Tuesday, March 14, 2017

ගෑනුන්ගේ කරේ ගොස් දිවිබේරා ගත් හැටි.

සියවස් ගනනාවකට කලින් ඇතිවූ යුද්ධයකදි පිරිමින් පිරිසක් දිවිබේරාගත් අමුතුම උපායක්  ගැනයි මේ කියන්න යන්නේ. 




ශුද්ධවූ රෝම අධිරාජ්‍යයේ තුල ගැටුම් ඇතිවිම අලුත් දෙයක් නෙවෙයි. එහි වූ විවිධ පාර්ශව නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගත්තා. අපි මේ කතා කරන්න යන යුද්ධය සිදුවන්න‍ේ ක්‍රි.ව 1140 පමණ ඈත අතිතයේදියි.

වසර ගනනාවක සිට ජර්මනියේ ස්ටවුෆන්වරුන් හා  වෙල්ෆ් වරුන් අතර බලය වෙනුවෙන් සටන් පැවතියා.  මේ සටන් මාලාවේ තීරණාත්මක සටනක් ක්‍රි.ව 1140  ජර්මනියේ  වයින්ස්බර්ග් නගරයේදි සිදුවුනා.

මෙම සටනේදි ස්ටවුෆන් හමුදාව මෙහෙයවීම iii වන කොනාර්ඩ් රජු විසින් සිදුකල අතර, iv වන වෙල්ෆ් විසින් වෙල්ෆ් හමුදාව මෙහෙයවනු ලැබුවා.

III කොනාඩ් රජු


වයින්ස්බර්ග් සටනේදි ස්ටවුෆන්වරුන් විසින් වෙල්ෆ් හමුදාව වටලා ඔවුන්ගේ බලප්‍රදේශ යටත්කර ගනු ලැබුවා.

මුල් අවස්ථාවේදි කොනාඩ් රජු විසින් නගරය විනාශ කරදැමිමට තිරණය කලත්, ඇතිවූ සාකච්ඡා වලින් අනතුරුව යටත් වූ සිවිල් කාන්තාවන් නිදහස් කර හැරිමට කොනාඩ් රජු තීරණය කලා. 

නගරය හැරයාමේදි කාන්තාවන්ට, උරහිස මත තබාගෙන යා හැකි  බඩු පමනක් රැගෙන යන ලෙසටද රජු නියෝග කලා. 



ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාන්තාවන්, තම සැමියන් හා ඥාති පිරිමින් කරමත හිදුවාගෙන නගරයෙන් පිටවිමට උත්සහ කලා.



කාන්තාවන්ගේ ඥාණවන්ත උපාය දුටු කොනාඩ් රජතුමා සතුටු වූ බව කියවෙනවා. තම වදන වෙනස් නොකල කොනාඩ් රජු, උරහිස මත ගිය පිරිමින්ට කිසිදු හානියක් කලේ නැ.

කොහොමද ස්වාමින්ගේ දිවි බේරු උපාය?



අදටත් ජර්මනියේ වයින්ස්බර්ග් හී කාන්තාවන් විසින් පිරිමින් උරහිස මත හිදුවා රැගෙන ගිය ආකාරය වාර්ශික උත්සව වලදි රගදක්වනවා.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment