Wednesday, January 25, 2017

මගේ පියා මරාදැමුවා - මයිකල් ජැක්සන් ගේ දියණිය හෙලිකරයි

පොප් ගායන ලොව රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ මරණය, ඝාතනයක් යැයි විස්වාස කරන බව මයිකල් ජැක්සන් ගේ දියණිය මද වේලාවකට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදි පැවසුවාය.





2009 වසරේ මයිකල් ජැක්සන් මරණයට පත්වීමෙන් පසු ඔහුගේ දියණිය වන පාරිස් ජැක්සන් සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ වසර 7 කට පසුවය. සිද්ධිය සිදුවන විට ඇගේ වයස අවුරුදු 11 වූ අතර දැන් ඇය 18 වැනි වියෙහි පසුවෙයි.

පාරිස් කියා සිටින්නේ 2009 සිදුවු සිද්ධිය හුදෙක්ම අනතුරක් නොවන බවයි. මයිකල් ජැක්සන්ගේ මරණ පරික්ෂණයෙන් හෙලිවූ කරුණු අනුව ඹෟෂධ අධිමාත්‍රයෙන්  ශරිර ගතවීම මරණයට හේතුවී ඇති බවයි.

2011 නොවැම්බරයේදි ජැක්සන් ගේ වෛද්‍යවරයා  ලෙස කටයුතු කල වෛද්‍ය කොන්රාඩ් මුරේ හට අපරික්ෂාකාරි ලෙස කටයුතු කිරිමට වැරදිකරු ව වසර 4 ක සිරදඩුවම් නියම කලේය.    



නමුත් පාරිස් කියා සිටින්නේ මෙය ඖෂධ විෂ විමක්ම නොවන බවයි.

පියාගේ මරණයෙන් පසු පාරිස් දැඩි මානසික පීඩනයකින් පෙලෙමින් පසුව ඇති අතර දිවිනසාගැනිමට පවා උත්සහා දරා ඇත. කවුරු විස්වාස කලත් නොකලත් තම පියාගේ මරණය ඝාතනයක් බව මාධ්‍ය වෙත ඇය තරයේ කියා සිටියාය. 

පාරිස් ජැක්සන් දැනට නිරුපිකාවක් ලෙස හා නිලියක් ලෙස රංගන කටයුතු වල නිරත වේ.

මයිකල් ජැක්සන් ගේ මරණය, ප්‍රෝඩාවක් බවත්, ඔහු ණයබරින් මිදිමට මෙම රගපැම සිදුකල බවත් එකල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ජැක්සන් ගේ රැව සහිත ඡායාරුප කිහිපයක්ද නිකුත් විය.




  

No comments:

Post a Comment