Tuesday, April 25, 2017

මිනිස් සිරුරේ දිගම පේශිය - Sartorius

සිරුරේ දිගම පේශිය ගැන ඔබ දන්නවාද?



මිනිස් සිරුරේ තියන දිගම පේශිය  Sartorius පේශියයි.  Sartorius පේශිය, කලව ප්‍රදේශයේ ඉදිරිපස  පිහිටි පේශි ගොන්නට අයත් වෙනවා.

සිහින් දිග පේශියකි.

ලතින් බසින්  ‘‘Sartor‘‘ යන්න ටේලර් නැතිනම් ඇදුම් මසන්නා යන අර්ථය ගන්නවා.

Sartorius, උකුල් ඇටයේ පිහිටි Anterior superior iliac spine නම් නෙරුමේ සිට, කකුලේ Tibia හෙවත් ජංඝාස්ථියේ උඩ කොටස දක්වා දිවෙනවා.

වෙද වචන අමතක කරලා කිව්වොත්, ඔයාලාගේ ඉන හරියේ ඉදලා, දන හිසට පොඩ්ඩක් පහලට යනකං මේ පේශිය යනවා කියලා හිතාගන්නකෝ. 
 Sartorius පේශිය 

Sartorius පේශිය එතරම්ම ප්‍රබල ක්‍රියාකාරකම් පෙන්වන  පේශියක් නෙවෙයි. තරමක් දුර්වල පේශියක් කිව්වට වරදක් නැ. එය  උකුලේ  හා දනහිසේ චලනයන්ට දායක වෙනවා.










No comments:

Post a Comment