Wednesday, January 18, 2017

දේව අංශුව - හිග්ස් බෝසෝන් (ක්වොන්ටම් භෞතික විද්‍යාව ලිපි අංක 3)

පාටිකල් පිසික්ස් වල සම්මත මොඩලය කතාකරගෙන ආපු අපි දැන් වැදගත් තැනකට ඇවිත් තියනවා. ඒ තමයි පසුගිය වසර කිහිපය තුල විද්‍යාව කැලඹූ අංශුවක් ගැන කතා කරන්න.
ඒ තමයි
හිග්ස් බෝසෝන්.




පෙර ලිපි සමග එකතු වුනේ නැති යාලුවෝ, පහත සබැදි මගින් එම ලිපි වෙත විසිවෙන්නට හැකියාව තියනවා.



ඔයාලා නිකං හිතලා තියනවාද ඇයි ඉලෙට්‍රෝනයක ස්කන්ධය අනෙක් අංශූන්ට සාපෙක්ෂව අඩු කියලා? 
ටොප් ක්වාක්ස් එකක ස්කන්ධයට සාපෙක්ෂව බැලුවාම ඉලෙට්‍රෝනයේ ස්කන්ධය සැහෙන්න අඩුයි. ඒ වෙග්ම තමයි එක එක අංශුන්ට තියෙන්නේ එක එක ස්කන්ධයන්. 

ඇයි මෙහෙම වුනේ?  




1960 දී පීටර් හිගිස් විසින් Higgs field කියන තම සංකල්පය හදුන්වා දෙනවා.

Higgs field එක විශ්වය පුරා ඒකාකාරව පැතිරිලා තියනවා. යම් අංශුවක් Higgs field එක සමග අන්‍යන්‍ය ලෙස දක්වන සබදතාවේ ප්‍රභලතාව අනුව එයට ස්කන්ධයක් ලැබේ.     Higgs field එක සමග සබදතා නොදක්වන්නේ නම් ස්කන්ධයක් රහිතයි.  Higgs field තැනී ඇත්තේ හිග්ස් බෝසෝන මගිනි.

අපි මෙහෙම හිතමු, මුලු විශ්වයම ජලයෙන් පිරිලා තියනවා. මේ ජල කද තමයි  Higgs field එක වන්නේ. ජලය හැදිලා තියෙන්නේ ජල අණු විශාල ගණනාවකගේ එකතුවෙන්.   මේ ජල අණුව හරියට හිගිස් බෝසෝනය වගේ.

අවුරුදු ගාණනකට කලින්  Higgs field සංකල්පය එලිදැක්වුවත්, ඉතා මැතකදි තමයි හිගිස් බෝසොනය තියනවා කියලා හරියටම තහවුරු කරගන්නේ.

2012 වසරේදි CERN  ආයතනය පර්ටිකල් ඇක්සලරේටය මගින් කරපු පරික්ෂණ වලදි හිග්ස් බෝසෝනය අනාවරණය කරගන්නවා. මේ ගැන හෙලිකරන්න ඔවුන් තියපු පලමු මාධ්‍ය හමුවට පිටර් හිග්ස් මහතාත් සම්බන්ද වෙනවා.

2013 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් සම්මානය දිනාගන්නෙත් පීටර් හිග්ස් මහතා තමයි.



හිග්ස් බෝසෝනය සොයාගැනිමත් සමග සම්මත මොඩලය බොහෝදුරට සම්පුර්ණ වෙනවා. නමුත් තව තවත් මොඩලය අවුල් වුනා කියන එක තමයි මගේ හැගිම.

 Higgs field හා  Higgs boson ගැන හොයාගත්තාට මේක හරියටම ක්‍රියාකරන ආකාරය ගැන ගැටලු තියනවා. 

W,Z බෝසෝන සමග  Higgs field එක ක්‍රියාකරද්දි, තවත් බෝසොනක්ම වෙච්ච ෆෝටොන වලට ස්කන්ධයත් රහිත වුනේ?

මේ වගේ ගැටලු තියනවා. 

මේවා ගැන විසදුම් හොයන්න සම්මත මොඩලයෙන් පිටතට යන්න වෙනවා.

ඉදිරි ලිපි මාලාවදි සම්මත මොඩලයෙන් එලියට යමු.


- රොෂින් ප්‍රනාන්දු 

2 comments:

  1. රොෂීන් ඔයාගේ බ්ලොග් එකනම් සුපිරි. හිග්ස් බෝසෝන සංකල්පය ඇවිදිල්ල එක අතරට ෆේල් වෙච්ච සංකල්පයක්. ස්කන්ධය පිලිබද ගැටලුවට පිලිතුරක් හැටියට මේක ගෙනාවත් අන්තිමට බලන කොට හිග්ස් බෝසෝනෙටත් ස්කන්ධයක් තියනවා.

    ReplyDelete
  2. ඔබේ කමෙන්ටුවට තුති. ඇත්තෙන්ම ඔබ පවසන දේ සත්‍යයක්

    ReplyDelete