Saturday, March 11, 2017

සැබෑ ආදරය වෙනුවෙන් සටන් වදින ‘‘Love Commandos‘‘

සැබැ ආදරයට බාදා නැත්තේ කොහෙද? 
ආදරවන්තයන් ආදරවන්තියන් වෙනුවෙන් සටන් වදින හමුදාවක් ගැනයි මේ කියන්න යන්නේ.






ඉන්දියාවේ කුල වාදය කොතරම් මුල්බැස ගෙන තියනවාද කියලා මිතුරන් දන්නවානේ. ඉන්දියානු සංස්කෘතිය තුල කාන්තාවන්ට එතරම් සුබදායක තැනක් ලැබෙන්නේ නැ. පාරම්පරික විස්වාස හා ඇදහිලි නිසා ඉන්දියානු කාන්තාවන් ගෙවන්නේ ඉතා පීඩිත ජිවිතයක්. යම් යම් පාරම්පරික ඇදහිලි හා විස්වාස නිසා විටෙක ඉන්දියානු දැරියන් ප්‍රසිද්ධියේ දූෂණයන්ට පවා ලක්වෙනවා. 

ඉන්දියානු කුල ක්‍රමය තුල විවාහය කියන්නේ වැදගත්ම අවස්ථාවක්. ඒ නිසා ආදරවන්තයන්ට තමන්ට රිසි සේ කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැ. හින්දි පික්චර් වල පෙන්න තරම් ඉන්දියාවේ ආදරය ලස්සන නැ. බොහෝවිට සිදුවන්නේ යෝජිත විවාහයන්. දැවැද්ද පොරොන්දම් යන සියල්ල දැඩිව හිස මත තබා සිටිම නිසා ආදරයක් විවාහයකින් කෙලවර විම අඩුයි. 



හදිස්සියේවත් තම පවුලට නොගැලපෙන යැයි සම්මත  විවාහයක් සිදුකරගත්තොත්, පවුලේ ගෞරවය රැක ගැනිම සදහා පවුලේ සාමාජිකයින් විසින් මනාලිය මරා දැමිම සිදුකරනවා. මෙය honor killing ලෙස හදුන්වනවා. ඉන්දියානු පොලිසිය පවා මෙවැනි අවස්ථාවල නිහඩයි.  
මිට අමතරව, දැරියන් දූෂණයට ලක්වූ අවස්ථාවලදිත් ගෞරවය වෙනුවෙන් honor killing සිදුකල අවස්ථා ඉන්දියාව තුල සුලබයි. දැන් තේරෙනවානේ ඉන්දියාවේ සත්‍ය තත්ත්ව. මේවා අතිශෝක්තියකින් ලියන දේවල් නෙවෙයි.

මේ වගේ වාතාවරණයත් තුලදී ව්‍යාපාරිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරින්, මාධ්‍යවේදින් හා නිතිඥයින් එක්ව ආදරවන්තයන් ආරක්ෂා කිරිම වෙනුවෙන් ස්වෙච්ඡා සංවිධානයක් 2010 වසරේදි පිහිටුවා ගන්නවා.
ඒ තමයි
Love Commandos
Love Commandos මූලස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේයි. 



මොවුන් විසින් සැබැ ආරවන්තයන් ට එල්ල වන ආගමික සාමාජිය බාධක වලට මුහුණ දිමට උපකාරි කරනවා. ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය ආධාර සිදුකරනවා. එමෙන්ම ඔවුන්ට විවාහ විමට අවැසි නිතිමය උපකාර සිදුකරනු ලබනවා.

වැලන්ටයින් දිනය නිදහසේ සමරන්නට බොහෝ ඉන්දියානු ප්‍රාන්ත වල හිටින යෞවන යෞවනියන්ට අවස්ථාවක් නැ. විවිධ ආගමික කන්ඩායම් වලින් ඔවුන්ට නිරන්තරයෙන් බලපෑම් එල්ල වෙනවා. වැලන්ටයින් සමරන ආදර යුවලක් අන්තවාදි කන්ඩායමකට හසුවුවහොත්  honor killing පවා සිදුකරනවා. මෙවැනි අවස්ථාවලදි Love Commandos ඉදිරිපත් වෙලා ආදරවන්තයන්ට  අවැසි අාරක්ෂාව ලබා දෙනවා.



Love Commandos සතුව ලක්ෂ 6 ක පමණ බලැණියක් සිටිනවා.ඔවුන්ට දිනකට දුරකතන ඇමතුම් 300ක් පමණ ලැබෙනවාලු. ඔවුන් විසින් මුරසංචාර පවා සිදුකරනවා.

Love Commandos විසින් විවාහකයන් පවා බේරාගත් අවස්ථා තිබෙනවා. විවිධ කුල ගැටලු නිසා රහසෙන් විවාහාපත්වුද ගම්ප්‍රධානින්ගේ නිබද බලපෑමට යටත් වූ පවුල් බේරාගත් අවස්ථා තිබෙනවා.

Love Commandos වෙබ් අඩවිට ඔබටත් පහත ලිංකුව මගින් ගොඩ වෙන්ට පුලුවන්.

love commandos


අපි ජිවත්වෙන්නේ කොච්චර හොද රටකද නේද?

- රොෂින් ප්‍රනාන්දු  

  
  

No comments:

Post a Comment