Saturday, January 14, 2017

ලොව එලිය දැක මිනිත්තුවෙන් හදවත් සැත්කමක්

මේ කියන්න යන්නේ ලොව එලිය දැකලා මිනිත්තුවක් තුල හදවත් සැත්කමකට ලක්වූ දැරියක් ගැනයි.




ඇය නමින් චැනල් මුරිශ්. ඉපදී කෙටිම කලක් තුල හදවත් සැත්කමකට ලක්වීමේ ගිනස් වාර්ථාට හිමිකම් කියන්නේද ඇයයි.

චැනල් ගේ දෙමාපියන් වන්නේ ෆේ හා මයිකල් යුවලයි. ෆේ ගැබ්ගෙන සති 20 තුල කල ස්කැන් පරික්ෂණයේදි දරුවාගේ හදවතේ එක්පැත්තක් පමණක් නිසි ලෙස ක්‍රියාකරන බව හෙලිවූනා. මෙම මාරාන්තික අවස්ථාවක්.මෙවැනි දරුවන් ජීවත් විමේ සම්බාවිතාව අඩුයි. ඔවුන් දෙදෙනාට යෝජනා වූයේ මෙම දරුවා ගබ්සාවකට ලක්කරන ලෙස හෝ ඉපදී ඉතා සුලු වේලාවක් තුල සැත්කමකට ලක්කිරිම සිදුකල යුතු බවයි.


ගබ්සා යෝජනාව අත්හල මුරිශ් යුවල දැරියට මෙලොව ඉපදීමට අවස්ථාව ලබා දුන්නේ සැත්කමේ සාර්ථක වීමේ ඇති අවම වාසනාව හෝ උරගා බැලිමේ අරමුණින්

මුරිශ් යුවල


ඒ අනුව චැනල් මෙලොව එලිය දුටුවා. නමුත් අයට මවු තුරුලට යාමට පලමුව වෛද්‍යවරුන්ගේ තුරුලට යෑමට සිදුවූවාය. සැවොම පුදුම කරවමින් චැනල්ගේ සැත්කම සාර්ථක වුනා. මෙලොව එලිය දැක මිනිත්තුවකින් හදවත් සැත්කමට ලක්වූ චැනල් ඉතා කෙටි කලකින් සැත්කමකට ලක්වූ පුද්ගලයා බවට පත්වුනා.



නමුත් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනිමට චැනල් හට අවුරුදු 3 ඉක්මවූ පසු තවත් සැත්කමට ලක්වීමට සිදුවනවා.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment