Tuesday, January 31, 2017

ඇසේ දගලන සුදු තිත් මොනවාද?

අහස දිහා බලන් ඉදිද්දි, නැතිනම් නිල් පාට පසුබිමක් දිහා බලන් ඉදිද්දි ඇසේ සුදු පාට දගලන තිත් වගේ දේවල් ඔයාලා දැකලා ඇති. මේ තිත් වැඩිවෙලා තියෙන්නේ නැ. පේනවා නැති වෙනවා.
මේ තිත් මොනවාද? 






මෙය අප Scheerer's phenomenon /  blue field entoptic phenomenon ලෙස හදුන්වන තත්ත්වයයි.

මේ තිත් දැකපු අය දැකලා ඇති, මේ තිත් වැඩි වෙලාවක් පෙන්නේ නැ. විටෙක සීහින් පනුවන් දගලනවා වගේ පෙන්නත් පුලුවන්. 

සුදු රුධිර සෛල,දෘෂ්ඨි විතානය ඉදිරියෙන් ඇති කේෂ නාලිකා තුලින් ගමන් කරද්දි තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ.



එතකොට ගැටලුවක් එයි ඇයි රතු රුධිරානු දායක වෙන්නැද්ද කියලා? හිතෙන්න පුලුවන් සුදු රුධිරානු සුදු වෙන්නැති ඒකයි සුදු ඩොට් පෙන්නේ කියලාත්. එහෙම දෙයක් නෙවෙයි ඇත්තටම.

සුදු හා රතු රුධිරානු නිල් ආලෝක සංඛ්‍යාතය උරා ගන්නේ වෙනස් ආකාරයකට.
ඒ නිසා අඩුවෙන් නිල් ආලෝක සංඛ්‍යාතය උරාගන්න සුදු රුධිරානු නිසා ඇතිවන ගැප්එක, මොලය දෘප්තිමත් ලෙස හදුනාගන්නවා. ඒ නිසායි නිල් වැඩි පසුබිම් වල මේ වැඩේ හොදට වෙන්නේ.
සුදු රුධිර සෛල රුධිර කේෂනාලිකා වල ප්‍රමාණය සමග සාපේක්ෂව සැලකූ කල  විශාලයි. ඒ නිසයි  මේ තිත් දිගටි විදිහට නැතිනම් පනුවන් විදිහට පෙන්න හේතුවව වෙන්නේ. අනික සිරුරේ හෘද ස්පන්දනය අනුව කේෂ නාලිකා තුලින් රුධිර සෛල ගලන වේගය වෙනස් වෙනවා. ඒ නිසායි වැඩි වේලාවක් මේ තිත් නොපෙන්න්නේ.

මේ සිද්දිය ඇසුරින් කේෂනාලිකාවල රුධිර ගැලිම නිරික්ෂණය කරලා වෛද්‍ය  විද්‍යවේදි යොදාගන්නවා විවිධ රෝග අනාවරණය කරගන්න. 

No comments:

Post a Comment