Friday, January 20, 2017

දුරකතන බැටරි ආරක්ෂාවට ස්මාර්ට් තන්තු

පසුගිය කාලයේ ලිතියම් අයන් බැටරි පුපුරාගිය අවස්ථා කිහිපයක් උනානේ. 
ඒ නිසා ජංගම දුරකතන නිෂ්පාදනයටත් බලපෑමක් ඇතිවුනා.







ලිතියම් අයන් බැටරි වලින් බලගැන්වූ දුරකතන කලාතුරකින් පිපිරිමකට ලක්වෙනවා. කලාතුරකින් වුනත්, ජංගම දුරකතන බැටරියක් පිපිරුවා කිව්වාම ලොකු ප්‍රචාරයක් ලැබෙනවානේ.

මෙයට විසදුමක් ලෙස විද්‍යාඥයින්   ස්මාර්ට් ෆයිබර් වර්ගයක් අත්හදා බලමින් සිටිනවා.

ලිතියම් අයන් බැටරි තුල ධන හා සෘණ ඉලෙට්‍රෝඩ අතර අයන හුවමාරුව සිදුකරන ඉලෙට්‍රොලයිට් මාධ්‍යය වහා ගිනිඇවිලෙන සුලු වේ. හදිස්සියේ හෝ ලුහුවත්වීමක් (short circuit) වීමක් සිදුව ප්‍රමාණවත් තරම් තාපයක් පිටවුයහොත්, ඉලෙට්‍රොලයිට් ගිනිගැනිමට හැකියාව ඇත.

සෘජුවම  බැටරියට පරිවාරක යෙදුවහොත්, බැටරියේ කාර්යක්ෂමතාව අඩු වේ. 

මෙයට පිලියමක් ලෙස ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින්, ගින්න පරිවරණය කල හැකි ක්ෂුද්‍ර තන්තු ඇතුලත් ආවරණයක් නිර්මාණය කර ඇත. එය බැටරියේ ඉලෙට්‍රෝඩ අතරට යෙදීම සිදුකරයි.

මේ හැම තන්තුවකම බාහිරයෙන් ප්ලාස්ටික් ආවරණයක් හා අභ්‍යන්තරයේ ගින්න මැඩලිම සදහා වන සංයෝග අඩංගු වේ. බැටරියේ උශ්නත්වය ඉහල යෑමක් සිදුවුවහොත්, ස්මාර්ට් තන්තු වල මධ්‍යයේ  ඇති පරිවාරක සංයෝගය පිටතට පැමිණ ගිනි ගැනිම වලකාලයි.

  

No comments:

Post a Comment