Monday, April 10, 2017

මාළුවෝ නිදාගන්නවාද?

මාළු යාලුවෝ නිදාගන්නවාද? 
මේ පැනය ඔයාලාටත් සිතිලා තියෙන්න පුලුවන්.





නින්ද කියන්නේ සත්ත්වයන්ට ඉතා වැදගත් දෙයක්. නිසි පරිදි නින්දක් නොලැබිම නිසා වන ගැටලු බොහොමයි. නින්ද ගැන අපි කිප වරක්ම කතා කලානේ. අද කතා කරන්න යන්නේ වෙනස් මාතෘකාවක් ගැන.

ජලජ වාසින් වන මාළුවන් නිදාගන්නවාද?

සරලම පිලිතුර ඔව්. නමුත් අනෙක් ජිවින්ට වඩා වෙනස් විදිහකටයි මාළුවන් නිදාගන්නේ.

සාමාන්‍යෙයන් ක්ෂිරපායින්, පක්ෂීන් නිදාගනිද්දි ඇසිපිය වසාගෙනයි නිදාගන්නේ. නින්දේදි මොලයේ ක්‍රියාකාරිත්ව වෙනස් වෙනවා. බාහිර හැසිරිමෙන්ම කියතැහැකිනේ නිදිද නැද්ද කියලා. නමුත් මාලු ටිකක් වෙනස්.

වැඩේ කියන්නේ මාලුන්ට ඇසිපිය නැනේ. ඉතින් බැලු බැල්මටම කියන්න බැ නිදිද නැද්ද කියලා.

සත්ත්ව විද්‍යාඥයින් සිදුකල පරික්ෂණ වලට අනුව, මාළුන් නිදාගෙන ඉන්න කොට හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි.

  • දිර්ඝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටිම හෝ අක්‍රිය ස්වභාවයක් පෙන්විම.
  • සරල ඉරියව් පෙන්විම.
  • එකම රටාවකට දිර්ඝ වේලාවක් පිනිම.
  • බාහිර උත්තේජ වලට නිසිආකාරව ප්‍රතිචාර නොදැක්විම.

විවිධ මාළු වර්ග තම විවේකය ගත කරන්නේ විවිධ අාකාර වලටයි. සමහර මාළුන් නිදාගනිද්දි තම ඉන්න පරිසරයේ පතුලටම ගිහිනුයි නිදාගන්නේ. මාලු ටැංකි වල ඇතිකරන මාළුන් මේ අාකාරයට හැසිරෙනවා ඔබ දැකලා ඇති. සමහර කැට්ෆිෂ් වර්ග නිදාගනිද්දි ආනතවයි නිදාගන්නේ.

ඔයාලා දන්නවා සමහර මාළු වර්ග කවදාවත් නිදාගන්නේ නැ වගේයි පෙන්නේ. කුම්බලා මාළු වර්ග නිරන්තරනේ පිහිනමින් තමයි ඉන්නේ. ඒ නිසා මෙයාලා නිදිද නැද්ද කියලා බැලු බැල්මටම කියන්න බැ. නමුත්  මෙවැනි මාළු වර්ග නිදාගන්නා වෙලාවට පිනන්නේ සාමාන්‍ය පිහිනිමේ වේගයට වඩා අඩු  වේගයකින්.

ක්ෂිරපායි අපි වගේම රෑට නිදාගන්න මාළු වර්ග බොහෝමයක් ඉන්නවා.

පුදුමයි නේද?

මේ ලිපිත් කියවලා බලන්න.




No comments:

Post a Comment