සල්ලි සම්බන්ද සිද්ධියක් නම් ලොව කාගෙත් අවධානය ඒ වෙනුවෙන් යොමුවෙනවා.
ඒ කතාව නිධානයක් ගැනනම්, ඒ ගැන තවත් හොයන්න ආස හිතෙනවා.
කාලයක් තිස්සේ ඇදෙමින් පැවැති සිද්ධියක් නැවත උලුප්පන්න ට Forbes සගරාව කටයුතුකලා.
ඒ තමයි
ශ්‍රී පද්මනාබස්වාමි දේවාලයේ නිධානය
ශ්‍රී පද්මනාබස්වාමි දේවාලය පිහිටා තියෙන්නේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයේ තිරුනානන්තාපුරම් ප්‍රදේශයේයි. ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම දෙවොල විශ්ණු දෙවියන් වෙනුවෙන් තැනූ දෙවොලක් ලෙස අතිමහත් බැතිමතුන් පිරිසකගේ වන්දනාමානයට ලක්වේ. රාජ්‍ය නායකයින්ගේ නොමද අනුග්‍රහයද දෙවොලට ලැබේ.
නරේන්ද්‍ර මෝදි පැමිණි අවස්ථාවක් |
මෙය එසේ මෙසේ දෙවොලක් නොවේ. ලොව ධනවත්ම හින්දු දේවාලය ලෙස සැලකෙන්නේ මෙයයි.
සියවස් කිහිපයක්ම පද්මනාබස්වාමි දේවාලයේ කලමනාකාරිත්වය භාරව කටයුතු කරන ලද්දේ ත්‍රිවන්කෝ මහරාජාවරුන් විසිනුයි. සිව්වන මෝලම තිරුනාල් රාමා වර්මා,වර්තමාන මහරාජා වේ.
වත්මන් මහාරාජා |
දේවාලයේ ඇතැයි විස්වාස කල නිධානය ගැන බොහෝ කතා ඉන්දියාව සිසාරා පැතිර ගොස් තිබිනි. පද්මනාබස්වාමි වස්තුව පිලිබදව ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නේ, 2011 වසරේදි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට මැදිහත්විමත් සමගයි.
සුන්දර රාජන් මහතා |
හිටපු පොලිස් නිලධාරියකු වූ සුන්දර රාජන් මහතා, පද්මනාබස්වාමි ධනය හෙලිකිරිම පිලිබදව මූලිකත්වය ගත් පුද්ගලයෙකි. ඔහු විසින් පද්මනාබස්වාමි දෙවොලේ රහස් ගුහා තුල තැම්පත්ව ඇති ධනය පිලිබදව මෙන්ම එම ධනය ඉතා සුලු පිරිසක් විසින් කිසිදු විනිවිදභාවයකින් තොරව පාලනය කිරිම සම්බන්දව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙත්සම් ගොනුකරන ලදි. එවකට ත්‍රිවන්කෝ හි මහරාජාවරයා ලෙස කටයුතු කලේ තුන්වන තිරුනාල් මාර්තන්ඩ වර්මා මහතායි.
තිරුනාල් මාර්තන්ඩ මහරාජාවරයා |
ඒ අනුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධනය සහිත ගුහා විවෘත කර, වත්කම් වර්තාවක් සලකන ලෙස නියෝග කරන ලදි. එමෙන්ම මහරාජාවරන් සතුව තිබූ බලතල ද බොහෝමයක් ඉවත් කරන ලදි.
2011 ජූනි 27 වන දින නියෝග ප්‍රකාරව පද්මනාබස්වාමි දෙවොලේ රහස් ගුහා විවෘත කිරිම අරබන ලදි.එහි රැදිසිටවුන් මවිත කරමින් විස්වාස කිරිමට අපහසු තරමේ ධනස්කන්ධයක් ගුහා තුල තිබි ඇත.
දෙවොලේහි ප්‍රධාන ගුහා 6ක් සොයාගෙන ඇති අතර ඒවා A,B,C,D,E,F ලෙස නම්කර ඇත. එමෙන්ම G,H ලෙස තවත් ගුහා දෙකක්ද සොයාගෙන ඇත.
C,D,E හා F ලෙස නම්කරන ලද ගුහා, දේවාලයේ පූජකයන් බාරයේ තිබු බවට හෙලි වි ඇත. නැවත භාවිතය සදහා භාණ්ඩ තැම්පත්කිරිම සදහා මෙම ගුහා භාවිතා කර ඇත.
2011 ජූනි 30 වෙනිදින අධිකරණ නියෝග ප්‍රකාරව A ගුහාව විවෘත කර නිරික්ෂණ කමිටුව විසින් ඇතුල්වන ලදි. ගුහාව නිරික්ෂණය කිරිමේදි පැහැදිලි වූයේ මෙහි වස්තුව තැනින් තැන අක්‍රමවත්ව තැම්පත් කර ඇති ආකාරයකුයි. ගුහාව තුල බකට්ටු, කුරුණි, තඹ භාජන තුල වස්තුව තැම්පත්කර තිබී ඇත. ගුහාවේ වූ වස්තුව පිටතට ගැනිමට හා ලේඛනගතකිරිමට නිරික්ෂණ කමිටුවට දින 12ක ගතව ඇත.
මෙතෙත් G,H ගුහා විවෘත කර නැ.
සොයාගත් ධනයෙන් කොටසක්
- අඩි 18 දිග රන් දම්වැල්
- අඩි 3.5 උස රනින් කල දියමන්ති එබ්බවූ දේව ප්‍රතිමා
- රෝම අධිරාජ්‍යය සමයේ රන් කාසි සිය ගනනක්
- ක්‍රිස්තු පූර්ව යුගයට අයත් රන්කාසි කිලෝ 800ක්
- රන් පොල්ගෙඩි
- තනි රත්තරනින් කල මාල සිය ගනනක්
- රන්කළ දහස් ගනනක්
- නැපොලියානු සමයේ කාසි
- දියමන්ති විශාල ප්‍රමානයක්
- විවිධ මැණික් වර්ග
ගුහා තුල අන්තර්ගත වූ වස්තු සම්භාරය දෙස බැලිමේදි, ලෝ පුරා නන් දෙසින් පැමිණි බැතිමතුන්ගෙන් හා ලොව ප්‍රබල අධිරාජ්‍යයන්ගෙන් තෑගි ලැබුනු වස්තූන් යැයි සැලකිය හැක.
පුරාවිද්‍යා වටිනාකම අමතක කොට හුදෙක්ම රන් රිදි වටිනාකම පමණක් සැලකුවහොත් මෙම මහා ධනස්කන්ධයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් බවට ගණන් බලා ඇත. පුරාවිද්‍යා වටිනාකම සැලකුවහොත් මෙම අගය දෙගුණ තෙගුණ විය හැකි බව මත පලකරයි.
නඩු තින්දූ හේතුකොට ගෙන දේවලයේ පාලනය සම්බන්දව මහාරාජාවරුන්ගේ අධිකාරිය ගිලිහි ගිය අතර, මධ්‍යම රජයේ හා පාරම්පරික පාලනයෙන් සැදුම්ලත් කමිටු මගින් දේවාලයේ වර්තමාන පාලනය ගෙනයයි. එමෙන්ම දේවාලයේ අාරක්ෂාව උදෙසා නවතම ආරක්ෂක උපායමාර්ගද අනුගමනය කොට ඇත.
පද්මනාබාස්වාමි දේවාලයේ නිධානය කරලියට ගෙන ඒමට කටයුතු කල සුන්දර රාජන් මහතා 2011 වසරේදි මියගියේය.
මෙම ධනයට කුමක් කල යුතුද යන්න පිලිබදව කතිකාවතක් ඉන්දියාව තුල පවති. සමහරුන්ගේ මතය නම් දෙවියන් වෙුනවෙක් කැපකල මුදල් වලට අත නොතැබිය යුතුයි යන්නයි. සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙම ධනය මුදල් කොට පොදු ජනයාගේ යහපත වෙනුවෙන් යෙදවිය යුතුයි යන්නයි. ධනයේ අයිතිය සම්බන්දව ද ගැටලු පවති.
අවසන් වශයෙන් පැවසිමට ඇත්තේ,
නීතිය සැමටම ඉහලින් පවතින බවයි.
- රොෂීන් ප්‍රනාන්දු
No comments:
Post a Comment