ලෝක යුද්ධ වලදි ගොඩබිම, ගුවනේ, මුහුද උඩ වගේම මුහුද යටත් සටන් සිදුකලානේ.
නමුත් ඔයාලා දන්නවාද පොලව යට හාරගෙන ගිහිනුත් සටන් සිදුවුනා කියලා.
උමං හාරගෙන ගිහින් සටන් කරන එක සැහෙන ඈත අතිතයක් තියන ගරිල්ලා සටන් උපක්‍රමයක්. මෙම ගරිල්ලා සටන් ක්‍රමය ගැන පලමු ඉතිහාස වාර්ථා හමුවන්නේ රෝමන්කාරයන් උමං වලින් ගිහින් සටන් කලා කියලා කියන වාර්ථා වලිනුයි.
ලෝක යුද්ධ වලදි තම ජයග්‍රහණය වෙනුවෙන් ජර්මානුවන් වගේම මිත්‍ර පාක්ෂිකයිනුත් විවිධ උපක්‍රම යෙදුවා. ලෝක යුද්ධ දෙක අතුරින් පලමු ලෝක යුද්ධයේදි උමං සටන් බහුලව සිදුවෙලා තියනවා.
ඒ කාලේ මිත්‍ර පාක්ෂික රටක් වන බ්‍රිතාන්‍ය තම යටත් විජිත වල හිටපු දක්ෂ උමං හාරන්නන් හා උමං හෑරිම පිලිබද උගත් පුද්ගලයින් යොදවලා වෙනම Royal Engineer tunnelling companies නම් බලඇණියක් සකස්කරලා තියනවා. මොවුන් විසින් යුද්ධය පැවැති ප්‍රදේශ වල උමං හැරිම කරලා තියනවා.
ජර්මානුවනුත් නිකං ඉදලා නැ. එයාලාත් උමං හරලා තියනවා.
ජර්මානු උමං දොරක් |
උමං හැරිම ප්‍රධාන වශයෙන් ඉදිරි සටන් පෙරමුණු වල තමයි සිදුකරලා තියෙන්නේ. මොකද දෙපසම හොදින් අවිආයුධ වලින් සන්නද්ද නිසා, පොලව උඩින් එම ඉදිරි ආරක්ෂක වළලු තරණය කරන්න ගියොත් වන හානිය වැඩිය.
දෙපාර්ශවයම උමං කණින ආකාරය |
උමං හැරිමේ බලඇණිය මගින් ඉදිරි ආරක්ෂක වළලු අවට සැලකිය යුතු වපසරියක් ආවරණය වන පරිදි උමං හාරනවා. ඒ අතර තුර ජර්මානුවන් විසිනුත් උමං හාරනවා. හාරන උමං තුල වෙනම නිරික්ෂකයින් පිරිසක් ඉන්නවා. ඒ අයගේ කාර්යය තමයි, සතුරන් උමං හාරන ආකාරය ගැන සවන් දි ගෙන ඉන්න එක. ඒ අය ලග තියන වෙද නාලාවට සමාන උපකරණ මගින් උමං බිත්ති වලට කන්දිගෙන සතුරු ක්‍රියාකාරකම් අහගෙන ඉන්නවා. මේ ශබ්ද නිරික්ෂණ ජර්මානුවනුත් කරනවා.
උමං තුල ඇති නිලධාරිගේ කාමරයක් |
ජර්මානුවන්ගේ ගේ උමං, තම උමං වලට ලං වෙනවානම් ඒ වගේ අවස්ථාවලදි කරන්නේ ජර්මානුවන් උමග හාරන දිශාව ගැන හොදින් නිරික්ෂණය කරලා ඒ උමගට ආසන්න වන ලෙස පොඩි දෝනාවක් හාරලා, බෝම්බ මගින් පුපුරවා හරින එක. එවිට දෝනාව පුපුරා යන කම්පනය නිසා සතුරු උමග හා සතුරන්ද වැලළි යනවා. උමං බිත්ති බිද වැටෙන නිසා බේරාගන්න අවස්ථාවක් ලැබෙන්නේත් නැ. ජර්මානුවනුත් මේ ආකාරයටම උමං ප්‍රහාර එල්ල කරලා මිත්‍ර පාක්ෂික සෙබලුන් විශාල ගනනකුත් පණ පිටින් පොලව තුල වැලලි ගොස් තිබෙනවා.
මෙසිනෙස් ප්‍රහාරයෙන් වූ විනාශය |
මෙසිනෙස් ප්‍රහාරයෙන් වූ විනාශය |
පලමු ලෝක යුද්ධයේ වූ බිහිසුනුම උමං ප්‍රහාරය සිදුවුනේ 1917 වසරේ බෙල්ජියමේ මෙසිනෙස් සටනේදි. මිත්‍ර පාක්ෂික උමං හාරන්නන් විසින්, ජර්මානු ඉදිරි ආරක්ෂ වලල්ල යටින් යන ලෙස උමං 22ක් හාරනවා. මෙම හාරන උමං 22න් 19ක් තුල ටොන් 600ක පමණ පුපුරන ද්‍රව්‍ය ගබඩා කොට එක්වර පුපුරා හරිනවා. ජර්මානුවන් අන්දමන්ද කරමින් ඔවුන්ගේ ආරක්ෂ වලලු පුපුරා යනවා. හිතාගන්න කෝ තමන් හිටන් ඉන්න පොලව යටින් එකපාරට අතිවිශාල පිපිරිමක් වෙද්දි ඒක කොහොම දැනෙයිද? මෙම ප්‍රහාරයෙන් ජර්මානුවන් 10000ක් පමණ මිය ගියා. එතෙක් ලොව සිදුකල විශාලතම පිපිරිම මෙයයි. මෙම පිපිරිමේ ශබ්දය ලන්ඩන් නුවරට ඇසි තිබෙනවා. පිපිරිම නිසා ඇතිවූ ආවාට දැන් විල් බවට පත්වෙලා.
පිපිරිමෙන් සෑදුනු ආවාට විල් බවට පත්ව ඇති අයුරු |
දෙවැනි ලෝක යුද්ධයේදි ජපනුන් මෙම උපාය අනුගමනය කලා. ඊට අමතරව කොරියානු යුද්ධය, වියට්නාම් යුද්ධය, බොස්නියානු යුද්ධ වලදිද ගරිල්ලා සටන් ක්‍රමයක් ලෙස උමං ප්‍රහාර භාවිතා කලා.
වියට්නාම යුද්ධයේදි ඇමරිකානුටන්ට හිසරදයක් වන තරමටම වියට්නාම සටන්කාමින් සැතපුම් ගණන් දිග උමං හැරිම සිදුකලා.
- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
මේ ලිපිත් කියවන්න
No comments:
Post a Comment