Sunday, January 8, 2017

ටයිටෙනික් වලින් බේරි ටයිටෙනික් වලම රගපෑ නිලිය

ටයිටෙනික් නෞකාවේ ඛේදවාචකය අළලා නිපදවූ පලමු චිත්‍රපටයේ රගපෑවේ ටයිටෙනික් ඛේදවාචකයෙන් බේරුණු නිලියක් බව ඔබ දන්නවාද?





ඇය නමින් ඩෝරති ගිබ්සන් වේ. ඩෝරති ගිබ්සන් ඇමරිකානූ නිහඩ සිනමාවේ පුරෝගාමි නිලියක් ලෙසද සැලකේ.



ඩෝරති ගිබ්සන් ද 1912 වසරේ ටයිටෙනික් නෞකාවේ මංගල ගමනට එක්විය. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට යෑම ඇගේ බලාපොරොත්තුව විය. ඒ වන විට ඇය 22 වන වියේ පසුවිය.

 ටයිටෙනික් මංගල ගමන, අවසන් ගමන වේ යැයි සිතුවේ කවුරුන්ද?  

නැව ගිලෙන අවස්ථාවේදි ජිවිතාරක්ෂක බෝට්ටු අංක 7ට ගොඩවීමට ඇයට වාසනාව ලැබිනි. පලමු වරට දියත් කල ජිවිතාරක්ෂක බෝට්ටුව ද එයයි. බෝට්ටුවේ 65 දෙනකුට ගමන් කිරිමට පහසුකම් තිබුනද,දියත් කරන අවස්ථාවේදි එහි සිටියේ 28 දෙනකු පමණි. 

පසුව ඔවුන්ව RMS Carpathia නෞකාව මගින් බේරාගන්නා ලදි.

නැවත ඇමරිකාව කරා ලගාවිමෙන් පසු තමා මුහුණ දුන් සිද්ධිය පාදක කොට ගෙන ගිබ්සන් විසින් තිරපිටපතක් සම්පාදනය කලේය. ඒ ඇසුරින් Saved from the Titanic නම් චිත්‍රපටය නිපදවිනි.

නැව ගිලෙද්දි ඇය ඇද සිටි ඇදුම 


Saved from the Titanic චිත්‍රපටය Étienne Arnaud මහතා විසින් අධ්‍යක්ෂණය කල අතර නිව් ජර්සි හිදි රෑගත කිරිම සිදුකෙරිනි. ඩෝරති ගිබ්සන් ප්‍රධාන චරිතයට පණ පෙවීය. ඇය සත්‍ය ටයිටෙනික් සිදුවීමේදි ඇද සිටි ඇදුමම, චිත්‍රපටයේ රෑගත කිරිම් දීද යොදාගැනිම  විශේෂත්වයකි.

චිත්‍රපටය වෙත ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිණි. ටයිටෙනික් ඛේදවාචකය අළලා නිපදවූ පලමු චිත්‍රපටයද මෙයයි. එමෙන්ම චිත්‍රපටය නිකුත් වූයේ, ටයිටෙනික් නැව ගිලියාමෙන්  මාසයකට පමණ පසුව යි. 

අද වන විට මෙම චිත්‍රපටයේ දළ සේයාපත් සොයාගැනිමට නොහැකිය. හේතුව නම් චිත්‍රපටයේ අවසාන සේයාපටය ගින්නකින් විනාශ වී තිබිමයි.  

ඩෝරති ගිබ්සන් චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වීමත් සමගම මානසික ව්‍යාකූලභාවයකට පත්විය. ඇය Saved from the Titanic චිත්‍රපටයෙන් පසු නැවත රංගන කාර්යයයෙහි නියලුනේ නැත.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment