Thursday, March 9, 2017

CIA ආයතනය ඔබේ දුරතකනය හා රූපවාහිනිය තුල - විකිලික්ස් හෙලිකරයි

ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් දුරතකන, රූපවාහිනි ඔස්සේ ජනතාව ගේ තොරතුරු නිරික්ෂණය කරන බව විකිලික්ස් ආයතනය පසුගියදා කරුණු සහිතව පෙන්වා දෙනු ලැබුවා.






විකිලික්ස් හැකර්වරුන් විසින් CIA අායතනයෙන්  මෙම රහස් තොරතුරු ලබාගෙන තිබෙනවා. තොරතුරු අනුව නම් CIA එක ලොකු සෙල්ලමක් දාලා තියන හැඩයි.

විකිලික්ස් පවසන ආකාරයකට, මෙම ඔත්තු බලන මැල්වෙයා හා ප්‍රෝග්‍රෑම් නිපදවා ඇත්තේ Center for Cyber Intelligence ට අයත්  Engineering Development Group නම් කන්ඩායමක් විසිනුයි. මේ සියල්ලටම  Directorate for Digital Innovation  විසින් නියෝග ලබා දි ඇති අතර, Directorate for Digital Innovation යනු CIA හී ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩල 5න් එකකි.

CIA  ආයතන තුල ප්‍රධාන  Directorate  5කි.

  • Directorate of Intelligence
  • Directorate of Digital Innovation
  • Directorate of Operations
  • Directorate of Science and Technology
  • Directorate of Support


 EDG (Engineering Development Group) විසින් සකසන මැල්වෙයා තමයි CIA ආයතනය ලොකේ  වටේ ගේම් ගහන්න භාවිතා කරන්නේ. හෙලි වූ කරුණු කාරනා අනුව රූපවාහිනියක් වත් බලන්න බය හිතෙන කරුනු කාරනා තියෙනවා.  


සැම්සොන්ග් ස්මාර්ට් රූපවාහිනි තම පාලනයට නතුරගෙන, එම රූපවාහිනි ක්‍රියාවිරහිත කර ඇති බව ගෙහිමියන්ට ව්‍යාජ ලෙස පෙන්විමට සමත්කමක් මෙම ක්‍රමලේඛ වලට තිබෙනවා. නමුත් රූපවාහිනි සත්‍ය ලෙසම අක්‍රිය වි නැ. රූපවාහිනි වල ඇති මයික්‍රෆෝන හා වෙබ් කැම් මගින් ගෙහිමියන් නිරික්ෂණය කිරිම සිදුකරන්නට හැකියාව තිබෙනවා. ඔන්න ඔබේ සාලේ මැද්දේම  CIA එක.....

රූපවාහිනි වලට විතරක් නෙවෙයි, ස්ටිව් ජොබ්ස් ගේ ඇපල් ගෙඩියටත් CIA එක ගේම දිලා.  iOS මෙහෙයුම ධාවනය වන iPhone,iPad වැනි උපකරණත් රහසේ සවන්දිමේ හැකියාවක් තිබෙනවා කියා විකිලික්ස්  හෙලිකලා.

ඇපල් වලටත් ගේම දුන්නානම් ආයි ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ගැන කවර කතාද?

Samsung, HTC and Sony වැනි ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන දුරකතන වලටත් ඇතුල් වි තොරතුරු රැස්කර තිබෙනවා. මීට අමතර WhatsApp, Signal, Telegram, Wiebo වැනි ඇප්ස් වලටත් රිංගලා කියලා කියනවා.

මෙවැනි මහාපරිමාණයේ තොරතුරු සොරාගැනිමක් ගැන චෝදනා එල්ල වීම මගින් CIA ආයතනයත්, සෝනි සැම්සොන්ග් ඇපල් වැනි සේවා අායතනන වලට දැඩි කැලලක්.

CIA ආයතනය විසින් විකිලික්ස් හෙලිකල තොරතුරු සම්බන්දව මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතත්, ඇපල් සැම්සොන්ග් වැනි අායතන ඉතා ඉක්මන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

CIA ආයතනයට මෙවැනි ඔත්තුබැලිමේ චෝදනාවක් එල්ල වූ මුල්ම අවස්ථාව මෙය නෙවෙයි. ඉස්සර වගේ CIA එකට දැන් සෙල්ලම් දාන්න අමාරු තාක්ෂණය දියුනු පිරිසක් බිහිවෙලා තියන නිසායි. ටික කාලෙකට කලින් ස්නොව්ඩන් විශාල රහස් ප්‍රමාණයක් හෙලිකලා. 

බලමු CIA එක මේ චෝදනාවට කෙසේ මුහුණ දේවිද කියලා?

   

No comments:

Post a Comment