Friday, January 6, 2017

වෛද්‍ය ඇක්ලාන්ඩ් අතැර ගොස් වසරයි

වෛද්‍ය ඇක්ලාන්ඩ් නාමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  කාටත් හුරුපුරුදු නාමයකි.
 ඒ විශිෂ්ඨයා නික්ම ගොස් වසරක් සපිරෙන අද (ජනවාරි 06) ඔහු වෙනුවෙන් මෙම කෙටි සටහන තබමි.







වෛද්‍ය රොබර්ට් ඇක්ලාන්ඩ් (1941- 2016) දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. ප්ලාස්ටික් සැත්කම් වල හා අන්වික්ෂිය සැත්කම් වල පුරෝගාමියෙකු ලෙස වෛද්‍ය ඇක්ලාන්ඩ් සැලකේ.

එතුමා විසින් නිර්මාණය කල Video Atlas of Human Anatomy නිසාවෙන්, වෛද්‍ය විද්‍යාව හදාරන්නන් හට එතුමාව නැතිවම බැරිය.

ලොව මුලින්ම නිපදවමූ මයික්‍රෝ සර්ජරි උපාංගයක් වන Acland micro-vessel clamp මෙන්ම,10-0 නයිලෝන් මැස්ම හා ඉදිකටුවද මෙතුමාගේ නිර්මාණයකි. 

ශල්‍ය විද්‍යාවේ රතු පොත ලෙස හදුන්වන Acland's Practice Manual for Micro-vascular Surgery ද මෙතුමාගේ දායාදයකි.


මෙතුමා ව්‍යවච්ජේද විද්‍යාවට (Anatomy) දියුණු කිරිමෙහි දා දැක්වූ දායකත්වය මෙතෙකැයි කිවනොහැක.
- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment