Wednesday, January 11, 2017

මිනිස්කම හෑල්ලුකරන රුධිර ගොවිපලවල්

රුධිරය ලබා ගැනිම වෙනුවෙන්  සත්ත්වයින් ඇතිකරන ගොවිපලක් ගැන සදහන් කරොත් ඔබට එන්නේ මොනවගේ හැගිමක්ද? 
ලෝකය කුරිරුයි. මිනිස්කමට නොහොබිනා කෘර ව්‍යාපාරයක් ගැනයි මේ ලිපිය





ඇමරිකාව උරුගුවේ හා අර්ජන්ටිනාව යන රටවල් වල අශ්වයන් රැකබලාගන්නා විශේෂිත ගොවිපලවල් දකින්නට ලැබෙනවා. මෙම ගොවිපල් වල ඇතිදැඩි කරන අශ්වයින්ගේන් රැධිරය ලබාගැනිමයි සිදු කරන්නේ.

වෙලඹක ගර්භණිභාවයට පත්විමත් සමග ඇගේ සිරුරේ නිපදවන  PMSG (Pregnant Mare Serum Gonadotropin) වානිජ වටිනාකමකින් යුතු  හෝමොනයක්. මෙම හෝමෝනය ආශ්‍රිතව පශු කර්මාන්තයේදි වැදගත් වන හෝමෝන නිපදවීමේ හැකියාව පවතිනවා. 





රුධිර ගොවිපලවල් තුලදි වෙලඹ ගැබ්ගැනිමකට ලක්කර, ඔවුන්ගේ රැධිරය අධික ලෙස ලබාගෙන ගබ්සා කිරිම් වලට ලක්කරනවා. අධික ලෙස සත්ත්වයාගෙන් රැධිරය ඉවත්කිරිමත් සමග වෙලඹ තුල රක්තහිනතාවට පත්වෙනවා. මරණයට උවද පත්විය හැකියි. මේ චක්‍රය කීප වරක්ම සිදුකර අවසානයේදි නැවත ගැබ්ගැනිමට තරම් සෞඛ්‍ය තත්ත්වය සුදුසු නොවන අවස්ථාවලදි, මස් සදහා විකුණා දමනවා.

මෙය ඉතා ම කෘර ක්‍රියාවක්.  

වසර 30 කට ආසන්න කාලයක් පුරා කුප්‍රකටව මෙම රුධිර ගොවිපලවල් ඇමරිකාව, උරුගුවේ හා ආර්ජන්ටිනාව තුල ක්‍රියාත්මක වෙනවා.   

නිතියේ ඇසට අසුනොවි රැධීර ගොවිපල පවතින්නේ කෙසේද?
නිතියේ පවතින සිදුරු තමයි ප්‍රධාන හේතුව. අශ්වයන් රැකගැනිමට හෝ රුධිර ගොවිපවල් පාලනයට ප්‍රමාණවත් තරම් නීති ඒ රටවල් තුල නැ. මේ තත්ත්වය වාසියට ගත් රැධිර ගොවිපලහිමියන් තම ගොවිපලවල් සාර්ථකව පවත්වාගෙන යනවා.

වර්තමානය වන විට ලොව පුරා පවතින සත්ත්ව සංවිධාන රුධිර ගොවිපලවල් නවතා දැමිම සදහා දැඩි අරගලයක නිරත වෙනවා. අන්තර්ජාලය ඔස්සේ පෙත්සම් ලබාගැනිම් කිහිපයකුත් සිදුකලා. 

එලැබෙන සමයේ හෝ මෙම කෘර ව්‍යාපාරය නවතාගැනිමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

- රොෂින් ප්‍රනාන්දු
  


  

  

No comments:

Post a Comment