Thursday, March 16, 2017

ලාබයි ලාබයි කදුකරයේ පිරිසිදු වාතය වෙළදපොලේ

මීට දශක කිහිපයකට කලින් පානිය ජලය බෝතල් වෙලදපොලේ තිබුනේ නැ. කවුරුත් වතුර සල්ලිවලට ගත්තේ නැ. නමුත් අද වනවිට එය සාමාන්‍යයි. ජලය වගේම පිරිසිදු වාතයත් සල්ලි වලට ගන්න වෙයිද? 
දැනටම පිරිසිදු වාතය සල්ලි වලට ගන්න පුලුවන්.





මේක ඇහුවමත් පුදුමයි නේද? කවද්ද අපි හුස්ම ගන්න වාතය සල්ලි  වලට ගන්න හිතුවේ.

ඉතා රමණිය කදු වලල්ලකින් වටවුන ස්විට්සර්ලන්තයේ හිම පිරි කදුවලින් රැස්කරගත් නැවුම් වාතය බෝතල් කර අලෙවි කරන ව්‍යාපාරයක් ගජරාමෙට සිද්ද වෙනවා.



මෙම නැවුම් වාතය  පයින්ටු, ලීටර් හා ගැලුම් යන ප්‍රමාණ වලින් ලබාගත හැකියි. දැනට වෙලදපොලේ පවතින කදුකර වාතය පයින්ටුවක් ඩොලර් 97 සිට ඉහලට මිල සදහන් වෙනවා. 

වෙලදපොලට නිකුත් කරන සෑම වාතය ඇසුරුමකම, එහි අඩංගු වාතය රැස්කරගත් ස්ථානයේ GPS කේතය සටහන් කර තිබෙනවා.


බෝතල් කල වාතය වෙලද පොලට අලුත් වුවත්, සංකල්පනය නම් පරණයි. ලොව පුරා පැතිරයන අධික වායු දූෂණය හේතුවෙන් මනා සෞඛ්‍ය තත්ත්වය පවත්වාගැනිමට බෝතල් කල පිරිසිදු වාතය  ලබාගැනිමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කලක සිට අනතුරු අගවා සිටියා. 

මිට අමතරව කැනඩාව බ්‍රිතාන්‍ය හා චීනය වැනි රටවල් වල බෝතල් කල වාතය ව්‍යාපාරයක් ලෙස සිදුකරනු ලබනවා.

- Rosheen Fernando


  

No comments:

Post a Comment