Monday, January 23, 2017

පිලිකාවට අත වනන ‘‘කර‘‘ කල ආහාර

ටෝස්ට් කරපු පාන් කන්න කාලා ඇතිනේ . නමුත් දුඹුරු පැහැ වන තෙක් කර කරපු ආහාර අනුභවය නම් එතරම් හොද නැ කියලා ආහාර පරික්ෂකයින් පිරිසක් අනාවරණය කරගෙන තියෙනවා.







පාන්, අල වර්ග බැදිමේදි හා ටෝස්ට් කිරිමේදි දුඹුරු පැහැ වන තෙක් පිස ගැනිම හෝ ටෝස්ට් කිරිම එතරම්ම සෞඛ්‍යයට හිතකර නොමැති බව සොයාගෙන තියෙනවා. 

Food Standards Agency (FSA) ආයතනය පවසන ආකාරයකට ආහාර සැකසිමේදි වඩාත් සුදුසු වන්නේ රන්වන් කහ පැහැ වන තුරු පිසගැනිමයි. ඔවුන් පවසන ආකාරයට දුඹුරු පැහැ වන තෙක් පිසගත් ආහාර මගින් පිලිකා ඇතිවිය හැකි රසායනික සංයෝග ශරිරයට ඇතුල්විය හැකි බවයි.



පිෂ්ඨමය ආහර පිසිමේදි Acrylamide (Prop-2-enamide) නම් සංයෝගය සෑදිමකට ලක්වේ. විශේෂයෙන්ම අල,පාන්, බිස්කට් වැනි පිෂ්ඨය සහිත ආහාර ඉහල උෂ්නත්වයේදි පිසිමේදි Acrylamide සෑදිම සිදුවෙනවා. 

පිෂ්ඨමය ආහාර පිසිමේදි දුඹුරු පැහැ වන තුරු පිසගතහොත්, Acrylamide වැඩි ප්‍රතිශතයක් එහි අඩංගු විය හැකියි.

සතුන් හා Acrylamide යොදාගෙන සිදුකල පරික්ෂණ වලදි සත්ත්වයින්ගේ DNA ව්‍යුහට වෙනස් කර පිලිකා ඇතිකිරිමට  Acrylamide හට හැකියාවක් ඇතිබව සොයාගෙන ඇත. 

නමුත් Acrylamide මගින් මිනිසුන්ට පිලිකා ඇතිකිරිමේ හැකියාව ගැන මෙතෙක් පැහැදිලි සාධක හමුව නැති බව විද්‍යාඥයින් පවසයි. Cancer Research UK ආයතනයද පවසන පරිදි Acrylamide මගින් පිලිකා ඇතිකිරමේ අවධානමක් ඇතත්, දුඹුරු වන තෙක් පිසු ආහාර හා මිනිස් පිලිකා අතර නිසි සම්බන්දයක් තවමත් සොයාගෙන නැති බවයි.

නමුත් මෙහෙදි සදහන් කල යුතු වැදගත් කරුණක් නම්, සිගරට් දුමෙහි Acrylamide අධික ලෙස අන්තර්ගත වනවා. දුම්පානය මගින් රුධිරයට මුසුවන Acrylamide ප්‍රමාණය අතිවිශාලයි. එමනිසා දුම්පානයෙන් වැලකිම කෝකටත් හොදයි.

ඉදිරියේදි තවත් මේ පිලිබදව වැදගත් කරුනු හෙලිවේවි.
සොයානොගත් සාධක හෙලිවේවි.
එම තොරතුරුත් ජනේලයෙන් එසැනින් ඔබවෙත‍




   


No comments:

Post a Comment