Monday, March 13, 2017

සුළිසුලං අස්සේ සැගවුණු විදුලිය හොයන ජපන්නු

සුළිසුලගක් කිව්ව ගමන් අපේ හිතට දැනෙන්නේ ලොකු බයක්. සුලිසුලගක් ආවාම වන විනාශය සුලුපටු නැනේ්‍. දවස් ගානක් කලුවරේ ඉන්න වුනත් පුලුවන්. නමුත් ජපනා සුලිසුලං අස්සේ සැගවුනු විදුලිය සොයාගන්න පරික්ෂණ කරනවා.







ජපානය කියන්නේ අධික විදුලි ඉල්ලුමක් තියන රටක්. ජපානය තම විදුලි අවශ්‍යතාවයේන් සැහෙන්න ප්‍රමාණයක්  උත්පාදනය කරගත්තේ න්‍යෂ්ටික බලාගාර මගිනුයි. නමුත් 2011 වසරේ බලපෑ සුනාමියත් සමග ෆුකුෂිමා බලාගාරයට අැතිවූ හානිය නිසා න්‍යෂ්ඨික බලාගාර වලට දැඩි විරෝධයක් අැතිවුනා. මේ හේතුවෙන් සැලකිය යුතු බලාගාර ප්‍රමාණයක් නවතා දමන්නට සිදුවුනා.

මේ වගේ  බලශක්ති ගැටලුවකට මුහුණ දිලා තියන වෙලාවක ජපනා සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් බැහැරව යමින් නව ප්‍රවණතා සොයායන්නට වුනා. මේ අතර තමයි, හානිදායක සුළිසුලං වල ගැබ්වෙලා තියන ශක්තිය ඔස්සේ විදුලි ජනනය කරන්නට මංපෙත් සොයායන්නේ.



සුළිසුලගක් මගින් ඇතිකරන වේගවත් සුලං ප්‍රවාහය මගින් ටර්බයින කරකවා විදුලිය උත්පානය කිරිම පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි. ඔවුන් පවසන එක් ප්‍රබල සුළිසුලගක් මගින් ජපනයම වසර ගනනාවක් ආලෝකවත් කලහැකි බවයි.

දැනට මේ අාකාරයේ පලමු ටර්බයිනය ඔකිනාවා හි ස්ථාපිත කරලා තියෙනවා. ඉදිරි පරික්ෂණ අනුව වඩාත් පලදායි ටර්බයින නිපදවීමටයි ජපාන විද්‍යාඥයින් සැලසුම් කරන්නේ.

ජපනා හපනා කියන්නේ නිකං යෑ.


1 comment: