Tuesday, January 10, 2017

කනේ තවත් අමතර සිදුරක්

කනේ තියන ප්‍රධාන සිදුරට අමතරව බාහිර කන අවට  ප්‍රදේශයේ තවත් සිදුරක් සහිත පුද්ගලයින් ඉන්නවා.
ඇයි මෙහෙම අමතරව සිදුරක් තියෙන්නේ?
මොකක්ද මේකේ කාර්යය?






මෙය හදුන්වන්නේ preauricular sinus නමිනුයි.

බාහිර කන ( කන් පෙත්ත අවට)  ප්‍රදේශයේ  පවතින මෙම සිදුර, උපතින්ම පිහිටන ආබාධයක්. ඉතා කලාතුරකින් හමුවන මෙම අසාමාන්‍යතාව සාපෙක්ෂව ආසියානුවන්ගේ හා අප්‍රිකානුවන් තුල බහුල යැයි සොයාගෙන ඇත.

කළල විකසනයේදි ඇතිවන ගැටලු නිසා මෙම සිදුර ඇතිවේ. මෙම සිදුර ඇතිවිම පරිණාමනයේ ශේෂ තවමත් සිරුර තුල පවතින බව පෙන්වන සාධකයක් බව පරික්ෂකයින් පවසති.  මෙම සිදුර  පිහිටිම ප්‍රවේණිගතව පරම්පරා හරහා ගමන් කරන බවද සොයාගෙන ඇත.

සිදුර උපද්‍රව රහිත, වේදනා රහිත වුවද විටෙක මෙම සිදුර ආසාධනය වි සැරව ගෙඩි ඇතිවිය  හැක. එවැනි අවස්ථාවල මෙම සිදුර ආශ්‍රිතව පවතින ස්නායු ( Facial nerve) හා පැරොටිඩ් ග්‍රන්ථියට බලපෑම් ඇතිවිය හැක.  

එවැනි අවස්ථාවල ප්‍රතිජිවක ඹෟෂධ ලබාදිම, සැත්කම් මගින් ප්‍රතිකාර කිරිම සිදුකරයි.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment