Wednesday, January 4, 2017

එංගලන්ත රැජිනගේ සිරියහනට පැන්න මිනිහා (රජ ගෙදර පළහිලව් i)

වලස් තොප්පි දාගත්ත ගාඩ්ලා ටිකක් පැය 24ම ගාඩ් කරන,
තමන්ටම කියලා වෙනම පොලිසියක් තියන,
නවතම ආරක්ෂක පද්ධතින් වලින් ආරක්ෂා කරපු බකිංහැම් මාලිගාවේ ඉන්න,
ඒ ඇරත්  බලු සුරතලුන් පිරිසකුත් ආරක්ෂා කරන,
තවමත්  රටවල් 16 ක ලොක්කි වෙච්ච,
දෙවැනි එලිසබත් රැජිනගේ කාමරේට පනින්න නම්,
දක්ෂ ඒජන්තවරයෙක් ම වෙන්න ඕනාද?






අපෝ නෑ,
පදමට වෙරි වෙච්ච
මිනිහෙකුටත් පුලුවන්,
එකපාරක් විතරක් නෙවෙයි
දෙපාරක්ම පැනතැහැකි,


ඔහු නමින්,
මයිකල් ෆ්‍රැගන්.




1982 අවුරුද්දේ මැද දවසක හවස මයිකල් පබ් එකකින් පදමට මධුවිත සප්පායම් වෙලා. ඉන්පසු ඔහු සවස 7ට පමණ එම පබ් එකෙන් පිටවෙලා තියෙන්නේ ගෙදර යන්නයි. ගෙදරට යන පාර වැටිලා තිබිලා තියෙන්නේ බකිංහැම් මාලිගාව ලගින්. මේ අතර මයිකල්ට හිතෙනවා බකිංහැම් මාලිගාවට ඇතුල් වෙන්න. ඇත්තටම මේක මයිකල් පෙර සැලසුම් කරලා කරපු දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ හිතුන දෙයක් කියලායි ඔහු තම පාපොච්චාරනයේදි කියා සිටියේ. ඉතින් වෙරි මරගාතේම මයිකල් බකිංහැම් මාලිගාව වටේ තිබ්බ අඩි 14ක් උඩ තාප්පේ පැනලා, ඇතුලට යනවා. පසුව මාලිගාවේ බිත්තියේ තිබුනු පයිප්පයක් දිගේ බඩගාගෙන ගිහින් ඇරලා තිබුනු ජනේලයකින් මාලිගාවට ඇතුල් වෙනවා. 

මාලිගාවේ තාප්ප

මාලිගාවට ඇතුල් වුන මයිකල් මිනිත්තු 15 පමණ ඔබ මොබ ඇවිදමින් ඉදලා තියනවා. කවුරුත් ඔහුව දැකලා නැ මෙම කාලය තුලදි. ඔහු බිත්ති මත ඇති පින්තුර බලමින් කොරිඩෝව දිගේ  ගිහින් තියනවා. ඔහු විසින් රජකුමාරයන්ගේ කාමරයකට ඇතුල් වෙලා එහි තිබු වයින් බෝතලයකුත් පානය කරලා තියනවා. මයිකල් කියන ආකාරයට ඒක ලාබ වයින් එකක් ලූ. 

මෙහෙම යන අතරතුර මයිකල් අහම්බෙන් දෙවැනි එලිසබත් රැජිනගේ කුටියටත් ඇතුල් වෙලා තියනවා. ඒ වනවිට රැජින නිදාගෙනයි සිට ඇත්තේ. ඔහු විසින් කාමරයේ ඇති තිර රෙදි ඉවත් කිරිමත් සමග රැජින අවදි වි තිබෙනවා. තිර රෙදි මැත් කල මයිකල්, ඉන්පසු රැජිනගේ ඇදේ පැත්තකින් වාඩි වෙලා තියනවා. මේ අවස්ථාවේ රැජින වැඩි කලබලයකින් තොරව, ආරක්ෂක සිනු නාද කලත් සීනු වැඩ කරලා නැ. 



මේ අතර මයිකල් විසින් රැජිනගෙන් සිගරට් හා මත්පැන් ඉල්ලා ඇති අතර,රැජින විසින් සිගරට් ලබා දි තිබෙනවා. මේ අතරතුර පැමිණි රැජිනගේ ආරක්ෂකයින් විසින් මයිකල් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකල ප්‍රශ්න කිරිම් වලින් හෙලිවුනේ, මෙම සිද්ධියට මසකට පමණ පෙරදීද මයිකල් විසින් මේ ආකාරයටම බකිංහැම් මාලිගාවට හදිස්සියේම ඇතුල් වි ඇති බවත්, මාලිගාවට තුල මද වේලාවක් රැදි සිටිමෙන් පසුව පිටව ගොස් ඇති බවත්ය.

ඒ අනුව මයිකල් ෆ්‍රෑගන්  දෙවරක්ම බකිංහැම් මාලිගාවට ඇතුල්ව තිබෙනවා.

සිද්ධිය මාධ්‍ය වාර්ථා කල අයුරු

මෙම සිද්ධිය සම්බන්දව සිදුකල පරික්ෂණ වලදි හෙලිවූයේ, ආරක්ෂක පද්ධතියේ ගැටලුකාරි තත්ත්ව මෙන්ම නිලධාරින්ගේ අපරික්ෂාකාරිභාවයද මෙයට හේතුවි ඇති බවයි.

අත්අඩංගුවට ගත්ත මයිකල්ට දඩුවම් දුන්නාද?

ඇත්තටම කියනවානම්, ඒ වෙනකොට එංගලන්ත නිතිපද්ධතිය තුල බකිංහැම් මාලිගාවට අනවසරයෙන් ඇතුල්විම අපරාධයක් යැයි කියන නිති තිබුනේ නැ.  ඉතින් මයිකල්ට රැජිනගේ නිදන කාමරයට ඇතුල්විම සම්බන්දව දඩුවම් ලැබුනේ නැ. නමුත් ඔහු වයින් බෝතලයක් සොරකම් කිරිම නිසා ඒකට සොරකම් කිරිමේ චෝදනාට එල්ල වුනා. ඔහුගේ මානසික තත්ත්වය සලකා බැලිමෙන් අනතුරුව මානසික ප්‍රතිකාර ලබාදිම සදහා රෝහලකට යොමු කලා.

2007 වසරේදි බකිංහැම් මාලිගාවට අනවසරයෙන් ඇතුලත් වීම අපරාධයක් ලෙස නිතිගතකර, ඒ සදහා දඩුවම් ලබාදෙන නී
ති සකසනු ලැබුවා.

ලේසි නැ නේද මයිකල් අල්ලපු අඩව්ව.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment