Thursday, March 2, 2017

පෙට්‍රල් වල ඔක්ටේන් අගය

ඔක්ටේන් 92, ඔක්ටේන් 95 කියලා පෙට්‍රල් වර්ග තියනවා කියලා ඔයාලා දන්නවානේ.
මොකක්ද මේ අංක? 
මොකක්ද මේකේ වැදගත්කම?






පෙට්‍රල්/ ගැසෝලින් අයත් වෙන්නේ ඔක්ටේන් යන ඇල්කේන හයිඩ්‍රෝකාබන් පවුලටයි. ඔක්ට් කියන්නේ 8 ට. ඒ කියන්නේ ඔක්ටේන් වල කාබන් 8ක් අන්තර්ගත වෙනවා. ඔක්ටෙන් වල සුත්‍රය වන්නේ (C8H18).

ඔක්ටේන් වල එකිනෙකට වෙනස් ව්‍යුහ වර්ග නැතිනම් ව්‍යුහ සමාවයවික 18ක් තියනවා. මෙම සමාවයවික එකිනෙකෙහි ගුණයන් එකිනෙකට වෙනස් වෙනවා. 
  1. Octane (n-octane)
  2. 2-Methylheptane
  3. 3-Methylheptane 
  4. 4-Methylheptane
  5. 3-Ethylhexane
  6. 2,2-Dimethylhexane
  7. 2,3-Dimethylhexane 
  8. 2,4-Dimethylhexane 
  9. 2,5-Dimethylhexane
  10. 3,3-Dimethylhexane
  11. 3,4-Dimethylhexane
  12. 3-Ethyl-2-methylpentane
  13. 3-Ethyl-3-methylpentane
  14. 2,2,3-Trimethylpentane 
  15. 2,2,4-Trimethylpentane (isooctane)
  16. 2,3,3-Trimethylpentane
  17. 2,3,4-Trimethylpentane
  18. 2,2,3,3-Tetramethylbutane

                                  ඔක්ටේන් අගය ගැන කතා කරද්දි අයිසෝඔක්ටේන් වැදගත් වෙනවා.

                                  ඔක්ටෙන් ගැන කතා කරපු නිසා, දැන් අපි ඔක්ටේන් අගයට එමු.

                                  ඔක්ටේන් අගය කියලා කියන්නේ, ජ්වලන ගුණය හා ක්‍රියාකාරිත්වය සම්බන්ද සම්මත මිනුමක්. ඔක්ටේන් අගය මගින් ඉන්දනයේ අඩංගු අයිසෝඔක්ටේන් ප්‍රතිශතය පෙන්නුම් කරනවා.

                                  ඔක්ටේන්  අගය ඉහල යෑමත් සමග ඉන්දන ස්ඵෝටනයකින් තොරව වැඩියෙන් සම්පිඩනයකට ලක්කරන්න පුලුවන්. ඉහල පීඩන වලට ඔරොත්තු දෙන්න පුලුවන්.

                                  සම්පිඩනය වැදගත් වෙන්නේ මෙහෙමයි. එන්ජිමේ දහන කුටිය තුලදි, වායුමය ඉන්දනය සම්පිඩනය කරද්දි එක්වරම ස්ඵෝටනය වෙන්න පුලුවන්. මේ නිසා එන්ජිමේ ගැස්සිම් (knocking) ඇතිවෙනවා. මෙය එතරම් එන්ජිමට ගුණ නැ. 



                                  ඔක්ටේන් අගය වැඩි වන විට, එන්ජිම ගැස්සිම / knocking වන හැකියාව අඩු වෙනවා.

                                  ඔන්න ඔහොමයි ඔක්ටේන් අගය වැදගත් වෙන්නේ.

                                  ඔයාලාත් දන්න දේවල් කමෙන්ට් යටතේ සාකච්ඡා කරන්න පුලුවන්.


                                    




                                  No comments:

                                  Post a Comment