Treadmill  එකක් නොමැති කායවර්ධන මධ්‍යස්ථානයක් නොමැති තරම්. නිවෙස් වල භාවිතා කල හැකි සුහුරු උපකරණයක් ලෙස Treadmill  පරිවර්තනය වි තිබුනද, Treadmill හී ඉතිහාසය ඉතා ඈතට දිව යනවා.

ව්‍යායාම උපකරණයක් ලෙස මුල් අවධියේදී


ඉතා ඈත අතිතයේ සිටම විවිධ ආකාරයෙන් සැකසු Treadmill වලට සමාන උපකරණ භාවිතා කලා. මුලික අවධියේ Treadmill  වල කාර්යය වූයේ කායශක්තිය භාවිතා කරමින්, ජලය පොම්ප කිරිම හා ප්‍රවාහණය කිරිම වැනි කාර්යයනුයි.


දැනට භාවිතා වන තිරස් පථ වලට අමතරව, සිරස් හා අනත පථද මුල් කාලින Treadmill  වල දක්නට ලැබුනා.



 ක්‍රි.ව 1818 දි කීර්තිමත් ඉන්ජිනේරුවරයකු වන ශ්‍රිමත් විලියම් කියුබිට් මහතා,  Treadmill  උපකරණය වෙනස්ම කාර්යයක් වෙනුවෙන් සකසනු ලැබුවා.

මොකක්ද දන්නවාද?
 ‘‘දඩුවම් දීම‘‘

ඔහු විසින්  Treadmill  උපකරණයේ අද දකින දුවන පථය වෙනුවට, පඩිපෙලක මෙන් ලී පඩි  සහිත රෝදයක් සකසනු ලැබුවා. වරදකරුවන් මේ මත ගමන්කල යුතුයි. එවිට පඩි සහිත රෝදය කැරකෙන අතර, එයින් උත්පාදනය වන බලයෙන්, විවිධ කටයුතු සිදුකර ගත හැකියි.



මෙවැනි දඩුවම් Treadmill උපකරණයක් අදද බ්‍රික්ස්ටන් සිරගෙදරදි දැකගත හැකියි. සෑම සිරකරුවකුම දිනකට පැය කිහිපයක් මේ මත ගමන්කල යුතුයි. එම බලයෙන් පිටි කෙටිම,  ජලය පොම්ප කිරිම සිදුකරලා තියෙනවා.

බ්‍රික්ස්ටන් සිරගෙදර උපකරණය.


පස්සේ පස්සේ Treadmill  එක හුරුබුහුටි වෙලා ගෙදරට ආවා. නමුත් Treadmill  එක වටා ගෙතුනු කතාවත් ඒ එක්කම අනාගතයට දුවගෙන යනවා. 

- රොෂින් ප්‍රනාන්දු  
   

No comments:

Post a Comment