Monday, January 16, 2017

ආහාරයක පාටක් වෙනුවෙන් දිවිපුදන කෘමින් - E120

ලොව ප්‍රකට ආහාර වර්ණයකයක් වන කර්මින් (E120) වර්ණකය නිපදවනු ලබන්නේ කෘමින් මගින් බව ඔබ දන්නවාද?






bright-red වර්ණය ලබාදෙන කාමින් (E120) වර්ණකය/කුකුල් සායම් වර්ගය නිස්සාරණය කරගන්නේ කෘමින් ආධාරයෙනි. යෝගට්, සොසේජස්, ජූස් වර්ග, කේක්,රසකැවිලි වර්ණ ගැන්වීමට E120 යොදාගනි.

වර්ණක සැදීම සදහා යොදාගනු ලබන්නේ Armenian cochineal ,  Polish cochineal වැනි කෘමි වර්ග භාවිතා කරනු ලබයි. මෙම කෘමින් ගේ රුධිරයේ අන්තර්ගත කර්මිනික් අම්ලය, ඔවුන්ව විලෝපියකින්ගෙන් ආරක්ෂා කරයි. නමුත් ඔවුන්ගේ විනාශයට හේතුව වි ඇත්තේද එම කර්මිනික් අම්ලයමය.



කෘමි වගාව සදහා උෂ්න පරිසරයක් අත්‍යවශයි. ඒ හේතුවෙන් මෙක්සිකෝව, චිලි හා පේරු යන රටවල් වල කාමින් කෘමි වගාව බහුලව සිදුවේ.

කෘමි  වගාවට යොදාගන්නා පතොක්

කෘමින් වගා කිරිම සදහා 
Opuntia ficus-indica නම් විශේෂ පතොක් ගස් භාවිතා කරයි. මෙම පතොක් ගස් මත ගැහැණු කෘමින් සහිත මලු තැම්පත් කරනු ලැබේ. එවිට පතොක් ගස් මත කෘමි බිත්තර තැම්පත්ව කෘමි ඝනාවාස ඇතිවේ.

කෘමි ඝනාවාස

මාස 3 කට පමණ ගතවන විට කෘමින් හොදින් වර්ධනය වේ. පතොක් ගස් මත වර්ධනය වූ පරිනත කෘමින්  ඉවත්කර කරගනු ලැබේ.

කෘමින් ඉවත්කිරිම


ඉන්පසු කෘමින් හිරු එලිය ආධාරයෙන් වේලාගැනිම සිදුකරයි.

හිරු එලියෙන් වේලාගත් කෘමින්

වේලාගත් කෘමින් කුඩු වන ලෙස තලාගනු ලැබේ. තලාගත් කෘමීන්, නටන ජලයට එක්කරයි. ඉන්පසු එම ද්‍රාවණය පෙරාගනු ලැබේ.

පෙරාගත් ද්‍රාවණයේ කාමනික් අම්ලය බහුලව ඇති බැවින් රතු පැහැයෙන් දිස්වේ. වර්ණය ස්ථාවරව පවත්වා ගැනිම සදහා ඇලුමිනියම් හි ලවණ එක්කරනු ලැබේ. ඉන්පසු නැවත නටවා පෙරාගනු ලැබේ. පෙරනයේ ඉතිරි වන ද්‍රව්‍ය වෙන්කර ගනු ලැබේ.

ඔන්න ඔහොමයි කාමින් (E120) හදන්නේ. පෙර සදහන් කල පරිදි නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් සදහා මෙම වර්ණක භාවිතා කරනවා.

E120 නිෂ්පාදනය වෙනුවෙන් වසරකට කෘමින් බිලියන 20ක් පමණ අවශ්‍යවනවා.

ඔන්න ඔහොමයි මිනිස් අවශ්‍යතා සදහා කෘමින් දිවිපුදන්නේ.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය   



  

     

   

No comments:

Post a Comment