Thursday, January 26, 2017

සතුරා ලවා සතුරාගේම ගුවන්යානා පැහැර ගැනිම

ඔයාගේ සතුරාටම කියලා සතුරා ලග තියන දෙයක් පැහැර ගන්න පුලුවන්ද?
නමුත් ලෝක ඉතිහාසයේ එවැනි දේවලුත් වෙලා තියනවා.
මේ කියන්න යන්නේ එවැනි පැහැර ගැනිමක් ගැන.
ලේසි පහසු දේකුත් නෙවෙයි, ගුවන් යානාවක් තමයි පැහැර ගැනෙන්නේ.





මීට පෙර අපි මොසාඩ් සංවිධානයේ වැරදුනු මෙහෙයුමක් ගැන කතා කලානේ. එම ලිපිය කියෙව්වේ නැත්තම් පහලින් කියවන්න පුලුවන්.


දැන් අද කතාවට එමු.

1950 දශකයේ අගභාගයේදි සෝවියට් රුසියාව විසින් එලිදක්වන MiG-21 ප්‍රහාරක ගුවන්යානා  ගැන මිතුරන් අහලා ඇතිනේ. එවකට තිබ්බ වඩාත් බලසම්මපන්න ගුවන්යානාව වූ එය ලොව සාර්ථකම ප්‍රහාර ගුවන්යානාවක් යන්න අවිවාදයෙන් පිලිගත යුතුයි. මේ වගේ දැවැන්ත නිර්මාණයක් එලියට දැම්මාම රැසියාවේ ප්‍රතිවාදියා වෙච්ච ඇමරිකාවටත් ඔච්චමක් නේ. මේ ගුවන්යානාව පැහැරගන්න මොසාඩ් එක තුල සැලසුම් සකස් වෙන්නේ හදුන්වාදුන් මුල් කාලයේදිමයි. 


රැසියාව විසින් MiG-21 ගුවන්යානා සැලකිය යුතු සංඛ්‍යාවක් ඊජිප්තුවට,සිරියාවට හා ඉරාකයට ලබාදෙනවා. ඊජිප්තුවදි MiG-21   ගුවන්යානාවක් අත්පත් කරගන්න ගිහින් මොසාඩ් ඒජන්තවරුන්ට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා. 

මුල් උත්සහයන් අසාර්ථක වුවද, MiG-21 යානාව ලබා ගත හැකි තවත් අවස්ථාවක් ගැන ඉගියක් මොසාඩ් සංවිධානයට ලැබෙන්නේ ඉරාකයේ සිටි  ඔත්තුකරුවකු මගිනි. 




එවකට ඉරාක ගුවන් හමුදාවේ සේවය කල ‘‘මුනිර් රෙද්ෆා‘‘ ක්‍රිස්තියානි ලබ්දිකයෙකි. ක්‍රිස්තියානු ආගමිකයෙකු විම නිසා උසස් වීම් අහිමි විම ගැන සෝ තැවුලෙන් ඔහු පසුවිය. එමෙන්ම ඔහුගේ ගුවන්යානාවට ලබා දෙන්නේද අඩු තෙල් ප්‍රමාණයකි. ඔහු කුර්දි සටන්කාමින්ට විරුද්දව ඉරාකය සිදුකරන ප්‍රහාර හෙලා දැක ඇත. 

වහා ක්‍රියාත්මක වූ මොසාඩ් සංවිධානය, රෙද්ෆා හා මිතුරු වීමට මොසාඩ් ඒජන්තවරියක් එවීය. දක්ෂ ලෙස රෙද්ෆා සමග කුලුපග වූ ඇය, රෙද්ෆා යුරෝපය වෙත ගෙන යාමට නතුකරගෙන ඇත. ඒ අනුව යුරෝපයට යන රෙද්ෆා හා මොසාඩ් ඉහල නියෝජිතයින් අතර සාකච්ඡා සිදුව ඇත. 

මෙහෙයුම සමග සම්බන්ද වීමට නම්, මුදලින්  ඩොලර් මිලියනක්, ඊශ්‍රායලයේ පුරවැසිකම හා රැකියාවක් මෙන්ම ඉරාකයේ සිටින තම පවුල ඉවත්කරගත යුතු බවට කොන්දේසි පනවා ඇත.

කොන්දේසි පිලිබද සමතයකට පැමිණි පසු ඊශ්‍රායලය වෙත යන ඔහු, තමා ගොඩබැසිමට සුදානම් වන  ගුවන් පථය නිරික්ෂණය කර ඇති අතර ඊශ්‍රායල් ගුවන්හමුදාපති සමග සාකච්ඡාවක්ද සිදුකර ඇත.



නැවත ඉරාකය කරා පැමිණි රෙද්ෆා, අවස්ථාව ලද සැනින් 1966 අගොස්තු මස දිනකදි   MiG-21 ගුවන් යානාව රැගෙන ගුවන්ගතව ඇත. ජෝර්දාන ගුවන් ගුවන් සිමාව හරහා ඊශ්‍රායලයේ තම ගමනාන්තය දක්වා ඔහු පියාසර කරවා ඇත. 

මේ අතරතුර ඉරාකයේ සිටි මොසාඩ් නියෝජිතයින් හා කුර්දි සටන්කාමින් එක්ව රෙද්ෆාගේ පවුලේ සාමාජිකයින් ඉරාකයෙන් ඉවත්කරගෙන ඇත.

පැහැරගත් MiG-21 යානාව  ඊශ්‍රායල් පරික්ෂකයින් විසින් පරික්ෂණ වලට භාජනය කල අතර පසුව යානාව ඇමරිකාව වෙත ලබාදෙන ලදි.   

මෙම මෙහෙයුම Operation Diamond ලෙස හැදින්වෙන අතර, මොසාඩ් සංවිධානයෙන් සිදුකල සාර්ථකම මෙහෙයුමක් ලෙස හැදින්වේ.

-රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment