Friday, March 10, 2017

ෆූජියාමා කන්ද පාට කිරිමේ ඇමරිකානු මෙහෙයුම

ජපානයේ පිහිටා තියන සුප්‍රකට සුන්දර ෆූජි ගිනිකන්දට ගේමක් දෙන්න ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයේදි සැලසුම්කල මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ.






ජපානයේ හොන්ෂු දූපතේ පිහිටා තියන ෆූෂි ගිනිකන්ද නිබද සංචාරක ආකර්ෂණයට නතුවන සුන්දර ස්ථානයක්. ජපානයේ උසම කන්ද වන මෙය, ජපන් වැසියන් දේවත්වයෙන් සලකනවා.



දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපාන ජනතාවගේ හා සෙබලුන්ගේ චිත්ත  ශක්තිය බිද දැමිම සදහා ඇමරිකාව විවිධ දේවල් කරන්න උත්සහ කලා. මේ අතර ජපානයේ සංකේතයක් වන් ෆූජි කන්දට ගේමක් දෙන්න සැලසුම් කරනවා.

ෆූජිකන්ද රක්ත වර්ණ කරන්නට CIA සැලසුම් කරනවා. B-29 වර්ගයේ ගුවන්යානා වලින් ගෙනයන තීන්ත මගින් කන්ද රතුපැහැ කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුනේ. වර්ණ ගන්වන පැහැය පිලිබදව යම් මතවාද තියෙනවා. සමහර මූලාශ්‍රවල කන්ද කලුපාට කරන්නට සැලසුම් කලා කියලා කියවෙනවා.

B29

කෙසේ වෙතත් මෙසේ ෆූජි කන්ද වර්ණගැන්විම මගින් ජපාන ජනතාවගේ ධෛර්යය බාලකිරිම අරමුණ වුනා. තමන් අදහන දෙයකට මෙවැනි විපත්තියක් වුනාම කොහොම දැනෙයිද?

නමුත් ෆූජි කන්ද මෙසේ රතු පාට කිරිම ලේසි පහසු නැ කියලා තේරෙනවානේ. තීන්ත කොච්චරනම් අවශය වෙනවාද? මෙහෙයුමේ ප්‍රයෝගික අපහසුතා නිසා මෙහෙයුම ක්‍රියාත්මක වුයේ නැ.


ලෝක යුද්ධ හා සබැදි පෙර ලිපි


No comments:

Post a Comment