Tuesday, March 28, 2017

මරණයට පෙර අවමගුලට සැරසෙන එලිසබත් රැජින

බ්‍රිතාන්‍යයේ කිරුල දරන දෙවැනි එලිසබත් රැජින දැනට 90 වැනි වියෙහි පසුවෙනවා. ඇය තමයි දැනට බ්‍රිතාන්‍ය ඉතිහසයේ වැඩිම කලක් කීරිටය දැරු පාලකයා වන්නේ. හදිස්සියේවත් ඇය මියගියහොත්,පිලිපදින ක්‍රියාමාර්ග හා අවමංගල්‍ය උත්සවය පිලිබදව විස්තර එලිදුටුවා.






හයවැනි ජෝර්ජ් රජුගෙන් පසු 1952 වසරේදි කිරුල පලදින දෙවැනි එලිසබත් රැජින වසර 75ක් තම පාලනය ගෙනයනවා. ඇය යටතේ එංගලන්ත අගමැතිවරුන් 12 දෙනකු පමණ  සේවය කර තිබෙනවා.

මහලු වියේ පසුවන රැජින හදිස්සියෙවත් මියගියහොත් එ බව දැන්විමට විශේෂ කේතයක් භාවිතා කරනවා.
එය තමයි,
‘‘London Bridge is down‘‘

දැනට සැලසුම් කර ඇති පරිදි රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 12ක් පැවැත්වෙනවා. මෙම දින 12ක කාලය තුල රැජිනගේ දේහය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාව තුල ප්‍රදර්ශණය කිරිමට නියමිතයි.

 අවමංගල්‍ය උත්සවය හා නව රජු අභිෂේක කිරිමේ මෞලිමංගල්‍යය සදහා වන වියදම බිලියන ගනනක් වන බව ගනන්බලා තිබෙනවා. එමෙන්ම රජයේ නිවාඩු දිනයන් හා ශෝකදිනයන් ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් වක්‍රව  එංගලන්ත ආර්ථිකයට ද බලපෑම් එල්ල වෙනවා.

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැම්පත් කර ඇති දේහය පිලිබද අවසන් කටයුතු කිරිමට පෙර දිනයේදි, රාජකීය පවුලේ පිරිමි පාර්ශවය විසින් රැජිනගේ දේහය සිවුකොන  රැකවල්ලෑම සිදුකරනු ලබනවා.මෙය පුරාණ චාරිත්‍රයක්.

රැජිනගේ මවගේ අවමංගල්‍යය (2002)

2002 වසරේදි එලිසබත් රැජිනගේ මව මියගිය අවස්ථාවේ දින 3ක් තුල ලක්ෂ 2 ඉක්මවූ ජනතාවක් ඇයට අවසන් බුහුමන් දැක්විමට පැමිණ සිටියා.එලිසබත් රැජිනගේ දේහය තැම්පත් කරන කාලය තුල දි ලන්ඩනය තුලඅධික තදබදයක් ඇතිවිය හැකියැයි ගණන්බලා තිබෙනවා.

අවසන් කටයුතු සිදුකරන දිනයේදි, ඇගේ දේහය කාලතුවක්කු ගැලක් මත තබාගෙන දේවස්ථානය වෙත ගෙනයනු ලබනවා. මෙම අවමංගල්‍ය ගමනට දෙස් විදෙස් රාජ්‍ය නායකයින් එක්වනු අැති.

ඩයනා කුමරියගේ අවමංගල්‍යය


ප්‍රධාන දේව මෙහෙය කැන්ටබරි හී ආචිබිෂොප්වරයා විසින් සිදුකිරිමට නියමිතයි.

රැජිනගේ දේහය, වින්ඩ්සර් මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති ඇගේමවගේ හා පියාගේ සුසාන අසලින් භුමිදානය කිරිමට සැලසුම් කර තිබෙනවා. ජෝර්ජ් දේවස්ථානයේ භුමිදානය සිදුකලනොහැකි වූවහොත්, විකල්ප ස්ථාන ලෙස බල්මොරාල් මාලිගාව හා සැන්ඩ්‍රින්හැම් මාලිගාව නම්කර තිබෙනවා.

රැජින මියගියාම රජකමට කුමක් වෙයිද?
රජ අසුන හිස්ව තිබිය නොහැකියි. රැජින මියගිය වහාම, චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්වනවා. මෞලිමංගල්‍යය, රැජිනගේ අවසන් කටයුතු සිදුකර මාස කිහිපයකින් පැවැත්වනු ඇතියි.

චාල්ස් කුමරු


පැතිර යන ආරංචි වලට අනුව, චාල්ස් රජතුමා වැඩිකල් පාලනය නොකරන හැඩයි. තම වැඩිමහලු පුත් විලියම් කුමරුට රජකිරුල බාරදිමට කැමැත්තෙන් පසුවන බවටද කනින් කොනින් කියවෙනවා.

රජ වෙනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි නෙවැ. මැරෙන්න කලින් අවමංගල්‍ය සැලසුම් කරන්නත් වෙනවා.

- රොෂීන් ප්‍රනාන්දු 

No comments:

Post a Comment