Friday, January 27, 2017

පැහැර ගත් ගුවන් යානය නිදහස් කල ‘‘බියර්‘‘

සාමාන්‍යයෙන් ගුවන් යානාවක් පැහැරගත්තා කියලා අහන්න ලැබෙන්නේ එක්කෝ ලොකු කප්පමක් ගන්න නැතිනම් ත්‍රස්ත කටයුත්තකටයි. 
ඒ වගේ වෙලාවට ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ලොකු මෙහෙයුමක් කරනන් වෙනවා.
 නමුත් සමහර වෙලාවට බියර් ටිකකුත් ඇති..
  




මේ අරුම පුදුම පැහැර ගැනිම 1985 වසරේ නෝර්වේ රාජ්‍යෙය්දියි සිද්ධ වුනේ. නෝර්වේ හි සිදුවු පලමු ගුවන් යානා පැහැර ගැනිම වන්නේත් මේ කියන්න යන සිදුවීමමයි.

1985 වසරේ ජූනි 21 වන දින Braathen SAFE Flight 139  ගුවන් යානාව නොර්වේ ට්‍රොන්දෙයිම් වල සිට ඔස්ලෝ ගුවන්තොටුපල දක්වා පියාසර කිරිමට සුදානම්ව තිබුනා. එහිදි යානාවට  ‘‘ස්ටයින් හුස්බි‘‘ ගොඩවන්නේ, කාටත් හොරා තම ගමන්මල්ල තුල වායු තුවක්කුවක් සගවාගනිමිනි.  

යානාව ගුවන් ගතවන විට, අසල සිටි ගුවන් සේවිකාවක් අමතන හුස්බි තම වායු තුවක්කුව පෙන්වා තමන්ට ගුවන් යානාවේ පාලනය අවැසි බව නියමුවාට දන්වන ලෙස පවසනවා. නමුත් ගමනාන්තය වෙනස් නොකරන ලෙසද ඔහු පවසා සිටිනවා. උද්ගතව ඇති තත්ත්වය ගුවන් සේවිකාව විසින් නියමුවාට දන්වන අතර නියමුවා විසින් පොලිසිය දැනුවත් කරනු ලබනවා.

ඒ වනවිට යානාව තුල මගීන් 116 හා කාර්ය මණ්ඩලය 5 දෙනකු සිට ඇත.

මද පමාවකින් පසු යානාව ගමනාන්තය වන ඔස්ලෝ ගුවන්තොටුපලට ලගාවන අතර පර්යන්තයට ලගවිමත් සමග පොලිසිය යානාව වටකරනවා. 

එවකට අගමැති Kare Willoch


හුස්බිගේ ඉල්ලිම් වූයේ තමාට නොර්වේ අගමැතිවරයා හා අධිකරණ අමාත්‍යවරයා හමුවිය යුතු බවත්ය. එමෙන්ම තමන්ට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් කියා සිටිනවා. හුස්බි හා  ආරක්ෂක අංශ අතර පැවැත්වූ සාකච්ඡා වලට අනුව පැයකට පසු මගීන් 70 දෙනෙකු නිදහස් කරන ලදි.

ඉන් මද වෙලාවකට පසු අනෙකුත් මගීන්ද නිදහස් කල අතර, යානාවේ කාර්ය  මණ්ඩලය පමනක් ඇපයේ තබාගන්නා ලදි.

හුස්බි ගුවන්යානාව තුල සිටින කාලය මුළුල්ලේම බියර් පානය කිරිම සිදුකර ඇත. ඔහු කොතරම් බියර් පානය කලාද යත් යානාවේ තිබු බියර් සියල්ලම පානය කොට ඇත. 

යානාවේ බියර් අවසන් වූ විට ඔහු විසින් එකගතාවයකට එලැබ ඇත්තේ, අමතර බියර් ලබාදෙන්නේ නම් තුවක්කුවද ජනේලයෙන් එලියට විසිකරන බවටයි. 

මේ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය විසින් ගුවන්යානාව වටලා හුස්බි අත්අඩංගුවට ගන්නා ලදි. 

නඩු විභාගයකින් පසුව හුස්බි හට වසර 3ක සිර දඩුවම් නියම විය.

- රොෂින් ප්‍රනාන්දු 




                  

No comments:

Post a Comment