Sunday, March 5, 2017

යුරෝපයේ බෞද්ධ රට - කල්මැකියාව

යුරෝපා මහද්වීපයේ පිහිටි  බෞද්ධ අාගමිකයන් බහුතරයක් වෙසෙන එකම  වන ‘‘කල්මැකියාව‘‘ ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.






Republic of Kalmykia / කල්මැකියා ජනරජය, බටහිර යුරෝපයේ කැස්පියන් මුහුදට මායිම් ව පිහිටන රටක්. මෙය දැනට රුසියාවට අයත්ව ස්වතන්ත්‍ර පාලනයක් ගෙනයන ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. තෙල්,  ගල්අගුරු හා ගෑස් සම්පතින් කල්මැකියාව පිරිපුන් අතර, සැලකිය යුතු ජෛව විවිධත්වකින්ද අනූනයි.



ජනයාගෙන් බහුතරයක් ටිබෙට් බුද්ධාගම අදහන බෞද්ධයන් වන අතර  යුරෝපයේ බුද්ධාගම රාජ්‍ය ආගම වන එකම  ප්‍රදේශය වන්නේද, කල්මැකියාවයි. කල්මැකියාවේ වෙසෙන බහුතරය ස්ටෙප්ස් හා ආසියානු ප්‍රදේශ වලින් සංක්‍රමණය වූ අයවලුන් වේ. ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලමාතුමා තම ආගමික නායකයා ලෙස කැල්මැකියානු බෞද්ධ ජනතාව සලකනු ලබයි.



දැන් කල්මැකියාවේ දේශාපලන ආර්ථික තොරතුරු පැත්තට හැරෙමු. 

පූටින් කල්මැකියාවේ....


‘‘එලිස්ටා‘‘ නගරය , අගනුවර කරගනිමින් පාලනය වන කල්මැකියාවේ ලක්ෂ 3 කට ආසන්න පිරිසක් ජිවත් වේ. කල්මැකියාව ජනාධිපතිවරයෙක් විසින් පාලනය කරයි. එමෙන්ම පාර්ලිමෙන්තුවක්ද පවති. රුසියාවට අයත් ප්‍රදේශයක් බැවින්, රුසියාවේ නිරන්තර බලපැමට යටත් විමට කල්මැකියාවට සිදුවේ.

ජාතික කොඩිය

චෙස් ක්‍රිඩාව ගැන කතාකරනකොට කල්මැකියාව අමතක කරන්නම බැ. ලෝක චෙස් කේන්ද්‍රස්ථානය ලෙස කල්මැකියාව සලකනවා. කල්මැකියාවේ හිටපු ජනාධිපතිවරයකු වන Kirsan Nikolayevich Ilyumzhinov මහතා, ලෝක චෙස් සංවිධානයේ (World Chess Federation)  සභාපතිවරයා වේ.

හිටපු ජනාධිපති කිර්ෂාන්


හිටපු ජනාධිපති කිර්ෂාන් හා පිටසක්වල ජිවින් පැහැරගෙන ගිය බව ඔබ දන්නවාද?
1997 වසරේදි තමන්ව පිටසක්වල ජිවින් පැහැරගෙන ගොස් පරික්ෂණ සිදුකල බව කිර්ෂාන් මහතා අනාවරණය කලා. පැහැරගෙන  ගිය පිටසක්වල ජිවින් විසින් පසුව ඔහුව නැවත නිවෙසට රැගෙන ගොස් තිබුනා. ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්දව එවක දැඩි කතාබහක් ඇතිවුනා.

ඔන්න ඔහොමයි කල්මැකියාවේ කතාව

- රොෂින් ප්‍රනාන්දු


 

No comments:

Post a Comment