Wednesday, January 25, 2017

බිත්තර රකින ඩයිනෝසර්

ක්‍රිටේසිය යුගයේදි එනම් වසර මිලියන 68 කට පෙර වද වෙලා ගිය, කලක් ලෝකය අල්ලං හිටපු ඩයිනෝසරයන්ගේ බිත්තර ගැන නව තොරතුරු කිහිපයක් පසුගිය දා එලිදටුවා.







ඩයිනෝසරයින් කියන්නෙත් උරගයින් පිරිසක් (Reptilia) තමයි. ඔවුන් බිහිවන්නේත් බිත්තර වලින් කියලා යාලුවෝ දන්නවානේ. සාමාන්‍යයෙන් ඩයිනෝසර් පොඩ්ඩෙක් බිත්තරෙන් එලියට එන්න කලින්, මාස 3 - 6 ත් අතර කාලයක් බිත්තරය තුල වැඩෙනවා කියලා සොයාගෙන තියනවා.

ඩයිනෝසර් බිත්තර  ඇසුරින් සිදුකල පිරික්ෂණ වලදි හෙලිවූ කරුනු අනුව, පක්ෂි බිත්තර වලට වඩා ඩයිනෝසර් බිත්තර දෙගුණයක කාලයක් බිජු රැකිමට සිදුවන බව සොයාගෙන ඇත. 

ඩයිනෝසරයන් බිත්තර තුල ගත කල කාලය  හා වර්ධනය වන ආකාරය සොයාගැනිම සදහා දුර්ලබ ඩයිනෝසර් කලල පොසිල වන Protoceratops andrewsi හා Hypacrosaurus stebingeri   යන පොසිල උපාකරි වී ඇත. එම පොසිල වල දත් වල ඇති රේඛා කාල ගණනයට උපකාරි වි  ඇත. මෙම රේඛා, ශාක වල ඇතිවන වර්ධන වලලු වලට සමාන වන බව පැවසේ.

බිජු රකින කාලය අධික වීම ඩයිනෝසර්  දෙමාපියන්ට එතරම් සුභ දායක වී නැ. මාස ගනනක් එක්තැන්ව බිජු රැකිම නිසා විලෝපික ආක්‍රමණ වලට ගොදුරු විමේ වැඩි සම්භාවිතාවක් ඇත.





මෙම පරික්ෂණ වාර්තාව එලිදැක්වූයේ ෆ්ලොරිඩා රජ්‍ය විශ්ව විද්‍යාලයේ ඩයිනෝසර ආචාර්ය ග්‍රෙගරි එරික්සන් මහතායි.

        
  

No comments:

Post a Comment