Saturday, January 21, 2017

උදැසන ශිෂ්ණය ප්‍රාණවත් විම ගැටලුවක්ද?

පිරිමියෙක් නම්, ඔයා අත්දැකලා ඇති නින්දෙන් නැගිටින කොට ශිෂ්ණය ප්‍රාණවත් වෙලා තියනවා. 
ඇයි මෙහෙම වෙන්නේ?
විවෘතව කතා කරන්න කැමති නැති වෙන්න පුලුවන්
ඒ නිසා දුර්මත දුරු කරන්න මේ ලිපිය ලියන්න හිතුවා.     

    



+  ඇත්තටම මොකක්ද මේ?
මේක විද්‍යාත්මකව හදුන්වන්නේ NPT(Nocturnal penile tumescence) කියලා. 
මේක සාමාන්‍ය නිරෝගි පිරිමි සිරුරක වෙන දෙයක්. නින්දෙන් නැගිටිනකොට පෙනුනාට නිදාගෙන ඉදිද්දි 3 - 4 පාරක්ම ශීෂ්ණය ප්‍රානවත්විම වෙනවා. පිරිමියා ඉන්න වයසේ බලපැමක් නැ. කුඩා දරුවෙකුගේ උනත් බය වෙන්න දෙයක් නැ. සාමාන්‍යයි. 

+ නින්දෙදි වෙනවානම් නැගිටිනකොටත් තියෙන්නේ ඇයි?
අපි නිදාගනිද්දි ඩෝං ගාලා එක පාරටම ගැබුරු නින්දට පත්වෙන්නේ නැනේ. අත්දැකිම් ඇතිනේ. ක්‍රම ක්‍රමයෙන් තමයි ගැබුරු නින්දකට පත් වෙන්නේ.

ඒ වගේම අපි නිදාගෙන ඉන්න කාලය තුල ගැබුරු නින්දේම නෙවෙයි ඉන්නේ. ගැබුරු නින්දේ ඉදලා නොගැබුරු නින්දට එනවා. ආයි ගැබුරු නින්ද පැත්තට නැබුරු වෙනවා. ( 1,2..කියලා අවධි වෙන්කරලා තියනවා. නමුත් ඒවා සදහන් නොකරන්නේ පැහැදිලිකිරිම සංකිර්ණ වන නිසායි)

මෙ චක්‍රය කීප වරක්ම නින්දේදි වෙනවා. අපිට නොගැබුරු නින්දෙදි තමයි ඔය හින එහෙම පෙන්නේ. අනික ඒ වෙලාවෙදි ඇගේ මසල්ස් එහෙමත් වැඩ කරනවා. ඔන්න ඔය වෙලාවලදි තමයි නින්දෙදි වෙනවා කිව්ව ශිෂ්ණය ප්‍රාණවත්විම වෙන්නේ.

අපි නැගිටින්නෙත් නොගැබුරු නින්දේ ඉදන් නිසා තමයි, නැගිටිනකොටස් ශීෂ්ණය ප්‍රාණවත්‍ වෙලා තියෙන්නේ.

+ මේකට හේතුව මොනාවාද?
ඇත්තටම තක්කේටම මේකමයි කියන්න පුලුවන් හේතුවක් තාමත් හොයාගෙන නැ. ‍ නමුත් හේතු කිහිපයක් නිසා වෙන්න පුලුවන් කියලා මත තියනවා.

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ශ්‍රාවය වීම නිසා,  රුධිරයේ නයිට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යෑම, මුත්‍රා එක්රැස්ව  මුත්‍රාශය පිම්බිම නිසා සැක්රල් ස්නායුව උත්තේජනය වීම වගේ හේතු බලපානවා.

ඒ වගේම දකින හීන ත් ලොකු බලපෑමක් කරනවා. සිහින මගින් ශුක්‍ර මෝචනයක් කරන්න පුලුවන්. මේ අතරින් වැඩියෙන්ම බලපානවයි කියලා කියන්නේ ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය තමයි.

+ මෙහි වැදගත්කමක් තියනවාද?
ඔව් තියනවා. යම් පුද්ගලයකුට  ලිංගික අප්‍රාණිකත්වයට ඇති විට එය කායික ගැටලුවක් නිසා ඇතිවූද නැතිනම් මානසික ගැටලුවක් නිසා ඇතිවූවාද කියා සොයාගැනිමට මෙම ප්‍රානවත්වීම වැදගත්. කායික රෝගයක් නිසානම් මෙම ප්‍රාණවත් වීම වෙන්නේ නැ.මානසික  ගැටලුවකදී නම් අවදියෙන් සිටිද්දී ලිංගික අප්‍රාණිකත්වයක් පෙනෙන්නට තිබුනද  නින්දේදී ප්‍රාණවත් වීම ඇතිවේ. 

NPT පුරුෂ ලිංගේන්ද්‍රියේ මනා සෞඛ්‍ය පැවැත්ම සඳහා වැදගත්වන බව සැලකෙනවා.  

ඕනාවට වඩා ඕනදෙයක් හොද නැ. මේකත් එහෙම තමයි. නින්දෙන් නැගිටමත් ඕනවාට වඩා තිබුනොත් වෛද්‍ය උපදෙස් ගත්තාට වෙන අවැඩක් නැ. ලැජ්ජා වෙන්න එපා.

ඕක ඔයාගේ ඇග. ඔයා ගේ ඇගේ වෙන දේවල් ගැන ඔයා දැනගන්න එක ඔයාගේ වගකිමක්.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

No comments:

Post a Comment