Tuesday, January 31, 2017

පෘතුවියෙන් සද වෙත ඔක්සිජන් බෝම්බ

පෘතුවිය හා සද අතර තියන බැදිම සුලු පටු නැ. 
මේ දෙන්නාට දෙන්නා නැතුව බැ.
සදට පෘතුවියෙන් ලැබෙන දෙයක් ගැන අලුත්ම අනාවරණයක් කරගන්නට ජපාන විද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියානවා.





පෘතුවියේ ඉහල වායු ගෝලයේ සිට ඔක්සිජන් පරමාණු සද වෙත ගමන් කරන බව,ජපානය විසින් සදේ කක්ෂ ගත කර ඇති කයුගා අභ්‍යවකාශ යානාවේ නිරික්ෂණ අනුව සොයාගෙන තිබෙනවා. මෙය මාසයකට දින පහක් සිදුවන ක්‍රියාවක්. මෙම ඔක්සිජන් ගමනය වසර බිලියන 2.4 පමණ සිට සිදුවන බවයි සොයගෙන ඇත්ත‍ේ.

ඔක්සිජන් වල මෙම අරුම චාරිකාව ආරම්භ වන්නේ පෘතුවියේ ඉහල වායුගෝලයේ සිටයි. පාරජම්බූල කිරණ මගින් අයනිකරණය වන ඔක්සිජන් වල වේගය පෘතුවියේ විද්‍යුත් ක්ෂේත්‍රය මගින් ත්වරණයකට ලක් කරනවා.  සූර්යාගේ බලපෑම මත පෘතුවි විද්‍යුත් ක්ෂේත්‍රය  ඇදීමට ලක්වන අවස්ථාවලදි ඔක්සිජන් හි සද ගමන වඩාත් පහසු වෙනවා.

කයුගා අභ්‍යවකාශ යානාව 2008 වසරේ සිට ඔක්සිජන් ගමනය පිලිබද දත්ත ලබාගෙන තිබෙනවා. එම දත්ත වලට අනුව සදේ වර්ග සෙන්ටිමිටරයකට තත්ත්පරයක් තුල ඔක්සිජන් පරමාණු 26000ක් පමන ගැටෙන බව සොයාගෙන තිබෙනවා. 



No comments:

Post a Comment