Saturday, January 28, 2017

ඛේදවාචකයකින් අවසන් වූ ඇපලෝ 1 ගමන

සද තරණය කල ඇපලෝ මෙහෙයුම් පලමු මෙහෙයුම වන ඇපලෝ  1 අනතුරකට පත්ව අදට (ජනවාරි 27) වසර 50ක් සපිරෙනවා. 




නාසා ආයතනය දියත් කල ඇපලෝ මෙහෙයුමේ මිනිසුන් ගෙනයැමට සැලසුම්කල පලමු මෙහෙයුම වූයේ ඇපලෝ 1 මෙහෙයුමයි.

1967 පෙබරවාරි 21 වන දින ඇපලෝ 1 මෙහෙයුම යටතේ කෙනඩි තුඩුවෙන්  යානාව ගුවන්ගත කරන්නට සැලසුම් කර තිබුනා. 

මෙහෙයුම සදහා Gus Grissom,Edward H. White,Roger B. Chaffee යන ගගනගාමින් තොරාගෙන තිබුනා.

වම සිට දකුනට : White, Grissom, Chaffee


1967 ජනවාරි 27 වෙනි දින, පෙර පුහුනුවිම් අතරතුර නියමු කුටියේ ඇතිවූ ගින්නකින් ගගණගාමින් තිදෙනාම ජිවිතක්ෂයට පත්වෙනවා. 

යානය තුල විදුලි කාන්දුවක් නිසා ගින්න ඇතිවි, යානාව තුල පැතිර ගොස් තිබෙනවා. යානාවේ වූ ගිනිඇවිලෙන සුළු නයිලෝන්, අධික ඔක්සිජන් සාන්ද්‍රණය ද ගින්න වේගයෙන් පැතිරිමට බලපා තිබෙනවා. එමෙන්ම අනතුරට පත් පිරිස් බේරාගැනිමට නිසි යාන්ත්‍රණයක්ද තිබි නැ.

පුහුනුව අතරතුර


මෙම අනතුර ඇපලෝ මෙහෙයුම සදහා දැඩි බලපැමක් කල අතර, ඉදිරි මෙහෙයුම් තාවකාලිකව නතර කර දමනු ලැබුවා. 

ඇපලෝ 1 අනතුරින් පසු, පලමුව මිනිසුන් පිරිසක්  අභ්‍යවකාශට ගෙන ගිය ඇපලෝ මෙහෙයුම  සිදුවන්නේ 1968 ඔක්තොම්බරයේ දී ඇපලෝ 7 මෙහෙයුමයි.  



ඇපලෝ 1 අනතුරින් උගත් පාඩම් ඇපලෝ මෙහෙයුම සාර්ථක කරගැනිමට දායක වුනා. ඇපලෝ කියු සැසින් බොහෝ දෙනෙකුට මතකය නැගෙන්නේ ඇපලෝ 11 යානාව වුවත්, ඒ පිටුපස බොහෝ දෙනෙකුගේ කැපකිරිම් සැගව තිබෙනවා. එමෙන්ම සද මත අවසන් වරට ඇවිද ගිය ඉයුජින් සර්නන් මහතා පසුගිය දිනෙක අප හැරගිය බවද සංවේගයෙන් මතක් කර සිටිමු.

- රොෂින් ප්‍රනාන්දු   

No comments:

Post a Comment