Monday, March 27, 2017

තූතන්කාමන් සාපය, මාධ්‍ය හරබයක්ද?

තූතන්කාමුන් කිව්ව ගමන් මතක් වෙන්නේ තූතන්කාමන් සාපය ගැනනේ.  අපි මීට පෙර තූතන්කාමුන් ගැන දීර්ඝ ලෙස කතාකලානේ.  අද අපි සාපයේ ඇත්ත නැත්ත කතා කරමු.




පසුගිය සතිය පුරාවටම බ්ලොග් එකේ ලිපි පලවුනේ නැත්තේ මගේ පරිගණකයේ ඇතිවූ දෝෂයක් නිසායි. වැඩත් එක්ක  පරිගණකය හදාගන්නත්බැරිවුනා.  දැන්  ආයි සුපුරුදු  ලෙස බ්ලොග් ලිපි පලවෙනවා. ඇතිවූ තත්ත්වය සම්බන්දව කණගාටුව ප්‍රකාශ කරනවා. 


සොහොනේ මුද්‍රාව

දැන් තූතන්කාමුන්  දෙසට හැරෙමු. තූමන්කාමන් ගැන පෙර ලිපිය කියවපු නැති මිතුරන්ට ලිපිය අවසන, එහි ලින්ක් එක දක්වා තිබෙනවා. එම ලිපියට සෘජුවම මේ කියන්න යන කතාව සම්බන්ද නැ. 



රජවරුන්ගේ නිම්නය


1922 වසරේදි හෝවාර්ඩ් කාටර් මහතා විසින් කානවන් සාමිගේ මූල්‍යයමය අතහිත මැද,රජවරුන්ගේ නිම්නයේදි වසර ගනනාවක් නින්දේ සිටි පුද්ගලයකුගේ යහනට ඇතුල්වෙනවා.
ඔවුන් තූතන්කාමන් සොහොන බිද මමිය සොයාගන්නවා.
පුරාවිද්‍යාවේ වැදගත්  සොයාගැනිමක් කල  හෝවාර්ඩ්, නිදාසිටි යක්ෂයකු අවධි කලාද? සොහොනට පිවිසි අයට සාපය වැදුනාද?

කාටර්


තව වසර 5කින්  තූතන් ගේ මමිය සොයාගෙන වසර 100 ක්  සම්පූර්ණ  වෙනවා. නමුත් තවමත් තූතන්කාමුන් සාපයේ උණුසුම පහව නැ.

කානවන් සාමි බිරිද සමග


තූතන්කාමුන් සාපය ගැන ලෝකයම රත්වෙන්නේ සොහොන සොයාගන්න  මුල්‍යමය දායකත්වය ලබාදුන් කානවන් සාමි, සොහොන සොයාගෙන මාස 4 ඇතුලත   මියයැමත් සමගයි. බොහෝ මාධ්‍ය මෙම මරණය සාපයට බැර කරන්නට උත්සහ කලා.නමුත්  කානවන්  සාමිගේ  මරණය මදුරු දෂ්ඨණයක් නිසා ඇතිවූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන්  සිදුවූ මරණයක් බව වෛද්‍ය  මතය වුනා. කානවන් සාමි, ඊජිප්තුවට පැමිණෙන විටත් ඔහු රෝගි තත්ත්වයෙන් පසුවූ බවට වාර්තා තිබෙනවා. 



මීට  සියවසකට පෙර වැලිකතර, සෞම්‍ය  දේශගුණයකට හුරු  යුරෝපිය ජාතිකයන්ට  ඉන්න පුලුවන් තැනක් වුනේ නැ. බෙහෝ යුරෝපානුවන් ඝර්ම කලාපයේ අපට හුරු පුරුදු මදුරුවන් පතුරන ලෙඩ නිසා  රෝගින් වි තිබෙනවා.

සොහොනේ වූ බඩුබාහිර ඉවත්කරන අයුරු


තූතන්කාමුන් ගේ  සොහොන් ගැබ වසර  දහස් ගනනාවක් වසා තිබුන තැනක්. මෙවැනි තැනක  නිර්වායු බැක්ටිරියා  වලට තෝතැන්නක් වෙන එක ආයි අහන්න  දෙයක්නැ.  සමහර  නිර්වායු බැක්ටිරියා වර්ග  වලට පුලුවන්  ඉතා  ඉක්මන් මරණ ලගකරන්නට.එමෙන්ම තුතන්ගේ  සොහොනේ ආරක්ෂාවට යම් විෂ වර්ගද ආලේපකරතිබෙන්නට  පුලුවන්.



සොහොන විවෘත කරන අවස්ථාවේදි පුද්ගලයින් 50කට වැඩි සංඛයාවක් රැදිසිට තිබෙනවා. කානවන් ගේ මරණය හැරුණු විට,  8 දෙනකුගේ මරණ ගැන පමණයි මාධ්‍ය තුල කතාවට ලක්වෙන්නේ. (හොවාර්ඩ් මියයන්නේ  සැහෙන්න කාලෙකට පස්සේ.) මේ 8 දෙනාත් මියයන්නේ එකලග නෙවෙයි. සොහොන විවෘත කරලා වසර දහයක් තුල වගේ දිර්ඝ කාල පරිච්චේදයක් තුලදි විටින් විට මෙම මරණ  සිදුවිමද  විශේෂත්වයක්.



අපි හිතමු, කානවන් සාමිතුමා මියගියේ  සාපයෙන් කියලා. එහෙනම් ඇයි අනිත් අයට සාපය වැදෙන්න මෙචච්ර කල් ගියේ. අනික සොහොන  බිදින්න මුල්වුන හෝවාර්ඩ් කාටර් මියයන්නේ, වසර 16කට පස්සේ ඇතිවූ (1939) ලිම්ෆෝමා  තත්ත්වයක් හේතුකරගෙනයි. 

සාපය  වැදිමෙන් මියගියායැයි සැලකෙන අය එවකට ප්‍රකට චරිත වීමද විශේෂත්වයක්. ප්‍රකට චරිතවල මරණ, මාධ්‍ය පුම්බා තිබෙන හැඩයි. 




අපි කවුරුත් හොදින් හදුනන ශර්ලොක්  හෝම්ස් ගේ තාත්තා වන ආතර් කොනන් ඩොයිල්මහතා පවා  සාපය පැත්ත අරන්  කතා කරලා තියෙනවා.

සාපය වැදි  මියගියායැයි එවකට ප්‍රකට පුද්ගලයින්,


  • කාර්නවන්  සාමි - සාපය නිසා මියගිය පලමු පුද්ගලයා ලෙස සැලකේ. මදුරු දෂ්ඨණයක් නිසා ඇතිවූ සංකූලතාවක්හේතුවෙන්   සොහොන  විවෘත කර මාස 4කට පසුව මියගියේය.
  • ජෝර්ජ් ගෝල්ඩ් - උණ රෝගයක් නිසා මියගියේය.
  • අලි කාමල්  කුමාරයා -  වෙඩිතබා ඝාතනය කරන ලදි.
  • කර්නල් ඒබ්‍රි හර්බට් - සැත්කමක් නිසා ඇතිවූ සංකුලතාවක් නිසා මියගියේය.
  • සර් ආකිබෝල්ඩ් ඩග්ලස්  - හදුනානොගත්  රෝගයක් නිසා මියගියේය.
  • සර් ලී  ස්ටාර්ක් - වෙඩිතබා ඝාතනය කරන ලදි.
  • ඒ.සී.මැක්- ආසනික් විසවිමකින් මියගියේය.
  • මර්වින් හර්බට් - මැලේරියා  තත්ත්වය උත්සන්න විමෙන් මියගියේය.
  • රිචඩ් බෙතල් -ලැගුම්ගලක් තුල හුස්ම හිරවිමකින් මරනයට පත්විය.(ඝාතනයක් විය හැක.)
  •  රිචඩ් ලුත්රල් බෙතල් - ලැගුම්හලක 7 වැනි තට්ටුවෙන් වැටි මියගියේය.
ඉහත අය අතුරින්,මර්වින් හර්බට් හා එබ්‍රි හර්බට් යන අය,කර්නවන් සාමිතුමාගේ අර්ධ සොහොයුරන් වේ. ලී ස්ටාර්ක්,සුඩානයේ එවකට අග්‍රාන්ඩුකාරවරයායි.

සොහාන විවෘත කරන විට සිටි අයගෙන් අවසන් වරට මියගිය විදේශික පුද්ගලයා වන්නේ ඇමරිකානු ජාතික  ජේ. කිනමන් මහතායි. ඔහු මියයන්නේ සොහොන විවෘත කර වසර 39 පසුවය. 

ඔන්න ඔහොමයි කතාව.
සාපය,  මාධය සන්දර්ශණයක්ද කියලා තිරණය ඔයාලාට භාරයි. ඔයාලාදන්න කරුනුත් කමෙන්ට් ලෙස දමන්න. අපි කතා කරමු.

ප.ලි-
පිටරට කෙසේ වෙතත්, ලංකාවේ ලමා පත්තර දෙකක් නම් තූතන්කාමන් සාපයයි, බර්මියුඩා ත්‍රිකෝණයයි නිසා හොද හැටි හම්බකරනවා නොවැ. අපි පොඩිකාලෙත් ඔය ටිකමයි පත්තරේ ගියේ. අදත් එවාමයි. 

-රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය.

සබැදි ලිපි



No comments:

Post a Comment