Monday, January 23, 2017

පරීක්ෂණ වලට විකිනීමට ඝාතන කල Burke and Hare

වෛද්‍ය සිසුන්ට හා වෛද්‍ය පර්යේෂකයින්ටත් විවිධ අධ්‍යයන කටයුතු සදහා මිනිස් සිරුරු අවශ්‍ය වනවා.
සිරුරු වල අවශ්‍යතාව අධිකව දැනුනු අවස්ථාවක මුදල් උපයාගැනිම උදෙසා මිනි මැරු දාම ඝාතකයින් දෙදෙනකු විසින් සිදුකල ඝාතන මාලාවක් ගැනයි මේ කියන්න යන්නේ.






19 වැනි සියවස තුල එඩින්බරෝව යුරෝපයේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපන කෙන්ද්‍රයක් වෙලා තිබුනා. මේ නිසා කාය විච්ඡේදනයට සදහා අවැසි සිරුරු (cadavers) සදහා වැඩි ඉල්ලුමක් එඩින්බරෝව තුල පැවතුනා. ස්කොට්ලන්තයේ පැවැති දැඩි නිතී නිසා කැඩවර්ස් සපයාගැනිම පහසු වුනේ නැ. මේ නිසා වලලා ඇති මිනි ගොඩ දැමිම බහුලව සිදුවුනා. බොහෝ විට ජාවරම්කරුවන් විසින් මිනි ගොඩ දමා, කැඩවර් අවැසි පුද්ගලයින් වෙත විකිනිම බහුලව සිදුවුනා. මේ නිසා සුසාන භූමි තුල විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වුනා වළ දමා ඇති සිරුරු ආරක්ෂාකරගන්නට.

සිරුරු ආරක්ෂා කරගැනිමට යෙදු ආවරණ

මෙවැනි තත්ත්වයක් තුලයි අපේ කතා නායකයින් දෙදෙනා වන විලියම් බර්ක් හා විලියම් විලියම් හෙයර් කියන පුද්ගයින් දෙදෙනා ජීවත් වන්නේ.

වෛද්‍ය රොබර්ට් නොක්ස්


හෙයර් හා ඔහුගේ බිරිද  විසින් කුලි නිවස්නයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම කුලි නිවස්නයේ රැදිසිටි ඩොනල්ඩ් නම් පුද්ගලයෙකු රෝගි තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ආර්ථික අපහසුතා යටතේ ජිවත් වූ හෙයර් හා ඔහුගේ මිතුරු බර්ක් තිරණය කර ඇත්තේ ඩොනල්ඩ්ගේ මළ සිරුර විකුනා මුදල් ලබා ගැනිමටයි. ඒ අනුව ඔවුන් දෙදෙනා එඩින්බරෝ විශ්වවිද්‍යාලයට යන්නේ ගැනුම්කරුවකු සොයාගැනිමේ අරමුනින්. ඔවුන්ගේ ගැනුම්කරුවා වන්නේ වෛද්‍ය රොබර්ට් නොක්ස් මහතායි. වෛද්‍ය නොක්ස් සිරුර මිලදිගනු ලබන්නේ පවුම් 7 සිලින් 10 ක මුදලකටයි. 

මළ සිරුරු විකිනිමේ ලාභය දුටු මිතුරන් දෙපල ඊලගට යොමු වන්නේ සිරුරු ලබාගැනිම වෙනුවෙන් ඝාතන සිදුකරිමටයි. ඔවුන්ගේ පලමු ඝාතනය කවුරුන්දැයි තහවුරු කරගෙන නැතත්, එම පුද්ගලයා හෙයර් ගේ කුලි නිවස්නයේ ලැගුම්ගෙන සිටි පුද්ගලයකු බව සැලකේ. ඝාතනය කල පුද්ගලයාගේ සිරුර ඔවුන් විසින් වෛද්‍ය නොක්ස් වෙත අලෙවි කර ඇත්තේ පවුම් 10 ක මුදලකටයි.


ඉන්පසු ඔවුන් දෙදෙනා නවාතැන්කරුවන් ගනනාවක් මරා දමා සිරුරු අලෙවි කර ඇත. එම මළසිරුරු පවුම් 8,10 වැනි  මුදලකට අලෙවිකර ඇති බව සැලකේ. බර්ක් පසුව කල පාපොච්ඡාරණයකදි පවසා ඇත්තේ මළසිරුරු සැපයීමේදි වෛද්‍ය නොක්ස් මෙම සිරුරු ලැබුනු ආකාරය ගැන කිසිදු පැණයක් නොඇසු බවයි.ඔහු සැලකිලිමත් වී ඇත්තේ මළසිරුරේ තත්ත්වය ගැන පමණි.

Daft Jamie

බර්ක්-හෙයර් විසින් නවාතැන්කරුවන්ට අමතරව බාහිර පුද්ගලයින්ද ඝාතනය කොට ඇත. එක් අවස්ථාවකදි, එඩින්බරෝ හි යාචකයකු වූ Daft Jamie නැමැති ආබාදිත පුද්ගලයකුද ඝාතනය කර ඇත. එම සිරුරද වෛද්‍ය නොක්ස්ට අලෙවි කර ඇති අතර, නොක්ස් ගේ සිසුන් විසින් ජේමිස් හදුනාගෙන ඇත. එවිට නොක්ස් විසින් මළසිරුරේ හිස හා පාද ඉවත්කර ඇත්තේ, ජේමිගේ සිරුර හදුනාගැනිම වැලැක්වීම සදහායි.

මාග්‍රට් ඩොක්‍රටී

බර්ක්-හෙර්ගේ අවසන් ගොදුර වන්නේ මාග්‍රට් ඩොක්‍රටී නම් කාන්තාවකි. ලැගුම්හලේ නවාතැන්ගැනිමට පැමිණි ඇයව රාත්‍රියේදි මරා කාමරයක සගවා ඇත. පසුදින උදැසන බර්ක් හා හෙයාර් හා ඔවුන්ගේ බිරින්දැවරුන්ග් හැසිරිම ගැන සැකසිතු තවත් නවාතැන්කරුවකු විසින් කල පරික්ෂාකිරිමකදි ඩොක්‍රටී ගේ සිරුර හමුවි ඇත. ඔහු විසින් මේ ගැන පොලිසියට පැමිණිලිකරිමට යාමේදි  බර්ක් හා හෙයාර් විසින් සිරුර වෛද්‍ය නොක්ස් වෙත විකුනා ඇත. පැමිණිල්ල අනුව පරික්ෂණ  කල පොලිසිය ඩොක්‍රටීගේ සිරුර නොක්ස්ගේ චිකිත්සාගාරයෙන් සොයාගෙන ඇත.



නඩු විභාගයේදි සිදුකල ඝාතන සම්බන්දව බර්ක් විසින් පාපොච්ඡාරණයක් සිදුකර අතර, එම පාපොච්ඡාරණය නිසා වෛද්‍ය නොක්ස් අපරාධ චෝදනා වලට බේරුනා. බර්ක්- හෙයර් විසින් ඝාතන 16ක් සිදුකර ඇතිබව හෙලිවිය. නඩුවේදි හෙයර් රජයේ සාක්ෂිකරුවකු බවට පත්විය. ඒ නිසා එල්ලුම්ගසෙන් බේරිමට හෙයර් ට හැකිවිය.



චෝදනා වලට වැරදිකරු බවට පත්වූ විලියම් බර්ක් හට මරණ දඩුවම නියම විය. 

ප්‍රදර්ශණයට තබා ඇති බර්ක් ගේ අස්ථි
බර්ක් ගේ හමින් කල පොත

එල්ලා මරාදැමිමෙන් පසුව බර්ක් ගේ සිරුර ද විච්ඡේදනයට ලක්කල අතර, ඔහුගේ හිස අදත් එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයේදි දැකගත හැක. බර්ක් ගේ හම උපයෝගිකර ගනිමින් පොත් කවරයක් ද නිර්මාණය කලේය.

- රොෂීන් ප්‍රනාන්දු 


No comments:

Post a Comment