Monday, January 9, 2017

ජයරත්න ලගත් නැති බෙල් ගහන මිනි පෙට්ටි

මීට ශතවර්ෂ ගණනාවකට පෙර, බෙල් එකක් සහිත ආරක්ෂිත මිනි පෙට්ටි වලට හොද ඉල්ලුමක් තිබුනා.
ඒ ඇයි ?



18 හා 19 වැනි සියවස් වල ලොව පුරා කොලරා වසංගතය දරුණු  ලෙස පැතිර ගියා. වසංගතයට ගොදුරු වීමෙන් විශෘල පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්වුනා. 

එකල පැවැති වෛද්‍ය විද්‍යාෙව් නොදියුණු කම හේතුවෙන් පුද්ගලයින් සත්‍ය ලෙසම මිය ගියාදැයි නොදැන වලදැමූ අවස්ථා තිබුනා. භූමිදානය කරන ලද පුද්ගලයින් නැවත ගොඩගැනිමේදි, ඔවුන් මිනි පෙට්ටියෙන් එලියට යෑමට උත්සහ දරා ඇති ආකාරයක් දකින්නට ලැබුනා. ඔවුන්ගේ සිරුරු මතුපිට තුවාල සලකුණු ද දකින්නට ලැබුනා. 

මේ නිසා බොහෝ දෙනෙකුට තමන් පණපිටින් භූමිදානය කරතැයි දැඩි බියකින් පසුව තිබෙනවා.

මෙන්න මේ බය නැති කරන්න තමයි බෙල් සහිත විශේෂීත මිනිපෙට්ටියක් යුරෝපය පුරා ප්‍රචලිත වන්නේ.




මෙහිදි මිනි පෙට්ටියට සවිව විශේෂිත යාන්ත්‍රික කොටසක් සහිතයි. මිය ගියා යැයි සිතා වල දමාතිබුනහොත් සිහිය පැමිනි විට මිනිපෙට්ටිය‍ේ ඇති ලණුව ඇදිම මගින්, භූමිය මත ඇති බෙල් එක නාද වෙනවා. ඒ අනුව අදාල පුද්ගලයාව නැවත ගොඩගත හැකියි. මෙම මිනි පෙට්ටි ගැන අවධානයෙන් සිටිමට සුසාන භූමියේ විශේෂිත රැකවලෙක්ද සිට තිබෙනවා.

විශ්මය දනවන කාරනාව නම් මෙම විශේෂිත මිනි පෙට්ටි නිසා දිවි බේරාගත් පුද්ගලයින් ද සිටිනවා.

ඉංග්‍රිසි භාෂාවට "saved by the bell", "dead ringer"  යන වැකි එක්වූයේද මෙම විශෞෂිත මිනිපෙට්ටි නිසාවෙනි.

විවිධ මාදිලියේ විශේෂිත ආරක්ෂිත මිනි පෙට්ටි දහස් ගනනක් අලෙවි වි ඇති අතර, මේ සදහා පේටන්ට් බලපත්‍ර ද හිමිව තිබෙනවා.    

- රොෂීන් ප්‍රනාන්දු     

No comments:

Post a Comment