Tuesday, April 18, 2017

ශ්‍රීපාදය දමිලයන්ට පවරයි

මුල්ලේරියා වෙළ පරංගි ලේ වලින් පෙගවූ  සිතාවක රාජසිංහ රජු විසින්  ශ්‍රි පාදස්ථානය දමිල ආඩිපකීර් වරුන්ට පැවැරු බව ඔබ දන්නවාද?





සීතාවක රාජසිංහ රජු විසින් තම පාලන සමය තුල ශ්‍රී පාදස්ථානය දමිල ආඩිපකිර් වරුන් හට පවරනවා. ඒත් සමග එතෙක් ශ්‍රී පාදස්ථානයට දෙස් විදෙස් වන්දනාකරුවන්ගෙන් ලැබුනු අධික  වටිනාකමකින් යුතු පූජාභාණ්ඩ සියල්ලමද දෙමල පුජකවරුන් අතට පත්වෙනවා.

සීතාවක රාජසිංහ රජු දවස ඉන්දියාවෙන් පෙරුමාල්වරුන් පැමිණ තිබෙනවා. ඔවුන් ශිව දෙවියන් අදහනන් වූවා.  ඔවුන් සමග පැමිණි අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් රජුගේ හිත දිනාගෙන රාජ්‍ය සේවයත් එක් වුනා.  ඔහු රජුව ශීව භක්තිකයෙක් කිරිමටද මුල් වුනා. මෙවැනි හේතුන්, රජු ශ්‍රි පාදය ආඩිපකිර් වරුන්ට පවරන්නට බලපාන්නට ඇති.

අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් ගේ ක්‍රියාකාලාපය ගැන ජනතාව අතර දැඩි අප්‍රසාදයක් තිබිලා තියෙනවා. පොඩි ලමයි සෙල්ලම් කරද්දි කියන ‘‘ අතුරු මිතුරු දඹ දිවතුරු ‘‘ ගීතයත් අඥාත රචකයකු විසින් පබැද තියෙන්නේ පෙරුමාල්ට උපහාසයක් ලෙසයි.

පුරා වසර 171  දමිල පූජකයන් යටතේ පැවැති ශ්‍රී පාදය, කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නැවතත් සගසතු කරනවා. එතුමන් විසින් ‘‘කුට්ටාපිටිය තඹ සන්නස‘‘ මගින් ශ්‍රී පාදයේ බාරකාරිත්වය සපරගමු වේහැල්ලේ සංග පරම්පරාවට පවරනවා. කුට්ටාපිටිය තඹ සන්නස යනු ශ්‍රි පාදය අරඹයා  රජකු විසින් ප්‍රදානය කරන ලද අවසන් සන්නසයි.

ආශ්‍රීත ග්‍රන්ථ
සපරගමු  දර්ශන - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි
ලංකාවේ පෘතුගිසි යුගය - පෝල්  ඊ පිරිස්


No comments:

Post a Comment