Tuesday, January 17, 2017

සද මත අවසන් සලකුණු තැබූ සර්නන් මියයයි

අවසන් වරට සද මත පා තැබූ පුද්ගලයා වන ඉයුජින් සර්නන් මහතා මෙලොව හැර ගොස් ඇත.






පලමු වරට හද මත පා තැබුවේ ඇපලෝ 11 යානාවෙන්  හදට ගිය නීල් ආම්ස්ට්‍රෝන් කියලා මිතුරන් දන්නවානේ.

නමුත් ගොඩක් දෙනෙකුට අමතක වෙච්ච දෙයක් තමයි, අවසනයට හදට ගිය පුද්ගලයා කවුද කියන එක.

සර්නන් සද මතදි



1972 වසරේදි අැපලෝ  17 යානාව ආධාරයෙන් හදට ගිය සර්නන්, හද මත ඇවිදගිය අවසන් පුද්ගලයා වේ.

ජින් සර්නන් ලෙස ද ප්‍රකට වූ ඉයුජින් සර්නන් මිය යන විට 82 වැනි වියෙහි පසුවිය. 

මව් යානය තුල

ඇපලෝ ව්‍යාපෘතිය තුලදි සද වෙත මිනිසුන් රැගෙන ගිය  යානා අතුරින් සද මතට ගොඩබැ යානා ගනන 6කි. එනම් ඇපලෝ 11 ,12, 14, 15, 16, 17 යන යානා වේ.  ඇපලෝ 13 යානාවේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් සද මත ගොඩබෑමට නොහැකිව නැවත පෘථිවියට ලගාවන ලදි. එහි කමාන්ඩර්වරයා ලෙස කටයුතු කලේ ජේමිස් ලොවෙල් මහතායි.   

සද ගමන ප්‍රෝඩාවක් යැයි සදහන් කරන  බොහෝ දෙනෙකු සංවාදයට ලක් කරන්නේ ඇපලෝ  11 ව්‍යාපෘතිය ගැන පමණකි. නමුදු ඇපලෝ යානා ආධාරයෙන් සද මතට පා තබා ඇති මුළු අජටාකාෂගාමින් ගනන 12 කී.

- රොෂින් ප්‍රනාන්දු



No comments:

Post a Comment