Tuesday, March 7, 2017

ඡායාරුවක සැගවුනු කතා (i)

ලොව පුරා සම්මානයට මෙන්ම ප්‍රසිද්ධියටද පත්වූ ඡායාරුප ගැන පලවන ලිපි මාලාවේ පලමු ලිපියයි මේ.





  • High School Segregation
ඩග්ලස් මාර්ටින් විසින් ගනු ලැබූවකි.





මෙම ඡායාරුපයේ සිටින කාන්තාව ඩොරති කවුන්ට් ලෙස හදුනාගෙන ඇත. ඇය, ඇමරිකාවේ සුදු ජාතින්ගේ පාසලකට ඇතුලත් වූ පලමු කලු ජාතිකයන් පිරිසගෙන් අයෙකි. සුදු ජාතික ඇමරිකානුවන් ඇයට අඩත්තතේට්ටම් කරන ආකාරය ඡායාරුපයෙන් පෙනේ.


  • Inejiro Asanuma Assassinated
යශුෂි නගාඕ විසින් ගනු ලැබූවකි



1960 ඔක්තොම්බර් 12 වන දින  ඔටෝයා යමාගුචි විසින් ටෝකියෝ නුවරදි  සාමාජවාදියකු වූ ඉන්ජිරෝ අසනුමා මහතා ඝාතනය කරන අවස්ථාවේ ගත් ඡායාරුවකි. අත්අඩංගුවට පත් ඝාතකයා පසුව සිරගෙදරදි දිවිනසාගන්නා ලදි.

  • Wading Through River in Loc Thuong
ක්යොඉචි සවාදා විසින් ගනුලැබුවකි.



 වියට්නාම යුද්දයේදි ඇමරිකානු හමුදා එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් බේරිම සදහා මවක් තම දරුවන් සමග ගගට බැසගත් අවස්ථාවක් නිරුපනය වේ. ඇමරිකානු ප්‍රහාර වලින් ලක්ෂ සංඛ්‍යාත වියට්නාම වැසියන් මියගියේය.

  • The Kiss of Life
රිකෝ මරබිටෝ විසින් ගනුලැබූවකි



  චැප්මන් නැමැති විදුලිසැර වැදි අනතුරට පත් කාර්මික ශිල්පියකු හට කෘතිමව ස්වසනය ලබාදෙන තොම්සන් නැමැති තවත් කාර්මිකයෙකු මෙයින් නිරුපනය වේ.


  • Narita International Airport
සදායුකි මිකාමි විසින් ගනුලැබුවකි.



 ටෝකියෝ නුවර නොරිටා ගුවන්තොටුපල සැදිමට විරෝධය පලකරමින් ගිනිතබාගත් පුද්ගලයෙක් නිරුපණය වේ.

තවත් කොටසකින් හමුවෙමු...
  

1 comment: