Friday, April 7, 2017

රජෙක් වෙනුවෙන් කැරට් වල පාට වෙනස් කරයි.

‘‘කැරට්‘‘ නොකාපු කෙනෙක් නැතුව ඇති. ගුණදායක කැමක් නොවැ. දැන් වෙලදපොලේ තියන කැරට් තැඹිලි පාට උනාට, මීට සතවර්ශ කිහිපයකට කලින් ලෝකයම කැරට් වල පාට ලෙස හදුනාගෙන හිටියේ දම්  පාට බව ඔබ දන්නවාද?





පුදුමයි නේද? ඒත් ඇත්තයි.

17 වන සියවසට පෙර ලෝකයේ තිබූ  කැරට් ප්‍රභේද සියල්ලම පාහේ දම්පාටකින් යුතු වුනා. කැරට් වල දම් පැහැයට හේතු වුනේ ඇන්තොසයනින් නම් වර්ණකයයි.



කොහොමද දම් පාටට තිබුණු කැරට් තැඹිලිපාට වුනේ?

දැනට සොයාගෙන ඇති කරුණූ අනුව කැරට් වල පාට වෙනස්කිරිමට මූලික ව කටයුතු කරලා තියෙන්නේ ඕලන්ද රටේ ගොවින්. ඕලන්දය අදවන විට හදුන්වන්නේ නෙදර්ලන්තය කියලා. මෙයාලා ලංකාවත් කාලයක් යටත්කරන් හිටියා නේ.



ඕලන්දයේ එවකට පැවැති  පෙලපත  House of Orange යනුවෙන් හදුන්වා තිබෙනවා. මොයාලා රාජකිය වර්ණය ලෙස තැඹිලි වර්ණය භාවිතා කරතිබෙනවා. රජකුමාරයන් පවා හදුන්වා ඇත්තේ ‘‘ඔරෙන්ජ් හි කුමාරයා‘‘ යනුවෙන්. ඕලන්දයේ ගොවින් තම රජුට ගෞරව දැක්විමක් ලෙස තමයි මුහුම් ක්‍රම මගින් දම් පාට කැරට්,තැබිලි පාට කරලා තියෙන්නේ.

කැරට් ගැන තවත් කරුණු ටිකක්,


  • කැරට් යනු විටමින් A බහුල ආහාරයක්. 
  • කැරට් අධික වශයෙන් ආහාරයට ගත්තොත් ඇග කහපාට වෙන බව ඔයාලා දන්නවාද? මේක වෙන්නේ අධික ලෙස විටමින් A ශරිරගතවිම නිසා. 
  • ක්‍රි.පු 100 පමණ දක්වාම, කැරට් ආහාරයට ගැනිමට මිනිසා බිය වෙලා තියෙනවා. එවකට කැරට් වල විසක් ඇතැයි සැක කරලා.

   

No comments:

Post a Comment